මැරුණවගේ සැපට නිදාගන්න ඕනේ නම් එක දවසක් මෙහෙම කරල බලන්න

ගොඩක් දෙනෙකුට සැප නින්දක් ලැබෙන්නෙ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. දන්නවද ඒවගෙන් බොහොමයක් අපිම දා ගත්තු ලෙඩ කියල. ඔව්, මේ ලිපිය අවසානයේ ඔබටම එය හොදින් අවබෝද වෙයි.

නින්දට පෙර ශරීර කෘත්‍ය කරන්න

සමහර වෙලාවට ඔබට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවය ඇති වීම නිසා නින්දෙන් ඇහැරෙන්නට පුළුවන්. මේක බොහෝ අය මුහුණ පාන පොදු තත්ත්වයක්. මෙහෙම වුනාම සමහර විට ඔබේ සැප නින්දට බාධා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම නින්දට පෙට ඔබේ ශරීර කෘත්‍ය කාර්යයන් නිම කරලා ඇදට එන්න. එතකොට ඔබට සැරෙන් සැරේ රාත්‍රිය මැද අවධි වෙන්නට සිදුවෙන්නේ නෑ. ඒ වගේම තමයි නින්දට පෙර දියරමය ආහාර ගැනීමෙන් වලකින්න.

ජංගම දුරකථනය ඈත් කරන්න

දවස තිස්සෙම වැඩ කරලා ගෙදර ඇවිල්ලත් ජංගම දුරකථනය බදාගෙන නම් ඉන්නේ ඔබට කවදාවත්ම සැනසිල්ලේ නිදාගන්න නම් වෙන්නේ නෑ. සමහර වෙලාවට ඔබ හොඳ නින්දක ඉන්නවිට ඔබේ ජංගම දුරකතනය් නාද වෙන්න පුළුවන්. අදාළ ඇමතුමට සම්බන්ධ වෙලා නැවත නිදාගන්න ඇඳට ආවම නිදි මත නෑ. මේක බොහෝ දෙනෙක් මුහුන දෙන පොදු කාරණයක්. දුරකතනය් ඔබේ අද අසල නම් තිබෙන්නේ නින්ද එන තුරු ඔබට කාට හෝ කතා කිරීමට කෙටි පණිවුඩ යැවීමට සිතෙන්නට පුළුවන්. මෙයින් වෙන්නේ ඔබට නිදි මත දැනීම ප්‍රමාද වීමයි. මේ නිසා ඔබ නිදාගන්න යද්දී ඔබේ ජංගම දුරකතනය් පුළුවන් තරම් ඔබෙන් ඈත් කරලා තබන්න.

අවශ්‍ය තරමට නින්ද නොලැබූ විට එය ඔබේ ශරීර සෞඛ්‍යට අහිතකරය. පර්යේෂණයන්ගෙන් පෙනී යන්නේ ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම නිසා තරබාරු වීමට ඉඩ ඇති බවයි. එයට අමතරව දියවැඩියාව, හෘද රෝග, මානසික අවපීඩනය සහ සුලබ රෝග වැනි රෝග ඇති වීමට වැඩි අවදානමක් පවතින බවයි.

ඔබේ කකුල් අතර කොට්ටයක් තබා ගන්න

මෙයින් ඔබේ කොන්දේ අමාරුවට සහනයක් ලැබෙනවා ඇති. දවස පුර නොයෙක් කාර්යන්ගේ නිරත වෙන ඔබේ ඇඟේ පතේ අමාරුව ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ අමාරුකම් එක්ක සමහැර අවස්ථාවලදී ඔබට නිසි නින්දක් ලබා ගැනීමට නොහැකි වෙන්නට පුළුවන්. ඒ තත්ත්වය මගහරවා ගන්න කකුල් අතර කොට්ටයක් තබා ගන්න. ඔබට සනීපයට නින්ද යාවි.

ඔබ ආහාරයට ගන්න දේ ගැන දෙවරක් සිතන්න

කැෆේන් හෝ චොක්ලට් ඉතාමත් ස්වල්පයකට් පුළුවන් ඔබව රාත්‍රිය පුරා අවධිව තබන්නට. මේ නිසා නින්දට කලින් කෝපි හෝ චොක්ලට් ආහාරයට ගැනීමෙන් වලකින්න. ඒ වගේම තමයි දුම් පානයෙන් වලකින්න. රාත්‍රියට සාමාන්‍යයෙන් ගත යුත්තේ සැහැල්ලු අහාරයකි. නැත්නම් එය රාත්‍රී කාලය පුරාවටම දිරවීමේ කාර්යයට ලක්වෙන නිසා ඔබේ බඩ ඔබේ සැප නින්දට හරස් වේවි.

ඔබේ කාමරය ආලෝකය අඩු තැනක් බවට පත් කර ගන්න

සමහරුන් ඉන්නවා පුංචිම හෝ ආලෝකයක් සමඟ නිදාගැනීමට අපහසු. සමහර වෙලාවට වැඩි ආලෝකයක් ඔබේ මිඋහුනට වැටුණු විට නිදා ගැනිමට අපහසු වෙන්නට් පුළුවන්. ඒ නිසා ඔබ නිදාගන්න ඔබේ කාමරය ඩිම් හෝ අඩු ආලෝකයක් යටතේ තබාගන්න.

ඒ වගේම තමයි සද්ද බද්ද. සමහර අයට සින්දුවක් එහෙම දාලා තිබියදී හොඳින් නින්ද ලැබෙනවා. නමුත් අධික ශබ්ද සමඟ නම් නිදාගැනීම කල නොහැක්කක්. මේ නිසා ඔබේ නිදන කාමරය ශබ්ද රහිත තැනක් බවට පත් කරගන්න.

සවස් යාමයේ නිදාගැනීමෙන් වලකින්න

සමහර වෙලාවට රැකියාව අවසන් වී නිවසට පැමිණෙන ඔබ සවස් යාමයේ පොඩි නින්දක් ලබන්නට ප්‍රිය කරනවා ඇති. නමුත් ඔබ දන්නවද රාත්‍රියේ නිසි නින්දක් නොලැබීමට මෙය ප්‍රභලව බලපාන බව.

Leave a comment

Comments