අනුන්ට ඉරිසියා කරන කාන්තාවන්ට උපදෙස් 12 ක්

කාන්තාවකට මේ සමාජයේ ජීවත් වීම හරිම අමාරුයි ඒ බව දැන දැනත් දැනත් ඇයි අපි තව ගැහැනියක් වට්ටන්න උත්සහ කරන්නේ? ආත්ම ගරුත්වයක් හා ශක්තියක් නැති දුර්වල පුද්ගලයන් තුලින් නපුරු බව මතු වේ. කුඩා කළ පටන්ම අපට උගන්වන්නේ එකිනෙකා සමග තරඟ කරන්න. ඒත් දැන් මේ ක්‍රමය නවත්වන්න කාලය ඇවිත්.

එකිනෙකාව පරයා යන්න හේතුවන මුල්ම හේතුව තමයි ඊර්ෂ්යාව. තමන්ට වඩා ලස්සන, තමන්ට වඩා හොඳ පවුල් ජීවිතයක් ගත කරන, තමන්ට වඩා හොඳ රැකියාවක් කරන අයෙකු දුටු විට කෙනෙකුට මෙම ඉරිසියාකාරී හැඟීම් ඇති වෙන්න පුළුවන්.

එමෙන්ම ගෙදර දොර කටයුතු නිසි ආකාරව කරගැනීමට නොහැකි වීම, සාර්ථක මවක් වීමට නොහැකි වීම, ආදි දේවල් නිසාද අන් අයට ඉරිසියා කිරීමට පෙළඹේ. ඒ වගේම ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් ආදියේ පෙන්වන තරම් මිනිසුන්ගේ ජීවිත සුන්දර නැත. බොහෝ විට ඒවායේ ඇත්තේ මවාපෑමකි. සැබෑ ජීවිතයේදී ඔවුන්ගේ ජීවිත බොහෝ කම්මැලි හෝ දුක්ඛිත වේ.

ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ කාන්තාවක් ලෙස ආත්ම අභිමානය වැඩි කර ගන්නේ කොහොමද කියලයි. අනික් කාන්තාවන්ව වට්ටන්න උත්සහ කරන කාන්තාවන්ට මෙන්න මේ ටික වැදගත් වෙයි.

1. ගොඩක් බුද්ධිමත් අය අදහස් පිලිබඳ සාකච්චා කරති, සාමාන්‍ය තරමින් බුද්ධිමත් අය අවස්ථා පිලිබඳ සාකච්ඡා කරති, මෝඩ අය මිනිසුන් පිලිබඳ සාකච්ඡා කරති.

2. අනෙක් අයව වට්ටන්න උත්සහ කරන එකෙන් ඔබ ලෝකයට පෙන්වන්නේ ඔබ ඔබේ සාර්ථකත්වය ගැන සිතනවාට වඩා අනෙක් අයට රිදවීමට උත්සහ ගන්න බවයි.

3. අවට මොනවද සිද්ද වෙන්නේ කියල නොසලකා හැර සිටීමෙන් කිසිවක් සිදු වන්නේ නැහැ. අපි නිහඬව සිටිය යුතු නැහැ. එයන් හිරිහැර කරන්නන් තවත් දිරිමත් වේ.

4. තමන්ගේ වටිනාකම දන්නා ගැහැනියක් කිසිදා තමාව අනෙකකා හා සංසන්දනය නොකරයි. ඇය නිතර ශක්තිමත්ව ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි.

5. ශක්තිමත් කාන්තාවන් අනෙක් කාන්තවද ශක්තිමත් කරයි. කාන්තාවන් එකිනෙකාට උදව් කරගැනීමෙන් අපුර්ව දේවල් සිදු වේ.

6. පසුගාමී අදහස් කිසිදාක සාර්ථක සහ ධනාත්මක ජීවිතයක් ඔබට ලබා නොදෙයි.

7. තවත් කෙනෙක්ව පහත හෙලීමෙන් ඔබ කිසිදාක උසස් තත්ත්වයට යන්නේ නැත. හැමෝටම වැදගත් වන කෙනෙකු වීමට උත්සහ ගන්න.

8. සැබවින්ම සමාජ පන්තිය තීරණය වන්නේ ඔබ අවස්ථාවට, වෙලාවට අනුව කථා කිරීමටත් නිසි තැනදී කතාව නතර කිරීමටත් දැනගනීමෙනුයි.

9. ඔබ ඉතා ප්‍රියමනාප දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔබ නපුරු නම් කවුරුත් ඔබව මතක තබා ගන්න එකක් නැහැ.

10. ඔබට හැකි හැමවිටම අන් අයට කාරුණික වෙන්න.

11. කරුණාවන්ත වචන කෙටි සහ කථා කරන්න බොහොම පහසු ඒවා වෙන්න පුළුවන්, එහෙත් එහි දෝංකාරය කිසිදා නොනවතී.

12. අනෙක් කාන්තාවන් යනු ඔබගේ තරඟකරුවන් නොවේ. ඔවුන්ට විරිද්ධව නොව ඔවුන් සමගම නැගී සිටින්න.

Leave a comment

Comments