දවසින් ඩෙංගු රෝගීන් සුවකරන විශ්මිත වෙදමහතා. පාරම්පරික සිංහල වෙදකමේ බලමහිමය මෙන්න..

1420

ඕනෑම අසාධ්‍ය තත්ත්වයක පසුවන ඩෙංගු රෝගියකු පැය 18ක් වැනි කෙටි කාලයක් තුළ පාරම්පරික සිංහල වෙදකමෙන් සුව කරන වෙද මහතකු ගැන වාර්තා වෙයි.

ඔහු ගණේමුල්ල, කැන්දලියද්ද පාළුවේ, සිසිර මාවතේ පදිංචි ඩී. ඩී. පී. හෙට්ටිආරච්චි වෙද මහතාය. ඒ මහතා විසින්ම පැරැණි වට්ටෝරුවකට අනුව සකස් කරගෙන තිබෙන ඔෟෂධ දියරයක් පානය කිරීමට දීමෙන් මෙසේ සුවකරන බව සුවය ලත් රෝගීහු පවසති.

ඉකුත්දා රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය මාස 3ක් වයසැති තම දරුවා මෙම වෙද මහතාගේ ප්‍රතිකාරවලින් පැය 17ක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බව දරුවාගේ පියා වන මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි මේජර් ධනුෂ්ක මහතා පවසයි.

පසුගිය 29දා තමයි වෙද මහත්තයා හොයාගෙන ගියේ. දරුවා දැඩි සත්කාර ඒකකයේ හින්ද ගෙන්න විදියක් නෑ ගේන්නත් බයයි. දරුවා වෙනුවට බෙහෙත් දුන්නේ දරුවාගේ අම්මට. එයාට කිව්වේ බෙහෙත් බීල ගිහින් දරුවට කිරි දෙන්න කියලා. එදාම අසනීපය සුවවෙලා දැන් ටිකට් කපලත් ඉවරයි. මේ වාගේ වෙද මහත්තුරු රැකගත යුතු ජාතික වස්තු.

වෙදදුරු හෙට්ටිආරච්චි මහතා ඔහුගේ නිවෙසේදීම මෙම ප්‍රතිකාර ලබාදීම සිදුකරන අතර ඉතාමත් සුළු මුදලක් අය කරමින් මුදල් ඇතිව හෝ නැතිව ඔහු කරන්නේ අගනා සේවාවක් බව ප්‍රතිකාර ලද පිරිස් පවසති.

මදුරු දෂ්ඨනයෙන් දරුවන් රැක ගන්න විශේෂ උපදෙස්..!

මෙම වසරේ ගත වූ මාස හයේ දී ඩෙංගු බවට සැක කරන රෝගීන් 69380 ක් වාර්තා වී තිබෙනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එය සියයට 43 කට ආසන්නයි.

වාර්තාවන දත්තවලට අනුව ඩෙංගු වැළදුණු රෝගීන්ගෙන් සියයට 30කට ආසන්න සංඛ්‍යාවක් ළමුන්. ඒ අනුව ඩෙංගු වැලඳීමෙන් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ.

ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර සඳහන් කළේ නිවසේ දී මෙන්ම පාසල් පරිශ‍්‍රයන්හිදී ද දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

දරුවන් මදුරු දෂ්ඨනයන්ට ලක්වන අවස්ථා පිළිබඳව අවධානයෙන් සිටීම, මේ දිනවල දරුවන්ගේ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ඇඳුම් ඇන්දවීම, දරුවන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල මදුරුවන් බෝ විය හැකි පරිශ්‍රයන් ඇත්දැයි සොයා බැලීම ආදිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතු වනවා. මෙම මදුරු දෂ්ඨනයන් වැඩි වශයෙන් සිදු වන්නේ පාද ආශ්‍රිතව බැවින් ඒ පිළිබඳවත් අවධානයෙන් සිටින ලෙසයි සඳහන් කළේ.

දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන ඩෙංගු වෙනස් ස්වරූපයෙන් – හඳුනගන්න හැටි මෙන්න..!

