හතර දෙනෙක්ට යන්න පුළුවන් කාර් එකක් රුපියල් 7850.00 ට…?

5247

කාර් එකක් ගන්න එක කොයි කාගෙත් ජීවිත වල තියෙන ලොකුම හීනයක්. අද කාලෙනම් කාර් එකක් ගන්න ලක්ෂ ගානක් වියදම් කරන්න සිද්ධ වෙනවා. අපි අද ඔබට කියන්න යන්නෙ රුපියල් 7850.00 කාර් ගන්න පුළුවන් කම තිබුනු කාලයක් ගැන. අද කාලෙ මේ ගානට කාර් ගන්න පුළුවන්කම තිබුනනම් ලංකාවෙත් හැම ගෙදරකම වගේ කාර් තියේවි.

රුපියල් 7850.00 ක් කියන්නෙ එදා ජීවත් වුන අයටනම් ලොකු ගාණක් තමයි.කොහොම උනත් අපි ඔබට කියන්න යන්නෙ රුපියල් 7850.00 ට ගන්න පුළුවන්කම තිබුනු ඒ කාර් එක ගැන.

ෆියට් 600 ඉතාලි නිෂ්පාදකයෙකු වන ෆියට් විසින් 1955 සිට 1969 දක්වා කාලය තුල නිපදවන ලද මෝටර් රථයක් ලෙස හැඳින්වෙනවා. මෙහි දිග මීටර් 3.22 පමණ වන අතර පළල මීටර් 3.18 ක් පමණ වෙනවා.1955 සිට 1969 දක්වා කාලය තුල ටොරින්හි මිරාෆියෝ කම්හලේදී ෆියට් 600 වර්ගයේ මෝටර් රථ 2,695,197 ක් නිෂ්පාදනය කර තිබෙනවා.1960 දශකයේ මෙන්ම 70 හා 80 දශකවල මෙම මෝටර් රථය ස්පාඤ්ඤය වගේ රටවල් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. 633 CC එන්ජින් ධාර්තාවයකින් යුත් මෙම මෝටර් රථය වේග හතර මැනුවල් ගියර් පද්දතියකින් යුක්තයි. ලංකාව තුලද ජනප්‍රිය වූ මෙම මෝටර් රථය රුපියල් 7850 කට මිලදී ගැනීමේ හැකියාව තිබුණා.

මේ ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් අපි හැමෝම එක්ක බෙදාගන්න වගේම, මේ ලිපිය ෂෙයාර් කරලා ඔබේ මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා..

Leave a comment

Comments

Close
Close