2019 වසරේ විවාහ වෙන්න ඉන්න අයට සුබ දවස් මෙන්න…

0

විවාහය වනාහි ආත්මීය බැදීමකි. සංසාරගත බැදීමක සොදුරු ඵලය විවාහයයි… විවාහය ආත්ම හතක බැදීමක් බව හින්දුන්ගේ මතයයි. ආත්ම ගණනාවක් පාරමී දම් පුරමින් එකට එන සිදුහත් යශෝදරා විවාහය සසර දුකින් අත් මිදෙන අවසන් භවය තෙක්ම එකිනෙකා පතාගෙන ආ සොදුරු බැදීමකි. එය ගෞරවයෙන් සිහිකළ යුතුය.

මනුෂය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය හා මරණය හෙවත් මනුෂ්‍යයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. විවාහය යනු පුද්ගලයාගේ දෙවන උපතයි. පුද්ගල ජීවිතයේ සැපත මෙන්ම විපතද රැුදී ඇත්තේ විවාහය තුළයි. කෙනෙකුට විවාහය කරුමයකි. තවත් කෙනෙකුට විවාහය රාජ උරුමයකි. එසේම සාර්ථක පුරුෂයකු පිටුපස යහපත් ස්ත‍්‍රියක් සිටිනවා සේම සාර්ථක ගැහැනියක් පසුපස යහපත් පුරුෂයකුද සිටිය යුතුය.

එසේ නම් එවන් වූ වටිනා විවාහය අප යොදා ගත යුත්තේද සුබ දායක දිනයන් තුළය. ඒ අනුව එළඹෙන 2019 නව වසරේ විවාහ වීමට සිටින යුවතිපති ඔබට එම විවාහ කටයුතු සඳහා යොදා ගත හැකි එම වසර පුරාවට යෙදෙන අතිශය සුබදායක නැකැත් දින කිහිපයක් පහත දැක්වේ. ඒ අනුව මෙම දින ඔබ දෙදෙනාගේ ජන්ම නැකැත් අනුව මංගල කටයුතු සඳහා යොදා ගත හැකිය. මෙම දින මූලිකව සකස් කර ඇත්තේ පංචාංග ශූද්ධිය, විවාහයට නියමිත සුබ හා මධ්‍යම නැකැත්, රාත‍්‍රී කාලය දක්වා අදාළ නැකැත් පවතින දින, දිනය හා වේලාවන් පදනම් කරගෙන මෙම පහත දිනයන් දක්වා ඇත.

2019 වසරේ විවාහ මංගල කටයුතු සඳහා සුබ දින

  • ජනවාරි 18 සිකුරාදා
  • ජනවාරි 25 සිකුරාදා
  • පෙබරවාරි 01 සිකුරාදා
  • මාර්තු 04 වන සඳුදා
  • මාර්තු 08 වන සිකුරාදා
  • මාර්තු 13 වන බදාදා
  • අපේ‍්‍රල් 17 වන බදාදා
  • මැයි 02 වන බ‍්‍රහස්පතින්දා
  • මැයි 16 වන බ‍්‍රහස්පතින්දා
  • මැයි 23 වන බ‍්‍රහස්පතින්දා
  • මැයි 30 වන බ‍්‍රහස්පතින්දා
  • ජුනි 06 වන බ‍්‍රහස්පතින්දා
  • ජූලි 18 වන බ‍්‍රහස්පතින්දා
  • අගෝස්තු 28 වන බදාදා
  • සැප්තැම්බර් 11 වන බදාදා
  • ඔක්තෝබර් 25 වන සිකුරාදා
  • නෙවැම්බර් 01 සිකුරාදා

ඉහත සඳහන් සුබ දිනවලට අදාළ දිනයේ පවතින නැකත, එම නැකතට අදාළ සුබදායක ජන්ම නැකැත්, එම දිනයේ සුබ වේලාවන් හා සුබ දිශාව ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. ඒ අනුව ඔබත් ඉහත සඳහන් දින තුළ ජ්‍යොතිෂ උපදෙස් මත ඉහත අදාළ කටයුතු සඳහා නැකැත් යොදා ගැනීමට උත්සුක වීම තුළින් යහපත් ප‍්‍රතිඵල උදා කර ගත හැකිය.

Leave a comment

Comments