2018 නොවැම්බර් මස 09 වන සිකුරාදා – අද දවස ඔබට කොහොමද?

0

මේෂ ලග්නය

අද දින ඔබ කල්පනාවෙන් යුක්තව කටයුතු කළ යුතු දවසක්. මානසික පීඩා චිත්ත පීඩා ඇතිවෙන දිනයක්. ඔබ උදව් කළ අය ඔබට එරෙහිව කටයුතු කරන බවක් පෙන්නුම් කරනවා. මානව දයාව පිරි වාසනාවන්ත දවසක් ලෙස අද දිනය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. පුංචි පුංචි චිත්ත පීඩා ඇති වුනත් ඒවා යටපත් කරගෙන ඉදිරියට ගමන් කරනවා. ජීවිතය ඇතුලේ සමබරවීම් ඇතිවෙනවා.
ජය වර්ණය ලා දම් පැහැය, ජය අංකය 05

වෘෂභ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු, ප්‍රේම සම්බඳතා විවාහ සම්බන්ධතා වලට ඉතාම යහපත්. පරිපාලනමය හැකියාව උසස් මට්ටමක පවතිනවා. ඕනෑම කෙනෙක් සමඟ හිනා වෙලා කතා කරබ්බ අවස්තාව ලැබෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව පෙන්නුම් කරනවා. ඒ නිසා සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න. අද දිනයේ ඔබ ඍජු තීරණ ගන්න.
ජය වර්ණය තද කහ පැහැය, ජය අංකය 02

මිථුන ලග්නය

කායික මානසික පීඩන සියල්ල දුරු කරගෙන හිතේ සතුට වර්ධනය කරගන්න අද දවසේ ඔබට සැබෑ ශක්තිය ලැබෙනවා. ජව සම්පන්න කටයුතු ක්‍රීඩා ශීලි කටයුතු පොදු කටයුතු වලට යහපත් දවසක්. ඇඟේ හයිය යොදාගෙන කරන ඕනෑම කටයුත්තකින් ජයග්‍රහණය උරුම කරගැනීමේ වාසනාව ඔබ සතුව පවතිනවා. ඒ වගේම බුද්ධිමත් භාවයත් අද දවසේ යහපත් මට්ටමක පවතිනවා. අධ්‍යාපනික කටයුතු තරඟකාරී කටයුතු වලට යෝග්‍යය දවසක්. විවාහ ජිවිතේ මත ගැටුම් තිබුනානම් ඒවා දුරු වෙනවා.
ජය වර්ණය ලා කහ පැහැය, ජය අංකය 03

කටක ලග්නය

ආගම දහම කුලය වෙනස් අය සමඟ මත බේද මත ගැටුම් තිබුණානම් ඒවා බුද්ධිමත් භාවයෙන් විසඳගන්න අද දවසේ ඔබට වාසනාව හිමිවෙනවා.සියුම් සතුරු කරදර ඇතිවෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා වචන භාවිතයේදී කල්පනාකාරී වන්න. ඔබ රැකගත යුතු රහස් ඔබම තියාගන්න. අන් අය සමඟ බෙදාගන්න නොයන්න. ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළොත් අද දවසේ ඇතිවෙන්න පුලුවන ව්‍යසනකාරී තත්ත්ව ගොඩක් දුරට මඟහරවගන්න ඔබට ඉඩකඩ පවතිනවා. යාන වාහන කටයුතු වලට සුබයි.
ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය 05

සිංහ ලග්නය

අද දිනයේ ඔබේ දූ දරුවන් පිළිබඳව වෙනදට වඩා ටිකක් අවධානය යොමු කරන්න. ඒ වගේම අද දිනයේ ඔබේ අධ්‍යාපනික කටයුතු වල යම් මන්දගාමී තත්වයක් ඇතිවෙන්න පුලුවන්. දු දරුවන් පිළිබඳව කලකිරීම් ස්වභාව ඇතිවෙන්න පුළුවන් දිනයක්. ඇස් බැන්දුම්කාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දකින දේ ඒ ආකාරයෙන්ම පිළිගන්න, විශ්වාස කරන්න හිතන්න එපා. හොඳින් කල්පනා කරලා බුද්ධියෙන් තීරණ ගන්න.
ජය වර්ණය තදකොළ පැහැය, ජය අංකය 09

