පාවහන් නොමැතිව තණ කොළ මත ඇවිදීමෙන් ශරීරයට ලැබෙන සෞඛ්‍යය වාසි මෙන්න

උණුසුම් හුරු කිරණින් දැවෙන මනරම් පරිසරයක කාලය ගත කරන ඕනෑම අයෙක්ට පාවහන් ගලවා තණකොළ මත ඇවිද ආස්වාදයක් ලැබීමට සිතෙනවා. පාවහන් නොමැතිව තණකොළ මත ඇවිදීම ඇතැම් අවස්ථා වලදී ‘earthing’ යන නමින්ද හඳුන් වනවා.

පාවහන් නොමැතිව තණකොළ මත හෝ පස් මෙන්ම වැලි මත ඇවිදීම මගින් මිහිතලය මත ගබඩා වී ඇති ශක්ති සම්භවය මිනිස් සිරුරට මෙන්ම මනස සහ ආත්මයට ද ගබඩා කර ගන්නට පුළුවන්. ඊටත් අමතරව ඇවිදීම යනු ඕනෑම වයස් ඛාණ්ඩයක සිටිනා අයෙක්ට කදිම ව්‍යායාමයක් ද වනවා.
දිනපතා පාවහන් නොමැතිව තණකොළ මත ඇවිදීමෙන් ශරීරයට ලැබෙන සෞඛ්‍යය වාසි.

ඇස් පෙනීම වර්ධනය වීම

අක්ෂි ඇතුළුව අපේ ශරීරයේ විවිධ අවයව නියෝජනය කරන චිකිත්සා කලාපයන් පාදයේ පතුල මත පිහිටා තිබෙනවා. පාවහන්නොමැතිව තණකොළ මත ඇවිදීමේදී පාදයේ පළමු, දෙවන සහ තුන්වන ඇඟිලි මත උපරිම තෙරපුමක් ලබා දීම මගින් අක්‍ෂි සඳහා ප්‍රභල චිකිත්සාවක් සිදුවනවා. මෙම චිකිත්සක කාලාපය උත්තේජනය කිරීම මගින් පෙනීම වර්ධනය වීමත් සමස්ත ශරීරයම සෞඛ්‍යය සම්පන්න වීමත් සිදු වනවා. මෙම සෞඛ්‍යය වාසි අත්විඳිම සඳහා උදෑසන පිණි වැටුණු කොළ පැහැති තණකොළ මත පාවහන් නොමැතිව ඇවිදින්න.

පාද සෞඛ්‍යය සම්පන්න කර ගැනීමට

පාවහන් නොමැතිව ඇවිදීමෙන් පාද සඳහා ඉතා හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. එමගින් මාංශ පේශී මෙන්ම බලනහර, වළලුකර, අස්ථිබන්ධය සහ පාදයේ පසුපස මාංශපේශී සවිමත් වීම සිදු වනවා. එමෙන්ම පාදයේ පතුල් සමතලා ස්වරූපයක් ගන්නා පුද්ගලයින්ට මෙන්ම යටි පතුල ඝන ස්වරූපයක් ගන්නා පුද්ගලයින් සඳහාත් මෙය ප්‍රතිඵල සහිත වනවා.

ආතතිය දුරු කිරීමට

උදෑසන කාලයක පාවහන් නොමැතිව තණකොළ මත ඇවිදීමෙන් මනසට සැහැල්ලු බවක් අත්විඳින්නට පුළුවන්. නැවුම් වාතය, උණුසුම් හිරු එළිය, කොළ පැහැති පරිසරය සහ සාමකාමී උදෑසන පරිසරය මගින් මානසික සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා.

නැවුම් ඔක්සිජන් වාතය ශරීරයේ අවයව සඳහා සුවදායක වීමත්, හිරු කිරණින් විටමින් D ශරීරයට ලැබී මනස සහ ශරීරය සැහැල්ලුවීමත් සිදුවී ආතතිය දුරු වීමක් සිදු වනවා.

ඔබ උදෑසනම දිනපතා විනාඩි 30 ක් පමණ පාවහන් නොමැතිව ඇවිදීම සිදු කරන්න. උදෑසන මෙම විනාඩි 30 කැපකිරීම මගින් ඔබේ එදිනෙදා කාර්යයන් මැනවින් සැහැල්ලුවෙන් ඉටු කර ගැනීමට ශක්තිය ලැබේවි.

විටමින් D ලැබීම

උදෑසන කාලයක ඔබ පාවහන් නොමැතිව තණකොළ මත ඇවිදිමින් සිටිනා අවස්ථාවක හිරු කිරණ විසින් ඔබව විටමින් D මගින් පෝෂණය කිරීමද සිදු කරනු ලබනවා. විටමින් D අස්ථි සෞඛ්‍යය සම්පන්න කර ඔස්ටියෝ ආතරයිට්ස් සහ අස්ථි සම්බන්ධ වෙනත් රෝග වලින් ආරක්‍ෂාව සලසනු ලබනවා.
විටමින් D ඌනතාවය නිසා අධි රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාවේ පළමුපරූපය, Alzheimer’s රෝගය, ආතරයිටිස් මෙන්ම පිළිකාව පවා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ගර්භනී මව්වරුන්ට පවා හිරු එළිය මගින් ශරීරයට ලැබෙන විටමින් D අතිශය වැදගත් වනවා.

ඔබත් හිරු කිරණ දැඩිව පතිත නොවන වේලාවක තණකොළ මත ඇවිදීම සිදු කරන්න.

මහ පොළොවේ ඇති ඉලෙක්ට්‍රෝන ශක්තිය ශරීරයට ලැබීම

තණකොළ මත පාවහන් නොමැතිව ඇවිදීමෙන් පොළොව මතුපිට ඇති ඉලෙක්ට්‍රෝන ශරීරයට හුවමාරුවී හිතකර අන්දමේ ශාරීරික වෙනස්කම් සිදු කරනබව 2012 වසරේ “Environmental and Public Health” සඟරාවේ පළවුණු අධ්‍යයන වර්තාවක සඳහන් වනවා.

මෙම ඉලෙක්ට්‍රෝන තුල ප්‍රතිඔක්සිකාරක බලයන් ඇතුලත් වන අතර ඔක්සිකාරක ආතතිය දුරු කර ශරීරයේ ඇති වේදනා සහ රෝගාබාධ දුරු කිරීම සිදු කරනු ලබනවා.

ඊටත් අමතරව තණකොළ මත ඇවිදීම මගින් සුවදායක නින්දක් වර්ධනය කිරීම, හදවත් සෞඛ්‍යය නගා සිටුවීම, මොළය වර්ධනය කිරීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම ස්නායු පද්ධතිය වර්ධනය කිරීමද සිදු කරනු ලබනවා.

Leave a comment

Comments