නිදා ගන්න පෙර දෙහි බෑයක් කාමරයේ තැබීමෙන් ලැබෙන වාසි මෙන්න

අාහාර පිසීමේදී අනිවාර්යෙන් යොදා ගන්නා දෙහිවල විශේෂ සෞඛ්‍යමය වාසි රැසක් අැති බව සොයා ගෙන අැත. දෙහි වල අඩංගු විටමින් C සාරය නිසා රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළත් දෙහිවලට හිමි වෙන්නේ විශේෂ තැනක්. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලද ප්‍රතිකාර සඳහා ද බහුල වශයෙන් දෙහි භාවිතා කරන බව අපි දන්නවා.

දෙහි වලින් ඔබට අත්විඳිය හැකි තවත් ප්‍රතිලාභ රැසක් පිළිබඳව දැනගන්න නම්, රාත්‍රී නින්දට ප්‍රථම, ඔබේ නිදන කාමරයේ නිදි යහන අසල දෙහි බෑයක් තබන්න.

නැවුම් හැගුමන් සමග පසුදා උදෑසන අවදිවන්න. ක්‍රියාශීලීව දවස ගත කරන්න ඔබට හැකි වේවි.

රුධිර පීඩනය අඩු කරයි

අධි ආතතිය මෙන්ම අධි රුධිර පීඩනය දුරු කරන්නත් ලෙමන් සුවඳට විශේෂ හැකියාවක් ඇති බව සොයා ගෙන තිබෙනවා.

මානසික ඒකාග්‍රතාවය

දෙහි/ලෙමන් සුවඳ අඝ්‍රාණය කිරීම මඟින් මානසික ඒකාග්‍රතාවය වැඩි වන බව ජපානයේ විද්‍යාඥයින් පිරිසක් විසින් අනාවරණය කරගෙන තිබෙන අතර දිනපතා මෙය සිදු කිරීම මඟින් මනසේ ක්‍රියාකාරීත්වය මෙන්ම මතකයද වැඩි වනවා.

ඔබේ කාර්යාල කාමරය තුලත් මේ ආකාරයට ලෙමන් සුවඳ නිතර අඝ්‍රාණය කල හැකි ක්‍රමයක් සකස් කර හැකිනම් කාර්යාල කටයුතු වලදී ඔබ අතින් සිදු වන වැරදි අවම කරගන්න පුළුවන්.

සැහැල්ලු බව

ඔබේ ස්නායු පද්ධතිය සංසිඳුවීමට, උද්වේගකර ගතිය දුරුකිරීමට සහ වෙහෙසකර දිනයක විඩාබර බව නැති කර දැමීමට දෙහි වල අඩංගු පැඟිරි සුවඳට විශේෂ හැකියාවක් තිබෙනවා.

පැඟිරි තෙල් ස්වල්පයක් භාවිතා කිරීමෙන් වුව ඔබට මෙම අත්දැකීම ලබා ගත හැකි අතර එසේ නොමැතිනම් නිදි යහන අසල දෙහි බෑයක් තබාගෙන නිදාගැනීම හොඳටම ප්‍රමාණවත්.

අාතතියෙන් මිදෙන්න

Upset වෙච්ච Mood එක fix කරගන්න තවත් හොඳ විදියක් තමයි ලෙමන් සුවඳ ආඝ්‍රහණය කිරීම. ඔබ මානසික ආතතියෙන් පෙලෙන් කෙනෙක්නම් මෙය අත්හදා බලන්න.

පිරිසිදු නැවුම් බවක්

මිහිරි සුගන්ධයට අමතරව දෙහි වල බැක්ටීරියා නාශක ගුණයක්ද අඩංගුයි. මේ නිසා ඔබේ නිදන කාමරය තුල දෙහි බෑයක් තැබීම මඟින් කාමරයේ අඩංගු බැක්ටීරියා විනාශ කර නැවුම් වටපිටාවක් ලබා ගත හැකියි.

මදුරුවන් පළවා හරින්න

දෙහි බෑයක් ඔබේ නිදන කාමරයේ ඇඳ අසල තබා ඇති කිසිම අවස්ථාවක මදුරුවන් වැනි කෘමින්ගෙන් ඔබට කරදරයක් වෙන්නේ නැහැ වගේම මදුරුවන් පලව හැරීම සඳහා මදුරු විකර්ෂක මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නෙත් නැහැ.

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දෙහි බෑය මත කරාබු නැටි කිහිපයක් ගිල්වා තබන්න.

Leave a comment

Comments