මේ කාලේ පහුගිය අවුරුද්දට වඩා ඩෙංගු රෝග ලක්‌ෂණ වෙනස්‌ වෙලා කියලා රාවයක්‌ පැතිර යනවා. මෙහි ඇත්ත නැත්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදය රළපනාව පැවසූ අදහස් මේ ලිපියෙන් විස්තර වෙනවා.

කාලෙකට ඉහතදී නම්, ඩෙංගු රෝගය වැළඳුණේ නාගරික පැලැන්තියේ උදවියට විතරයි. ඒ අතරිනුත් කොළඹ මහනුවර අනුරාධපුරය වැනි ප්‍රධාන නගරවල වාසය කළ පුද්ගලයින්ට පමණයි. නමුත් මෙවර ඩෙංගු ප්‍රාදේශීය මට්‌ටමෙන්ම ව්‍යාප්ත වීම ආරම්භ වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න මූලිකම හේතුව මිනිස්‌ ක්‍රියාකාරකම්ය කියන එක පැහැදිලියි..

“මාරාන්තික ඩෙංගු රෝගය” මුලින්ම වැළඳෙන්නේ වෛරස්‌ උණ රෝගයක ස්‌වරූපයෙන්. ඇඟපත වේදනාව, හිසරදය, කැරකිල්ල, සමඟ හටගන්න උණ නිසා මෙවර කෑම අරුචිය තරමක්‌ දරුණු ලෙස ඇති වන බව සොයාගෙන තිබෙනවා. අස්‌ථි සහ මාංශපේශිවල වේදනාව සමඟ උගුරේ වේදනාව මෙවර ඩෙංගු රෝගීන් අතර වැඩි වශයෙන් දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණයන්. කුද්දැටි ඉදිමීම සහ පාචන තත්ත්වය මෙයට පෙර ඩෙංගු රෝගීන් අතර දක්‌නට නොලැබුණත් මෙවර එම රෝග තත්ත්වයන්ද උණ වැළඳුණු පළමු දින කිහිපයේදීම රෝගීන් අතර දක්‌නට ලැබෙනවා. මේවා නව ඩෙංගු රෝග ලක්‌ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්.

ඒ අතරේ තවදුරටත් සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කාරණයක්‌ තිබෙනවා. මෙතෙක්‌ කල් අප පුරුදු වී සිටියේ, උණ වැළඳීමෙන් පසු තෙවැනි දිනයේදී රුධිර පට්‌ටිකා පරීක්‌ෂාව හෙවත් ප්ලේට්‌ලට්‌ පරීක්‌ෂා කරවා ගැනීමටයි. නමුත් මෙවර ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්‌ටිකා මුල් අවස්‌ථාවලදී පහත නොයන තත්ත්වයක්‌ද දක්‌නට ලැබෙනවා. රුධිර පට්‌ටිකා සංඛ්‍යාත්මකව පහළ යන බවක්‌ දින තුනක්‌ හෝ හතරක්‌ යන තුරුත් නොපෙන්වා සිටියද දින හත ආසන්න වෙත්ම සීඝ්‍රලෙස රුධිර පට්‌ටිකා පහත යන අන්දමක්‌ දක්‌නට ලැබෙනවා. ඒ සමගම ඩෙංගු රක්‌තපාත තත්ත්වයට රෝගියා පත් වීම අවදානමට අත වැනීමක්‌. මේ හේතුව නිසාම උණ වැළඳී දින තුනකින් රුධිර පට්‌ටිකා පරීක්‌ෂාවකින් පමණක්‌ සෑහීමකට පත්ව නිහඩව සිටින්න එපා.

