ඔබේ ඇඟිලි කරු අතරත් හොඳින් බලන්න, හේතුව හරිම වැදගත්!

708

මෙලනෝමා කියන්නේ හමේ ඇති වෙන්න පුළුවන් පිළිකා තත්වයක්. මේක ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම UV හෙවත් පාරජම්බුල කිරණ හමට වැටීම නිසයි. නිතර සැර හිරු එළියට නිරාවරණය වෙන අයට, විශේෂයෙන් සුදු පැහැයට ආසන්න සමක් තියෙන අයට මෙලනෝමා වැළඳෙන්න ලොකු ඉඩක් තියනවා.

මෙලනෝමා ඇති වුනාම කකුල් හා ඇඟිලි ආශ්‍රිතව සමේ රෝග හට ගන්නවා. ඉන්නන් ඇති වීම මෙහි ප්‍රධාන අතුරු ප්‍රතිඵලයක්, නමුත් මේ ඉන්නන් සාමාන්‍ය ඉන්නන්ට වඩා බොහෝ වෙනස්. මේ නිසා මෙලනෝමා තත්වය ඇති බව පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඉන්නන් වල පැහැය හා හැඩය වෙනස් වෙනකොට. ඒ වගේම අලුත් ඉන්නන් ඇති වෙද්දීත් මේ බවට ඉඟි ලැබෙනවා.

මේ නිසා මෙලනෝමා තත්වය මග හරවා ගන්න නම් එයට කරන ප්‍රතිකාර ගැන දැන් ගෙන ඉන්නවා වගේම ඊට හේතු වන කාරණා දන ගැනීම සහ නිතර ඉන්නන් ඇති වීම ගැන සැලකිල්ලෙන් ඉන්න එකත් හරිම වැදගත්. මේකට යොදා ගන්න පුළුවන් ක්‍රමවේදය මතක තියා ගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි ABCDE කියන්නේ. මේ ක්‍රමය පාවිච්චි කරලා අපේ හමේ ඇති වන ඉන්නන් හා ඒවායේ සිදු වන වෙනස් කම් ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය අවස්ථාවන් හඳුනා ගන්න පුළුවන්. මේ ප්‍රශ්න ඇති වුණොත් බල බලා ඉන්නේ නැතිව බෙහෙතක් ගන්න වෙනවා.

A – Asymmetrical (සමමිතික නැති බව) – ඉන්නන් ඇති වෙන්නේ සමේ රෝග තත්වයක් නිසා. නමුත් වටකුරු නැති අසමමිතික ඉන්නන් ඇති වීම හෝ තියෙන ඉන්නන් වල හැඩය අසමමිතික වෙන්න හේතුව මෙලනෝමා වෙන්න ඉඩක් තියෙනවා. මේ නිසා ඒ විදිහේ ඉන්නන් ගැන අවධානයෙන් ඉන්න.

B – Borders (මායිම) – ඉන්නන්ගේ පිටත් මායිමක් දකින්න නැති නම් හෝ ඒ මායිම කඩතොළු ගතියක් තිබීමත් මෙලනෝමා වල ලක්ෂණයක්.

C – Color (පාට) – මෙලනෝමා තත්වය නිසා ඇති වෙන ඉන්නන්ගේ පාට ඒකාකාරී විදිහට පැතිරිලා නැහැ. සාමාන්‍යයෙන් ඉන්නෙක් හමේ පාටම වගේ වුණත් මේ ඉන්නන් මත විවිධ අඳුරු පැහැයන් කිහිපයක්ම පවතින බව දකින්න පුළුවන්.

D – Dimension (ප්‍රමාණය) – සාමාන්‍යයෙන් ඉන්නන් බොහොම පොඩියි. ඒ වගේම ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඉන්නන් එන්න එන්නම විශාල වෙනවා නම් සහ විෂ්කම්භය මිලි මීටර් 6කට වඩා වැඩි වෙනවා නම් ඒක මෙලනෝමා තත්වයක් වෙන්න ඉඩ තියෙනවා.

E – Evolution (වෙනස් වීම) – මේ ඉන්නන් වෙනස් වීම කියන්නේ මෙලනෝමා වල ප්‍රධාන ලක්ෂණයක්. කලින් කතා කරපු පාට, හැඩය, ප්‍රමාණය වගේ දේවල් වෙනස් වෙනවා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම බලවා ගන්න ඕනේ තත්වයක්. මොකද සාමාන්‍ය ඉන්නන් ඇති වෙලා හැලිලා යනවා විතරක් නිසා.

මේ ගැන දැනුවත් වීම හරිම වැදගත්. ලොව තියන ප්‍රධානම ෆාමසි සමාගමක් වන Roche-Posay අනුග්‍රහයෙන් නිර්මාණය කරපු දැන්වීමක් පවා මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒක ඇත්තටම ප්‍රයෝජනවත්, ඒ වගේම බලන්නත් ආස හිතෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මේ දර්ශනය දැක්කාම හිත උණු වෙනවා නේද?

මෙලනෝමා තත්වය පිළිකාවක් දක්වා වර්ධනය වෙන්න ඉඩක් තිබුණත් මුලින් හඳුනා ගත්තොත් ඒකෙන් බේරෙන්න පුළුවන්. මේ නිසා මේ ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්න එක වැදගත්.

#diventaskinchecker කියන ට්විටර් හෑෂ් ටැග් එකෙන් මේ ගැන තව විස්තර හොයා ගන්න පුළුවන්. ඉතාලියේ ආරම්භ කරපු මේ දැනුම් දීමේ වැඩසටහනට මේ වෙද්දී රටවල් 34ක් දායක වෙලා තියනවා. විශේෂයෙන්ම අපේ රටෙත් කාලෙන් කාලෙට තද අව්වක් හට ගන්න නිසා ඔබත් මේ ගැන අවධානෙන් ඉන්න එක හොඳයි. නිතර එළිමහනේ ඉන්න අය විශේෂයෙන් මේක හිතට ගන්න.

මේ තියන වීඩියෝ එක බලලා අනිත් අයටත් මේක share කරලා දැනුවත් කරන්න. getfun.lk එකත් එක්ක එකතු වෙලා නිතරම මේ වගේ අලුත් කරුණු වලින් අප්ඩේට් වෙලා ඉන්න කියලත් ආරාධනා කරනවා. එහෙනම් තවත් ලිපියකින් ඉක්මනින් හමු වෙමු.

Leave a comment

Comments

Close
Close