අද ලග්න 2ක් ආහාර ගැනීමේදී කල්පනාකාරී වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 මැයි මස 16 වන බදාදා
රාහු කාලය: දිවා කාලය දහවල් 12.07 සිට දහවල් 01.40 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.33 දක්වා
සුභ දිශාව: උතුර, මරු සිටින දිශාව: නිරිත

මේෂ ලග්නය

වාග් ශක්තිය ඉතාම උසස් මට්ටමක පවතින දිනයකි. වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු සහගත තත්වයක් පෙන්නුම් කරන දිනයකි. වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගතකළ හැකි දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය, ජය අංකය: 01

වෘෂභ ලග්නය

යහපත් සිතුවිලි පවතින දිනයකි. පෙර පින ඉස්මතු කරගැනීමේ වාසනාව පවතින දිනයකි. කතාවෙන් අන් අයව දිනාගත හැකි දිනයකි. අතගහන ඕනෑම කටයුත්තක් පහසුවෙන්ම සාර්ථක කරගත හැකි දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ව්‍යායාමයක් මගින් මෙන්ම ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

මිථුන ලග්නය

වියදම් අධික විය හැකි දිනයකි. එබැවින් තරමක් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. කතාවේදී වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආහාර ගැනීමේදී කල්පනාකාරී වන්න. වැඩියෙන් ජලය පානය කරන්න. නිසි සැලසුම් සහිතව සාර්ථකව සියලු වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 06

කටක ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. කර්මාන්ත ආශ්‍රිත කටයුතු වලින්ද වැඩි ලාභ ලැබිය හැකි දිනයකි. ඔබේ කායික ශක්තිය වඩාත් හොදින් පවතින දිනයකි. ඔබේ වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 03

සිංහ ලග්නය

වෘත්තිමය කටයුතු දියුණුවට පවත්වන දිනයකි. අන් අය අතර මෙන්ම සමාජය තුලද ඔබව ගෞරවයට පාත්‍ර වන දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. උසස් අයගේ උපදෙස් හා ප්‍රශංසා ලැබෙන දිනයකි. සමාජයේ වැඩි ගෞරවයක් අපේක්ෂා කළහැකි දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 03

කන්‍යා ලග්නය

ආගමානුකුල ගමන් බිමන් සඳහා ආරාධනා ලැබෙන දිනයකි. ඔබට වචනයෙන් පමණක් අන් අයව වසඟ කරගත හැකි දිනයකි. කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඉවසිල්ලෙන් කටයුතු කරන්න. ඔබට බොහෝ ලාභ ලැබිය හැකිය. සිතේ සතුට වැඩිවන දිනයකි. කල්පනාකාරීව, මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 08

තුලා ලග්නය

අධ්‍යාපන කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකි දිනයකි. නිවාස ආශ්‍රිත කටයුතු වලට වැඩියෙන් වෙහෙසෙන දිනයකි. ආර්ථිකය යහපත් මට්ටමකට පවතින දිනයකි. මුදල් ලැබීම් අතින් ඉතාම සුභ දිනයකි. ආහාර ගැනීමේදීද කල්පනාකාරී විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අන් අයගෙන් වැඩියෙන් ප්‍රවේසම් වීම වැදගත්. මහන්සියෙන් තම වැඩ කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 03

වෘශ්චික ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලින් වැඩි දියුණුවක් ලබාගත හැකි දිනයකි. පවුල තුල මෙන්ම සමාජ සේවා කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මනාවට අන් අයව තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 03

ධනු ලග්නය

කායික ශක්තිය වර්ධනය වන දිනයක් වන අතර ක්‍රීඩා කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. ඔබේ සිත ශක්තිමත් කරගතයුතු දිනයකි. ඉවසිල්ලෙන් යුතුව ඔබ කටයුතු කළයුතු දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. දිනය තුල නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. නමුත් සෞඛ්‍ය ගැන වෙනදට වඩා සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 06

මකර ලග්නය

ඔබේ අධ්‍යාපනික ශක්තිය වැඩි දියුණු වන දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලටද දැනුම සම්බන්ධ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නමුත් ඉවසිල්ලෙන් කටයුතු කිරීමට වග බලාගන්න. කල්පනාවෙන් ගත කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 03

කුම්භ ලග්නය

සිතෙහි තිබු දුක් පීඩා අවම වන දිනයකි. ගමන් බිමන් වැඩි වන දිනයකි. බොහෝ ධනය උදාවන ඔබේ ආදායම් තත්වය වර්ධනය වන වැඩ කටයුතු ආරම්භයට වඩාත් සුභ දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

මීන ලග්නය

ඔබේ යහපැවතුම් නිසාම අන් අය අතර ඔබව වඩාත් කැපී පෙනෙන දිනයකි. හිතුමතේට, කටයුතු කරන සිත නොසන්සුන් වන දිනයකි. ක්‍රීඩා කටයුතු වලට වැඩි ඇල්මක් දක්වන දිනයකි. බලාපොරොත්තු බොඳ විය හැකි දිනයක් වන බැවින් කල්පනාකාරීව වැඩ කරන්න. නිසි සැලසුම් ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

Leave a comment

Comments