දැන් ඩෙංගු හඳුනා ගැනීම සදහා හොඳම ක්‍රියාමාර්ගය ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්‌ෂා කරවා ගැනීමයි. මෙම රුධිර පරීක්‌ෂාව උණ වැළඳි පළමු දිනයේදීම සිදු කරවා ගත හැකියි. ඒ අනුව ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ වුවහොත් එතැන් සිට පැයෙන් පැය සිරුරේ ඇතිවන සංකූලතාවන් පිළිබඳව දත්ත රැස්‌ කිරීම සදහා රෝගියා නේවාසික ප්‍රතිකාර වෙත යොමු කළ හැකි වෙනවා. ඒ ඔස්‌සේ සෘජුවම රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර අත්‍යවශ්‍ය විවේකයද නොඅඩුව ලබා දිය හැකියි. ඩෙංගු රෝගියෙකු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්‌ෂණය සහ හෙදියකගේ මනා හෙදකම යටතට ගත යුතු වන්නේ, කෑම බීම සහ දියර වර්ග ගණනයකට යටත්ව ආහාරයට ගැනීමටත් ඒවා එම ප්‍රමාණයන්ගෙන්ම සිරුරෙන් බැහැර වන්නේද යන්න නිශ්චිතව ගණනය කිරීම වැදගත් වන නිසයි. ඩෙංගු මූලික සංකූලතා පහළ වෙත්ම ප්‍රතිකාර ආරම්භ කොට මැනැවින් රෝගියා පාලනය කරන්නේ නම් ඩෙංගු මාරාන්තික හෝ දරුණු තත්ත්වයට ගෙන යැමෙන් වළක්‌වා ගත හැකියි.

ඩෙංගු රෝගය වැළඳී ඇති රෝගියෙකු ගේ දියරමය ආහාර සඳහා සුප්, කැඳ, බාර්ලි, ජීවනී එක්‌ කිරීම අත්‍යවශ්‍යයි. රතු පැහැයට ආසන්න හෝ එම පැහැයෙන් යුතු කෑම හෝ බීම වර්ග ආහාරයට නොගත යුතුයි මේ අතර කාබනේට යෙදූ (ගෑස්‌ සහිත) බීම වර්ග ද නොගත යුතුයි.

ගර්භනී කාන්තාවන් හෝ දිගුකාලීනව බෝ නොවන රෝග හෙවත් දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදරෝග ස්‌නායු රෝග වැනි රෝග ඇති විශේෂ අවදානම් සහිත පුද්ගලයින්ට උණ වැළඳි අවස්‌ථාවල කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වී නේවාසික ප්‍රතිකාර වෙතද යොමු විය යුතුමයි.

මෙවර ද බාල තරුණ වැඩිහිටි මහලු ආදී සෑම වයස්‌ කාණ්‌ඩයකටම අයත් පුද්ගලයින් ඩෙංගු රෝගයට ගොදුරුව ඇතත් මේ අතුරින් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරුව ඇති සෙයක්‌ දක්‌නට ලැබෙනවා.

ඩෙංගු මදුරු කීටයන් බෝ වීම වළක්‌වා ලීම ඩෙංගු රෝග ව්‍යාප්ත වීම අවම කිරීමට හොදම විසඳුම වුවද දැන් දැන් ඒ සඳහා ද කැපව කටයුතු නොකරන බවක්‌ දක්‌නට ලැබෙනවා. බෙහෙත් පෙති රඳවා තැබෙන ඊයම් පැහැ රදවනයේ වුවද ඩෙංගු මදුරු බිත්තර රඳවා තැබිය හැකියි. එහෙව් තැන වෙනත් මහාපරිමාණ ඉදිකිරීම් සිදුකරන ස්‌ථාන, අබලි කැබලි බහාලන ස්‌ථාන, වතුර රැඳෙන ගස්‌ කොළං අතර ඩෙංගු බිත්තර නැතැයි අස්‌වැසිල්ලක්‌ හෝ ලැබිය හැකිද?.

බිත්තරයක්‌ ජීවී තත්ත්වයෙන් අධික කාලයක්‌ පැවතිය හැකි බැවින් පවිත්‍රතා කටයුතු දින පහෙන් පහකට වතාවක්‌ වත් සිදුකළ යුතුවෙනවා. මදුරුවා මීටර් පන්සීයක දුරක්‌ පියඹා යන බැවින් අපගේ නිවස අවට පමණක්‌ පවිත්‍ර කොට තැබීමද සෑහෙන්නේ නැහැ. අන්‍යෙන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් සෙසු උදවියගේ නිවාස අවටත් පවිත්‍ර කර තැබීමට උනන්දු කරවා ගැනීම ඔබගේ නීරෝගීකමට හා ජීවිතය ආරක්‌ෂා කරගැනීමට හේතුවක්‌ වෙනු ඇති.

වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදය රළපනාව පැවසූ අදහස් ඇසුරින් සටහන – රුචිර ජයදේව

Leave a comment

Comments

Close
Close