කවමදාවත් තමන්ගේ යෝනියට මේ දේවල් නම් කරන්න එපා..

4173

කාන්තාවක් ලෙස ඔබේ යෝනියේ සෞඛ්‍යය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු වනවා. යෝනිය යනු කාන්තාවකගේ ශරීරයේ තිබෙන වඩාත් සංවේදී අවයවයක් නිසා ඔබ විසින් නොදැනුවත්ව හෝ කරන යම් ක්‍රියාවක් මගින් ඔබේ යෝනියේ ආසාදන තත්වයන් ඇතිවන්නට පුළුවන්.

ඔබේ සුවදායක දිවය සඳහා මේ ක්‍රියාවන් හත කිසි විටකත් ඔබේ යෝනියට සිදුකරන්න එපා.

01. යෝනිය ආසේක කිරීම “Douching”

යෝනිය ආසේක කිරීම යනු කාන්තාවන් යෝනිය පිරිසිදු කරනා එක් ක්‍රමයකි. සාමාන්‍යයෙන් මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ජලය සහ විනාකිරි මිශ්‍රණයකි. දශක ගණනාවක සිටම මේ ක්‍රමය සෞඛ්‍යය ආරක්‍ෂිත ද යන වග මත භේදයට ලක්වී තිබෙනවා.

මේ කෙසේ වුවත් යෝනි ආසේක ක්‍රමය මගින් කාන්තා යෝනියට හානි සිදුවනබවට “Alabama” සරසවිය විසින් සිදුකරන ලද එක්තරා අධ්‍යයනයක් මගින් වාර්තාකර තිබෙනවා. කාන්තාවකගේ ඩිම්බ මෝචනය වන සමයේ දී මේ සේදුම් ක්‍රමය සහනයක් සැලසීමක් ද යෝනියේ බැක්ටීරියාවන් නැසීමක් ද සිදු වුවත් මේ ක්‍රමය මගින් යෝනියේ රෝග කාරක බීජ ඇතිවී වෙනත් ආසාදන තත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.

02. යෝනියට හුමාලය වැද්දීම “Vaginal steaming”

“Vaginal steaming” ක්‍රමය යනු කාන්තාවන් විසින් යට ඇඳුම ඉවත් කර ශාකසාර හුමාලයක් වදින විශේෂිත වූ ආසනයක වැඩිවී සිටීමයි. මෙහිදී මේ හුමාලය සෘජුවම යෝනිය වෙත පැමිණීමක් සිදුවනවා. මේ ක්‍රමය මගින් යෝනියේ ජීවත් වීමට අවශ්‍ය වන බැක්ටීරියාවන් ද විනාශ කර ආසාදනයන් ඇති වීමේ වැඩි නැඹුරුවක් දක්වන බව වාර්තා වෙනවා.

03. යෝනිය අවට සම සිදුරුකර කරාබුවක් දැමීම

ඇතැම් කාන්තාවන්ගේ කාමුක පෙනුම වර්ධනය කරගන්නට යෝනියට කරාබුවක් දැමීම සිදු කරනවා. නමුත් මේ ක්‍රියාව අනවශ්‍ය ලෙස අවදානමකට යොමුවීමක් බවයි එක්සත් රාජදානියේ “St Mary’s hospital” හී වෛද්‍යවරුන් පවසන්නේ. යෝනිය ඉතාමත් සංවේදී ස්ථානයක් නිසා එහි සම සිඳුරුවීමෙන් ස්නායු වලට හානි වීමත් රුධිරය වහනය වීමේදී වෙනත් ආසාදන තත්වයන් ඇතිවීමේ අවදානමත් වැඩි වන බවයි මේ වෛද්‍යවරුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

04. වෙනත් භාහිර දෑ යෝනිය තුල සිරකර ගැනීම

කාන්තාවන් බහුලවම සිදු කරන ක්‍රියාවක් තමයි වෙනත් භාහිර වස්තු තමාගේ යෝනිය තුලට දමා ගැනීම. මෙම ක්‍රියාව නිසා සිදුවන ආසාදන තත්වයන් පිළිබඳව “Michigan” සරසවිය විසින් සිදුකරන ලද අධ්‍යයනකින් තහවුරු කර තිබෙනවා. මේ ක්‍රියාව නිසා වැඩිපුරම යෝනියේ හැඩය වෙනස් වීම සහ යෝනියෙන් දුඟඳක් හැමීම සිදුවනවා. ඔබත් මේ ක්‍රියාව සිදු කරන කාන්තාවක් නම් එය නතර කරන්න. ඒ වගේම, ඔබේ යෝනිය තුලට දමාගත් දෙයක් සිරවී ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.

05. සුවඳ සබන් වර්ග සහ සුවඳ විලවුන් යෝනියට භාවිතා කිරීම

යෝනිය ස්වභාවයෙන්ම එතරම් සුවඳවත් වන්නේ නෑ. ඒ වගේම, යෝනියට සිදුවන විවිධ ආසාදනයන් නිසාත් යෝනියෙන් දුඟඳක් ඇතිවනවා.

නමුත් යෝනියෙන් හමන දුඟඳ දුරුකර ගැනීමට සුවඳ සබන් වර්ග සහ සුවඳ විලවුන් වර්ග භාවිතා කිරීම නම් අනුවන ක්‍රියාවක්. මේ ආකාරයට යෝනිය සුවඳවත් කිරීමට විවිධ දෑ භාවිතා කිරීම නිසා යෝනියේ pH අගය වෙනසක්වී ආසාදනයන් ඇතිවීමට වැඩි නැඹුරුවක් දක්වන බව “Johns Hopkins” සරසවියේ අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.

06. තදින් වැඩි යට ඇඳුම් පැළඳීම

යට ඇඳුමක් ශරීරයට සුවපහසු වීමත් ශරිරයට වඩාත් තද නොවීමත් විය යුතුයි. කාන්තාවක් තදින් වැඩි යට ඇඳුමක් පැළඳීම මගින් යෝනිය අවට උෂ්ණත්වය වැඩිවී දහඩිය දැමීම වැඩි වශයෙන් සිදුවනවා. මෙවන් පරිසරයකට බැක්ටීරියාවන් වැඩි වශයෙන් ඇලුම් කරන නිසා. බැක්ටීරියා ආසාදනයන් ඉතා ඉක්මණින් සිදුවන්නට පුළුවන්.

07. විවිධ වර්ගයේ ද්‍රාවන ලිහිස්සි ද්‍රාවන ලෙස භාවිතා කිරීම

කාන්තාවකට ලිංගික සංසර්ගය තෘප්තිමත් වීමටත් වේදනාවකින් තොර වීමටත් යෝනිය මගින් ස්වභාවිකවම ලිහිස්සි ද්‍රාවන නිකුත් කරනු ලබනවා. මේ ලිහිස්සි තත්වය වැඩි කරගැනීමේ අරමුණින් විවිධ වර්ගයේ ද්‍රාවන යෝනිය තුලට දමාගැනීම කිසිසේත්ම සුදුසු වන්නේ නෑ. මෙවන් ක්‍රියාවන් නිසා යෝනිය තුල ආසාදනයන් ඇතිවීම වැඩිවනවා. ඒ වගේම, මෙවන් ඝන තෙල් වර්ග නැවතත් යෝනියෙන් ඉවත් කිරීමත් තරමක් අපහසු වනවා.

Leave a comment

Comments

Close
Close