විදුලි බිල අඩු කරගන්න කල හැකි දේවල් මෙන්න..

0

වසර දහයක්‌ පමණ කාලයක්‌ තුළ විදුලි බිල 4 ගුණයකින් පමණ වැඩිවී තිබෙනවා. දැන් බොහෝ දෙනෙක්‌ විදුලි බිල ගෙවා ගැනීමේ අපහසුව නිසා විදුලි උපකරණ භාවිතය අවම කරලා තිබෙනවා. නමුත් එදිනෙදා වැඩ කරගැනීමේ පහසුවත් සලසාගෙන විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරනවා නම් වැඩි විදුලි බිලක් එන එක වලක්වා ගන්න පුළුවන්. ඒ සඳහා කල හැකි දේවල් පහතින් දැක්වේ..

01. විදුලි පංකා භාවිතය

Ceiling Fan සඳහා සිටුවා තබන(Pedestal)විදුලි පංකා සහ මේස විදුලි පංකා සඳහා වය වන විදුලියට වඩා දෙගුණයක පමණ විදුලි ප්‍රමාණයක් වැය වේ.
මේ නිසා සිටුවා තබන(Pedestal)විදුලි පංකා සහ මේස විදුලි පංකා භාවිතයට යොමුවන්න.

02. වායුසමන යන්ත්‍ර භාවිතය

උදේම වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කරලා පරිසරය සිසිල් උනහම, A/C එක ඕෆ් කරලා ෆෑන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එමගින් දවසම සිසිල්ව සිටින අතරේ විශාල විදුලි පිරිමැසීමක් කරන්න පුලුවන්. වායු සමීකරණය කර ඇති කාමර වල වාතය කාන්දු නොවන ලෙස අලුත්වැඩියාවන් කර ගන්න. එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයට පමණක් උෂ්ණත්වය අඩු කරන්න.අංශක එකක අඩු වීමකදී වියදම 4%කින් පමණ වැඩි වේ.

03. ශීතකරණ භාවිතය

* සාමාන්‍ය නිවසක වැය වන විදුලි ඒකකවලින් 30%-50% අතර ප්‍රමාණයක් ශීතකරණ සඳහා වැය වේ.

සාමාජිකයන් අඩු නිවෙස් වල වැඩි වොට් ගණනක් වැය වන විශාල ශීතකරණයක් භාවිතා නොකර අඩු වොට් ගණනක් වැය වන කුඩා ශීතකරණයක් භාවිතා කිරීමෙන් විදුලි බිල අඩු කරගත හැක. ශීතකරණය තැබීමේදී බිත්තිය හා ශීතකරණය අතර යම් දුරක් තැබීමෙන් පිටුපසට හොඳ වාතාශ්‍රයක් ලැබී ශීතකරණයේ පිටුපස සිසිල්වීම ඉක්මන් වේ. ශීතකරණය ඍජුව හිරු රැස් පතිත වන හෝ උඳුනක් සමීපයේ ඇති ස්ථානයක තැබීමෙන් ශීතකරණයට වැඩි විදුලියක් භාවිතා කිරීමට සිදු වන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. තවද උණුසුම් ආහාර දැමීමට ඇත්නම් ඒවා කාමර උෂ්ණත්වයට පත්වීමට තබා ශීතකරණය තුල තැන්පත් කිරීම මගින් ශීතකරණය වය කල යුතු ශක්තිය අවම වේ. ශීතකරණයේ දොර නිතර ඇරීමෙන් වලකින්න.

04. රෙදි සෝදන යන්ත්‍ර භාවිතය

දිනපතා රෙදි සෝදන යන්ත්‍රය භාවිතා කිරීමෙන් විදුලි බිල වැඩි විය හැක. මේ නිසා රෙදි එකතු කර සතියට වරක් හෝ දෙවරක් වශයෙන් එකවර සෝදන්න. එමගින් විශාල විදුලිය පිරිමැස්මක් සිදු කරගත හැක. හැකි සෑම විටම රෙදි අව්වේ වියලා ගන්න වියළීමේ යන්ත්‍රවලට අධික ශක්තියක් වැය වේ.

05. විදුලි ඉස්ත්‍රික්ක භාවිතය

විදුලි ස්ත්‍රික්කයෙන් වරින් වර රෙදි මදිමේදී වැඩි විදුලියක් එයට වැයවෙයි. එම නිසා හැකි සෑම විටම රෙදි සියල්ල එකවර මැදගන්න. එවිට එය කිහිපවරක් රත් කිරීමට යන විදුලිය ඉතිරි වේ. තෙත රෙදි මැදීම අත්‍යවශ්‍ය විට පමණක් සිදු කරන්න.නැතහොත් ජලය වාෂ්ප වීමට අවශ්‍ය තාප නිපදවීමට අධික විදුලියක් වැය කල යුතුය.

06. වතුර උණු කිරීම Water Heater

වතුර උණුකිරීම සඳහා විදුලිබලය පාවිච්චි කිරීම ඉතාමත් වියදම් අධික කාර්යයකි. එමනිසා එවැනි කටයුතු සඳහා විදුලි උපකරණ භාවිතය හැකිතාක් අවම කර දර සහ ඉන්ධන භාවිතයට ගන්න.

07. LED විදුලි බුබුළුවලට මාරුවන්න

LED විදුලි බුබුළුවලට වැය වන්නේ අඩු විදුලි බලයකි. සුත්‍රිකා බල්බයක වොට් 40කින් ලබාගත් හැකි ආලෝකය LED බල්බයකින් වොට් 7කින් පමණ ලබාගත හැක. කෙසේවෙතත් විදුලි ආලෝකය භාවිතය අරපිරිමැස්මෙන් සිදු කරන්න. රාත්‍රියේදී අවශ්‍ය ප්‍රමාණයට පමණක් විදුලි බල්බ දල්වන්න. තමන්ගේ වැඩ කටයුතු සිදු කරගත් පසු විදුලි බුබුළු නිවා දමන්න. දහවල් කාලයේ විදුලි බල්බ දැල්වීමෙන් වලකින්න අඳුරු ස්ථාන ඇත්නම් එලිය වැටෙන සේ සකසාගන්න.

08. රූපවාහිනී, V.C.D./D.V.D. යන්ත්‍ර භාවිතය

රූපවාහිනී, V.C.D./D.V.D. යන්ත්‍ර ක්‍රියා විරහිතව තබන විට විදුලි සැපයුමේ හෝ යන්ත්‍රයේ ඇති ස්විච්චයෙන්ම ක්‍රියා විරහිත කරන්න.එසේ නොමැතිව දුරස්ථ පාලකයෙන් ක්‍රියා විරහිත කළහොත් (standby mode) රුපවාහිනී යන්ත්‍ර සඳහා 18W-25W පමණ ද V.C.D./D.V.D. යන්ත්‍ර සඳහා 11W-20W පමණ ද වැය වේ. එමෙන්ම පැරණි රුපවාහිනි යන්ත්‍ර වෙනුවට LCD හෝ LED රූපවාහිනි භාවිතා කරන්න.

Leave a comment

Comments