පිටුපස විශාල කාන්තාවන් දැනුමෙන් පිරිපුන් වගේම නිරෝගී බවිනුත් වැඩියිලු..

951

ඉස්සර කාලයේ ඉඳන්ම කාන්තාවකට පුළුල් උකුලක් තිබීම වර්ණනාවට ලක් වුණා. නමුත් උකුල පළල් වීමේ තවත් ප්‍රතිඵලයක් තමයි පිටුපස ප්‍රදේශය, ඒ කිව්වේ තට්ටම් ප්‍රදේශය විශාල වෙන එක. දැන් දැන් ලංකාවටත් මේ විලාසිතාව ඇවිත්. ඉන්ස්ටාග්‍රෑම් එක හරහා පටන් ගත්තු මේ උන්මාදයට තවම වැඩි කාලයක් නැති වුණත් ලංකාවෙත් නිළියන්ගේ ඉඳන් හැමෝම මේ වගේ තමන්ගේ පිටුපස ප්‍රදේශය ලොකු කර ගන්න වෙහෙසෙනවා. ඉතාම ජනප්‍රිය වැඩේ තමයි මේ විදිහට තමන්ගේ පිටුපස ප්‍රදේශයේ විශාලත්වය පේන්න ඇඟට හිර ඇඳුම් ඇඳලා කන්නාඩියක් ඉස්සරහට වෙලා ෆොටෝ ගහලා සමාජ ජාල වල දාන එක. (Mirror shot)

ඒ වගේ අයගේ බුද්ධි මට්ටම කොහොම වෙතත් ස්වාභාවිකවම පිරිපුන් පිටුපස ප්‍රදේශයක් තියෙන කාන්තාවන් දැනුමින් වගේම නිරෝගී බවිනුත් ඉහලයි කියලා විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් කෙරුණු මේ අධ්‍යයනයේදී පෙනී ගිහින් තියෙන්නේ එවැනි කාන්තාවන් සාමාන්‍ය ප්‍රමාණයේ තට්ටම් හිමි කාන්තාවන්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙන බව වගේම දැනුමින්, යමක් වටහා ගැනීමේ හැකියාවෙනුත් ඉහළින් සිටින බවයි. විශාල පිටුපසක් තියෙන අයගේ කොලෙස්ටරෝල් මට්ටම පවා තිබුණේ අඩු අගයකලු. ඒ වගේම හෝර්මෝන එකතුව ශක්තිමත් නිසා සීනි වගේ කෑම වඩා හොඳින් ජීර්ණය කරන්න ඔවුන්ගේ සිරුරු වලට හැකියාව තියෙනවා. මේ නිසා ඔවුන්ට හදවත් ආශ්‍රිත රෝග වැළඳීමට තියෙන ඉඩ අඩු බව සනාථ වෙලා තියෙනවා.

ඒ වගේම පිටුපස විශාල කාන්තාවන්ගේ ඒ ප්‍රදේශය තුල ඔමේගා – 3 මේද අම්ල වැඩි වශයෙන් අඩංගු වෙන නිසා ඔවුන් බිහි කරන දරුවන් පවා බුද්ධිය හා ඥානය අතින් ඉහළ තැනක සිටිනවා. ඔමේගා – 3 යනු බුද්ධි වර්ධනයට හේතු වෙන ප්‍රධානම සංයෝගයක්. ABC ප්‍රවෘත්ති වාර්තා කරන විදිහට “කොන්ස්ටන්ටිනොස් මනොලෝපවුලොස් නම් මේ අධ්‍යයනය පිටුපස සිටින විද්‍යාඥයා පවසන විදිහට කාන්තාවකට ස්වභාවිකව විශාල පිටුපසක් හිමි වීම හා කොලෙස්ටරෝල්, ග්ලුකෝස් මට්ටම නිරෝගී අගයක තිබීම අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා.” ඒ වගේම පිට්ස්බර්ග් හා කැලිෆෝනියා විශ්ව විද්‍යාල වලින් කෙරුණු පරීක්ෂණ වලින් පවා සනාථ වෙලා තියෙනවා පිටුපස විශාල කාන්තාවන්ගේ ආයු කාලය සැලකිය යුතු විදිහට දීර්ඝයි වගේම ඔවුන් වයසට ගියත් නීරෝගීව ඉන්න හැකියාවත් වැඩියි කියන එක.

මේ විදිහට කාන්තාවන්ට විශාල පිටුපසක් පිහිටන්න හේතුව වෙන්නේ ඩයිනෝපෙක්ටින් හා ලේප්ටීන් ඔවුන් තුල අධිකව පැවතීමයි. ලේප්ටින් කියන්නේ බර ඉහළ යාම පාලනය කරන හොර්මොනයක්, ඩයිනෝපෙක්ටින් වලින් උදරයේ මේද තැන්පත් වීම හා දියවැඩියාව පාලනය කරනවා. ඉතින් නිරෝගීව ඉන්න එක පුදුමයක් නෙවෙයි නේද?

හැබැයි මේක අහලා ඉතින් එක එක පිටි වර්ග, පෙති වර්ග බීලා, ඇඹරිලා තට්ටම් ලොකු කර ගත්තා කියලා ප්‍රයෝජනයක් නැහැ. ස්වභාවිකව විශේෂ යමක් නොකරම ඔබේ පිටුපස විශාලව තියෙනවා නම් විතරයි මේක අදාළ වෙන්නේ. ඒ ගැනත් සැළකිල්ලට ගත්තොත් හොඳයි.

මේ ලිපිය ඔබේ යාලුවන්ටත් share කරන්න.

Leave a comment

Comments

Close
Close
Loading...