බර පවුම් 125ක් අඩු කර ගත්තාට පස්සේ මෙයාගේ පෙම්වතා එයාව දාල ගියා, හේතුව හරිම පුදුමයි.!

ඇමරිකාවේ ටෙක්සාස් වල ඉන්න ක්‍රිස්ටීන් කාටර් අවුරුදු 28ක් වයස ලස්සන සිරුරක් තියෙන තරුණියක්. හැබැයි මෙයා හැමදාම මේ වගේ හිටපු කෙනෙක් නම් නෙවෙයි. අවුරුදු කිහිපයකට කලින් බොහොම මහතට හිටපු ක්‍රිස්ටීන්ගේ බර එක කාලෙක පවුම් 270ක් විතර ඉහළ අගයක තිබිලා තියෙන්නේ. දිගින් දිගටම කවුරුත් තමන්ට උසුළු විසුළු කරපු නිසා ක්‍රිස්ටීන් ඉඳලා තියෙන්නේ තමන්ගේ ශරීරය ගැන ලොකු කලකිරීමකින්. ඒ වගේම එයාගේ මහත ශරීරය නිසා නිතර සෞඛ්‍ය ගැටළු වලටත් මුහුණ දීලා. දවස ගානේ බෙහෙත් බිබී ඉන්නයි එයාට සිදු වෙලා තිබුණේ. කවදාවත් තමන්ගේ යාළුවො අඳින විදිහේ ලස්සන, ඇඟට හැඩ ඇඳුම් එයාට අඳින්න පුළුවන් වුණේ නැහැ.

ඒත් කාලයක් ගියාට පස්සේ එයාටම මේ ජීවිතය එපා වුණා. එයා සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න තීරණය කළා. නිතරම ව්‍යායාම කරලා කඩිසර, ක්‍රියාශීලී දිවියක් ගෙවන්න පටන් ගත්තු ක්‍රිස්ටීන් තමන් කාපු තෙල්, පිටි, සීනි අධික කෑමත් පාලනය කළා. කාලයක් මහතට හිටපු මෙයාගේ බර බලා ගෙන ඉද්දි අඩු වෙන්න ගත්තා. ඇඟත් ලස්සන වෙන්න ගත්තා.

හැබැයි එයාගේ මේ උත්සාහයට කවදාවත් පිටුවහලක් නොවුණු තවත් කෙනෙක් හිටියා, ඒ තමයි ක්‍රිස්ටීන්ගේ පෙම්වතා. එයා නිතරම ක්‍රිස්ටීන්ට කිව්වේ ආපහු කලින් විදිහටම තෙල්, පිටි අධික කෑම කන්න පටන් අරගන්න කියලයි. එයාට ඕන වුණේ ක්‍රිස්ටීන්ව ආපහු හිටියා වගේම මහත් කර ගන්න. එයා ඒකට දුන්නු හේතුව තමයි ක්‍රිස්ටීන් කෙට්ටු වෙලා, ලස්සන වෙලා අනිත් පිරිමි ළමයින්ගේ ආකර්ෂණයට ලක් වෙනවට තමන් කැමති නැහැ කියන එක. හැමදාමත් තමන්ට විතරක් ආදරය කරන්න හිතෙන කෙනෙක් විදිහට ඉන්න කියලයි එයා ක්‍රිස්ටීන්ට කිව්වේ.

ක්‍රිස්ටීන් තමන්ගේ සෞඛ්‍ය පිරිහෙන එක ගැනවත් හිතලා තව ටිකක් බර අඩු කර ගන්න දෙන්න කියලා ඉල්ලා හිටියත් ඔහු ඒකට කැමති වෙලාම නැහැ. අන්තිමට එයාට තමන් කොච්චර ආදරේ කරත් තමන්ගේ සෞඛ්‍යයයි, ජීවිතයයි ගැන හිතලා පෙම්වතාට සමු දීල දිගටම බර අඩු කර ගන්න තීරණය කරන්න ක්‍රිස්ටීන්ට සිද්ධ වුණා.

ඉතින් ඔවුන් දෙන්නා වෙන් වුණා. ක්‍රිස්ටීන් තමන්ගේ බර අඩු කරන වැඩ සටහන දිගටම කරගෙන ගිහින් පවුම් 150 දක්වා බර අඩු කර ගත්තා. එත් පවුම් 110කටත් වඩා ටික කාලෙකින් අඩු වුන නිසා එයාගේ ඇඟේ හැම තැනම හම එල්ලා වැටිලා තිබුණේ. කොහොම වුණත් ප්ලාස්ටික් සැත්කම් වලට ප්‍රසිද්ධ දොස්තර ජොන් කර්ක්ජන්ට පුළුවන් වුණා ඒ අනවශ්‍ය හැම බොහොමයක් ඉවත් කරලා ආපහු ක්‍රිස්ටීන්ට ලස්සන සිරුරක් ලබා දෙන්න.

දැන් ක්‍රිස්ටීන්ට පුළුවන් වෙලා තියෙනවා කාලෙකට පස්සේ තමන් සිහින දැකපු විදිහේ සිරුරකට උරුම කම් කියන්න. නමුත් ඇය එතනින් නතර වෙලා නැහැ. තමන්ගේ ශරීරය ගැන ඒ තරම් සැළකිලිමත් වෙන්නේ නැති කාන්තාවන්ට එයා හොඳ ආදර්ශයක් සපයනවා. ඔබටත් පුළුවන් ක්‍රිස්ටීන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම සමග සම්බන්ධ වෙලා ඇය ඉක්මනින් බර අඩු කර ගන්න පාවිච්චි කරපු ආහාර වට්ටෝරු සහ ව්‍යායාම් ක්‍රම ගැන දැන ගන්න. ඒවාගෙන් ආදර්ශයක් අරගෙන ඔබත් ලස්සන සිරුරක් ලබා ගන්න.

ඇඟේ හැඩය හරි නැති නිසා තමන් ආස ඇඳුම් ලස්සනට අඳින්න බැරි ප්‍රශ්නය ඔබටත් ඇති. නමුත් මහන්සි වුනොත් ඕනෑම ගැහැණු ළමයෙකුට පුළුවන් ලස්සන සිරුරක් ලබා ගන්න. අර තරම් මහතට හිටපු ක්‍රිස්ටීන්ට මේ තරම් ලස්සන වෙන්න පුළුවන් වුණා කියලා දැක්කම ඔබටත් හිතේවි පොඩි උත්සාහයක් ගන්න. මේ ලිපිය ඔබේ යාලුවන්ටත් share කරලා ඔවුන්වත් දිරිමත් කරන්න.

Leave a comment

Comments