අද ලග්න 3 කට මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 අප්‍රියෙල් මස 06 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.41 සිට දහවල් 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.45 සිට අලුයම 12.13 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොණ

මේෂ ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි. උදෑසන කාලය තුලදී වඩාත් කාර්යබහුල විය හැකි දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. ආගමානුකුල කටයුතු වලටද යොමු වන දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 07

වෘෂභ ලග්නය

මානසික අසහනකාරී තත්වයන් ඇතිවන දිනයකි. නමුත් ඉවසීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන දිනයකි. සෞම්‍ය සිතුවිලි වර්ධනය වන උසස් අදහස් මතුවන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 03

මිථුන ලග්නය

පවුල් ජීවිතය වඩාත් සාර්ථක වන දිනයකි. සැප සම්පත් ලැබෙන දිනයකි. කල්පනාකාරීව දිනය ගත කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 05

කටක ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. නමුත් මනසට පීඩා ඇතිවන දිනයකි. සතුරු කරදර හා පීඩාද ඇතිවීමට ඉඩ ඇති දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 08

සිංහ ලග්නය

පාලන බලය නොමදව ලැබෙන ස්වාධීන තීරණ ගන්න දිනයකි. අන් අයට ආදර්ශමත්ව දිනය ගත කරයි. නිවසක්, වාහනයක් මිලදී ගැනීමට වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 04

කන්‍යා ලග්නය

හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. පෙර පින ඉස්මතු කරගැනීමේ වාසානාව පවතින දිනයකි. වැඩිහිටියන්ගෙන් මෙන්ම හිත මිතුරන්ගෙන් උදව් ලැබෙන දිනයකි. සුභ මංගල යෝග ඇතිවන දිනයකි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 08

තුලා ලග්නය

සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇති දිනයකි. බොහෝ කටයුතු වලදි සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. නමුත් ඒවා සාර්ථක වීමේ හැකියාවද පවතින දිනයකි. එමෙන්ම අන් අය ඔබේ උදව් පතා ඔබව සොයා එන දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 06

වෘශ්චික ලග්නය

තරමක පීඩාකාරී දිනයකි. නමුත් අධ්‍යාපන හා තරග ආදී කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. මතභේද වලින් තොරව දිනය ගත කරන්න. චෝදනා ඇතිවීමට ඉඩ ඇත. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 06

ධනු ලග්නය

වෘත්තිමය කටයුතු වලට වඩා පවුලේ අය වෙනුවෙන් වෙහෙස වන දිනයකි. අන් අය විශ්වාස කිරීමේදී දෙවරක් සිතා බැලිය යුතු දිනයකි. පිළිවෙලකට අනුව වැඩ කිරීම මගින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. වගකීමෙන් යුතුව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 04

මකර ලග්නය

මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු වලදී නම් ඔබ වඩාත්ප්‍රවෙසම්ව කටයුතු කළයුතු දිනයකි. අලුතින් ආරම්භ කරන කටයුතු උනන්දුවෙන් කිරීමට වග බලාගන්න. වචන භාවිතයේදී සැළකිලිමත් වන්න. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යන්ත්‍ර සුත්‍ර සමඟ ඔබ වැඩ කටයුතු කරන කෙනෙක් නම් වඩාත් ප්‍රවේසම් වීම වැදගත්. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

කුම්භ ලග්නය

ඔබේ ලැබීම් තත්වය ඉතාම උසස් දිනයකි. බොහෝ පිරිස් සමඟ ගනුදෙනු කළහැකි දිනයකි. ඔබ කරන කියන දේවල් වලට අන් අයගේ වැඩි ආකර්ෂණය වන සුභ දිනයකි. තාක්ෂණික මෙවලම් ආදී කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. ඔබේ ගෞරවය අන් අය අතර රඳවාගත යුතු දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 07

මීන ලග්නය

පෞරුෂය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. කතාවෙන් අන් අයව දිනාගන්න දිනයකි. අන් අයගේ උපදෙස් අනුගමනය කිරීම ඔබට වඩාත් යහපත් තත්වයන් උදාකරන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලදී නම් බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 07

Leave a comment

Comments