ශුක්‍රානු වල වර්ණයෙන්, ස්වභාවයෙන් හා ගද සුවදින් කියෙවන රහස් මෙන්න

ඔබගේ ශුක්‍රානු වල තිඛෙන වනයෙන් ස්බවයෙන් සහ ගද සුවදින් ඔබගේ සෞක්‍ය ගැන දැන ගන්න පුළුවන් කියා ඔබ නිකමටත් සිතුවද?

ඔව්, ඔබ කියෙව්වා හරි. ඔබගේ ශුක්‍රානු වල පැහැය මගින් ඔබේ සෞක්‍ය ගැන දැනගත හැකියි. එමගින් කල් තියා ඔබගේ ඇගේ තිඛෙන ලෙඩ රෝග බොහෝ දේ දැන ගන්න පුළුවන්. ඉතින් අද අපි මේ ඔබව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ එම කරුණු පිලිබදවයි.

සාමාන්‍ය නිරෝගී සහ සෞඛ්‍යසම්පන්න ශුක්‍රානු, ඇලෙනසුලූ ජල්ලි වැනි අපැහැදිලි සුදු වර්ණයෙන් හෝ මදක් අළු පැහැ ද්‍රව්‍යයකි. විනාඩි 30 කින් විනිවිද පෙනෙන ලෙස වෙනස් වෙනවා.

රස ගැන කිවූවොත්.., ෆෘෘක්ටෝස් අන්තර්ගත වන නිසා යන්තම් පැණි රසක් තිබුනත් එය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. අහාර මතද වෙනස් වෙනවා. එහි සුවද ක්ලෝරීන් වලට සමාන වෙනවා.

ශුක්‍රානු වල සිදුවිය හැකි ප්‍රධාන වෙනස්කම්..,

උකු හෝ කැටිති ලෙස ඇති ශුක්‍රානු

විජලනය නිසා ඝන වීමට පුළුවන්. නමුත් මෙය තාවකාලික සිද්දියකි. වෙනස් වෙන්නේ නැත්නම් එය බොහෝවිට පුරුෂ හෝමෝනය (ටෙස්ටෙස්ටරෝන්) මදි කම වෙන්න පුළුවන්. සති 2-3ක් ඔබගේ ශ=ක්‍රාණු වල වෙනසක් පැවතුනොත් වෛද්‍යවරයකු හමුවන්න.

රතු හෝ දුඹුරු වර්ණයෙන් ඇති ශුක්‍රානු

බොහෝවිට පුරස්ථි ග්‍රන්ථයේ රුධිර නලයක පිපිරීමක් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය විසර්ජනයකදී දවස් 2-3 පවතින්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය වර්ණයට පත්වෙනවා. එසේම මෙය ආසාදන තත්වයක් හෝ කම්පනය, හෝ දුර්ලභ පිළිකාවක් ද වෙන්නට පුළුවන්.

කොලපාට හෝ කහ පාට වර්ණයෙන් ඇති ශුක්‍රානු

සාමාන්‍ය තනි සුදු හෝ කහට හුරු වර්ණයක් නොවිය යුතුයි. ප්‍රබල ලෙස කහ පාට හෝ කොළ පාට වුනු ශුක්‍රානු වලින් පෙන්නන්නේ බොහෝවිට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වුන රෝගයක් හෝ ආසාදන තත්වයක් විය හැකියි.

අප්‍රසන්න දුර්ගන්දයක් ඇති ශුක්‍රානු

ගොඩක් වෙලාවට මෙය අසාදන තත්වයක් විය හැකියි.

– අතර්ජාලයෙන් උපුටා ගැනීමකි.

Leave a comment

Comments