වාහනයක් තිබුනට මදි.. පරිස්සමින් වාහනය පාවිච්චි කරන්නෙ මෙහෙමයි..!

0

වාහනයක් කියලා කියන්නෙ ගොඩක් දෙනෙක්ගේ හිතේ තියන හීනයක්. කවදාහරි දවසක මේ හීනය හැබෑ කරගත්තම සමහරුන්ට නම් රටක් රාජ්ජයක් දිනුවා වගේ සතුටක් ඇති වෙනවා. ඒ සතුට හැමදාම තියාගන්න නම් වාහනය පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. ඔබට ලෙඩක් හැදුනම ඔබ නම් ළඟම ඉන්න වෛද්‍යවරයා හමු වෙනවා.

ඒ වගේම තමයි වාහනයෙත් පොඩි හරි දෝෂයක් ආවම ඒ දෝෂය ඔබට හඳුනා ගන්න බැරි නම් ඒ ගැන දන්න කියන කෙනෙක්ට වහනය පෙන්වන්න ඕනි. මොකද පොඩි හරි දෝෂයක් ආවොත් වාහනයේ කාර්යක්ෂමතාවය පහල බහිනවා.

ඒ වගේම තමයි ගමනක් යන්න කලින් වගේම ගමනක් ගිහිල්ලා ආවට පස්සේ වාහනය පිරිසුදු කරන්නත් දැනගන්න ඕනේ. ගමන ආරම්භ කරන්න කලින් ලිහිසි තෙල් පරීක්ෂා කරනවා වගේම තමයි ගමන පුරාවට අවශ්‍ය සිසිලන ජලය තියෙනවද කියල ඉන්ඩිකේටර් පරීක්ෂාවකුත් කරන්න ඕනි.

වාහනයේ ටයර් සහ තිරිංග පරීක්ෂා කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්. වාහනයේ පහන් පරික්ෂා කරන එක අනතුරු වලින් මිදීමටත් හේතුවක් වෙනවා. වාහනය ගැන හොඳටම දන්නේ ඔබනේ. ඒ නිසා පොඩි හරි වෙනසක් වාහනයේ වෙනවා නම් ඒ ගැන හොඳින් විපරම් කරන්න.

වාහනය නඩත්තු කරද්දී අදාල දත්ත වාර්තා නිසි පරිදි පවත්වාගෙන යාම වාහනයට වගේම ඔබගේ පසුම්බියටත් හොඳයි. ඔබ මේ දේවල් ගැන වඩාත් හොඳින් හිතුවොත් ඔබේ වාහනය තවත් වසර කිහිපයක්ම පාවිච්චි කරන්න පුලුවන්.

Leave a comment

Comments