ඔබේ බිරිඳට ඔබව එපා වෙන්න හේතු මෙන්න..

0

අද කාලේ පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් වැඩියි. අපේ මුතුන් මිත්තන්ට අනුව පිරිමියෙක්ගේ භූමිකාව ගොඩක් සරල වුනා. පවුලට අවශ්‍ය ආහාර සහ ආරක්ෂාව සැපයීමේ සිට අද ඔබේ ජවනිකාව පුළුල් වෙලා. ඔබට පුරුදු නැති දෙයක් වුනත් ඔබ පිරිමියෙක් ලෙස පවුලේ කටයුතු වලට බේදයකින් තොරව සහභාගී විය යුතුයි. සංවේදී විය යුතුයි. හොඳ අසන්නෙක් විය යුතුයි. ඒ අතරම උපයන්න සහ ශක්තිමත් වෙන්නත් ඕනේ. මේ භූමිකා දෙකම එකට ගෙන යාම අසීරු ඇති.

අමතක නොකළ යුතු දෙය තමයි ඔබේ බිරිඳත් දැන් ඇගේ සම්ප්‍රදායික චරිතයෙන් ගොඩක් වෙනස් වෙලා. ඇයත් ගෙදර දොර වැඩට අමතරව ඔබට ශක්තියක් වෙන්න හරි හරියට මුදල් උපයනවා. මහන්සි වෙනවා. ඒ අතරේම සම්ප්‍රදායික ගැහැණු සුකුමාල හැසිරීම් පවත්වන්නත් ඕනේ. විශ්වාස කරන්න ඇයගේ ජීවිතෙත් මේ චරිත දෙක අතර බැලන්ස් කරන්න ලොකු උත්සහයක් ගන්නවා.

වැඩි වුන ආර්ථික නිදහස නිසා ගැහැණු දැන් ශක්තිමත්. ඔබ ඇයගේ අවශ්‍යතා සපුරන්නේ නැත්නම් විවාහය අතහැර යන්න උනත් ඇය සූදානම්. මෙන්න මේ හැසිරීම් ඔබට ඇත්නම් ඔබේ බිරිඳටත් ඔබව ඉක්මනින් එපා වේවි. මෙවැනි දේවල් ඇත්නම් ඉක්මනින් මගහරවා ගන්න එක පවුලේ ඉදිරි පැවැත්මට ගොඩක් වැදගත් වේවි.

පවුලට වුවමනා මූලික අවශ්‍යතා ඉටු නොකිරීම.

බිරිඳ රැකියාවක් කළත්, නොකළත් ගෙදර මූලික අවශ්‍යතා ඉටු කිරීම ඔබේ වගකීමක්. ඔබ කම්මැලි කමෙන් තොරව මහන්සි වෙලා වැඩ කරොත් පමණයි ඔවුන්ගේ ජීවිත සැපවත් වෙන්නේ. ගෙදර ආහාර, සුන්දර නිවසක්, දරුවන්ගේ අධ්‍යාපනය, සෞක්‍යය වැනි දේවල් ඔබ පැහැර හරිනවා නම්, ඔබේ බිරිඳට මෙය විශාල අභියෝගයක්. එහිදී ඔබ කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නැති වීමට හේතුවක් වෙනවා.

අසුභවාදී වීම.

ඔබේ බිරිඳ සමහර විට ඔබට යෝජනා කරනවා ඇති අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න, දරුවාව හොඳ පාසලකට දමන්න හෝ නවීන නිවසක් ඉදිකරන්නට හෝ අලුත් වහනයක් ගන්න. මේ හැම දේටම ඔබේ පිළිතුර අපහසු කම් ගෙන දැක්වීම නම් භාර්යාවට ඔබව එපා වේවි. වැඩිහිටි පිරිමියෙක් ලෙස ඔබේ පවුල නිතරම ඔබ තුලින් ශුභ වාදී හැසිරීමක් පතනවා.

ඇයට අවශ්‍ය කායික ඇසුර ලබා නොදීම.

ඇතැම් ස්වාමිවරු හිතා මතාම හෝ වැඩ අධික බව නිසා කායික ඇසුර මගහරිනවා. දැන් දැන් පරිඝනක සහ සමාජ ජාල වල පැතිරීම නිසා අඹු සැමි ඇසුර මගහැරගෙන, සමාජ ඇසුර වැඩි වෙන තත්වයක් පෙන්නුම් කරනවා. මෙය නම් ඉතාම භයානක දෙයක් කිව යුතුයි. ඔබේ බිරිඳ ඔබ කෙරෙහි කලකිරෙන්න ප්‍රධාන හේතුවක් මේකත්.

ඇයට නිසි තැන නොදීම

ඔබට ප්‍රධාන දේවල් බොහෝ ඇති. කාර්යාලයේ වැඩ, මිතුරන්ගේ උත්සව, දරුවන්ගේ කටයුතු. ඔබ එවුවට පලවෙනි තැන දෙනවා ඇති. මොකද බිරිඳ කියන්නේ ඔබේම කෙනා. ඇයගේ අවශ්‍යතා ඕනෙම මොහොතක ඉටු කර ගන්න පුළුවන් නිසා. නමුත් මෙතැනදී ඔබ භයානක ලෙසම වැරදියි. මේ ලෝකේ සියලු දෙනාගේම අවශ්‍යතා වලට වඩා බිරිඳගේ අවශ්‍යතා වලට පළමු තැන දෙන්න ඔබ සුදානම් විය යුතුයි. ඔබේ ලෝකේ ඇයගේ වැදගත්කම අඩුයි නම් ඕනෙම යහපත් භාර්යාවක් ඔබ කෙරෙහි කලකිරෙනවා. මේ තත්වයත් අනියම් සම්බන්ධතා, දික්කසාද වගේ අහිතකර තත්වයන්ට මග පාදනවා.

ඇයගේ අවශ්‍යතා තේරුම් නොගැනීම

ඇයට ආහාර පාන දුන් පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇය ඔබගෙන් බලාපොරොත්තු වෙනවා ආදරණීය හැසිරීම්, අගය කිරීම් වගේ පුංචි දේවල්. සමහර විට ඔබ සලකනවා ඇති ඇගේ උපන්දිනේට විශේෂ යමක් කළ යුතු නැහැ මොකද ඔබේ උපන් දිනය ඔබට වැදගත් නැති නිසා. නමුත් කාන්තාවෝ සිතන්නේ පිරිමි ඔබ වගේ නෙවෙයි. පුංචි සර්ප්‍රයිස් එකක්, ආදරණීය අතපත ගෑමක්, හදිස්සියේ I love you කියල SMS එකක් යවන එක ඇයව ගොඩක් සතුටට පත් කරාවි…. එහෙම දේකට වියදමක් යන්නේ නැහැ. නමුත් ටිකක් හිතුවොත් ඇති.

ඔබත් මේ වැරදි පහ කරනවා නම් ඉක්මනින්ම අතහරින්න. ඔබේ බිරිඳව සතුටින් තබන්න කාලය සමග ඇය ඔබට වැඩි වැඩියෙන් ආදරය කරාවි.

ඒ වගේම මේ තොරතුරු තවත් කෙනෙකුට දැනගන්න පහත තිබෙන ෂෙයාර් බටන් එකක් ක්ලික් කරලා ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a comment

Comments