කන්‍යා ලග්නය

අද දිනයේ ඔබට කායික මානසික පීඩාකාරී තත්ත්ව ඇති වුණත් මේ සියල්ල පෞද්ගලිකව දරාගන්න පුළුවන් හැකියාවක් ඔබ සතුව පවතිනවා. ඒ නිසා ඕනෑම කෙනෙක් සමඟ සතුටෙන්, සිනාමුසු මුහුණින් යුක්තව කතා කරන්න ඔබට වාසනා ගුණය පෙන්නුම් කරනවා. තරඟ කිරීමේ හැකියාව ඉතා යහපත්. හෘද සාක්ෂියට එකඟව වැඩ කරන දිනයක්. සංචාරක වෙළඳ ව්‍යාපාර කටයුතු වල දියුණුවක් ඇතිවෙනවා. තමන්ගේ ව්‍යාපාර කටයුතු උසස් මට්ටමකට පත් වෙනවා. ගන්න තීන්දු තීරණ ක්‍රමානුකුලව ගත යුතුයි. හිත සම්බන්ධ කාරණා වලදී ඉවසිලිවන්තව කටයුතු කරන්න. අධ්‍යාපනික කටයුතු වලට වැඩි අවධානය යොමු කරන්න.
ජය වර්ණය ලා කහ පැහැය, ජය අංකය 03

තුලා ලග්නය

කායික මානසික වෙහෙසකර තත්ත්ව කිහිපයක් ඇති වෙනවා.ඔලුව උස්සගන්න බැරි තරමට වැඩ කටයුතු යෙදෙනවා. නමුත් මේ සියල්ල ක්‍රමිකව කළමනාකරණය කරගන්න වාසනාව හිමි වෙනවා. ජීවිතේට අලුත් බලාපොරොත්තු ගණනාවක් එකතු වෙනවා. ඒ සියල්ල සුභවාදී මට්ටමකට විසඳගන්න ඔබට හැකියාව පවතිනවා. අනපේක්ෂිත ආකාරයට බොහෝ පුද්ගලයන් ඔබට උදව් කරන්න පෙළඹෙනවා. මේ තත්වය වාසනාවන්ත තත්වයක්. ඥාතින් නෑයින් ඔබට අද උදව් කරන තත්වයක් පෙන්නුම් කරන්නේ. ජිවිතේ ඇතුලේ සතුට හොයාගෙන යනවනම් ගොඩක් ප්‍රවේසමෙන් සතුට හොයාගෙන යන්න.
ජය වර්ණය රනාවන් පැහැය, ජය අංකය 01

වෘශ්චික ලග්නය

බුද්ධිමත් බාවය වර්ධනය වන දිනයක්. තීන්දු තීරණ ගන්න හිතෙනවා. මනසට එකඟව තීන්දු ගන්න දිනයක්. නමුත් ඒ තීරණ නිසා පුංචි පුංචි බලාපොරොත්තු රහිත බාධක කරදර තත්ත්ව කිහිපයක්ම ඇතිවෙන්න පුළුවන්. සුළු අසනීප තත්ත්ව රෝගී තත්තව ඇති වෙන්න පුළුවන්කමක් තිබෙනවා.
ජය වර්ණය විසිතුරු පැහැය, ජය අංකය 05

ධනු ලග්නය

අද දිනයේ ඔබට ඔලුව උස්සගන්න බැරි තරමට මානසික පීඩාකාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ඔබේ තීරණ පිළිබඳව ඔබ පසුතැවෙනවා. එම නිසා තීන්දු තීරණ ගනිද්දී කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. ආහාර ගැනීමේදී ආහාර රටාව පිළිබඳව සැලකිලිමත් වන්න. වචන භාවිතා කිරීමේදී ගොඩක් ප්‍රවේසම් වන්න. මුදල් පරිහරණය කිරීමේදී ඉවසිලිවන්ත වන්න. අත්සන් කරන කටයුතු වලදී කල්පනාකාරී වන්න. ගෘහ ජිවිතේ කටයුතු යහපත් මට්ටමට සිදු වෙනවා.
ජය වර්ණය ලා නිල් පැහැය, ජය අංකය 05

මකර ලග්නය

රැකියා ස්ථාන වල දියුණුවක් ඔබ බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතා වෙහෙසකාරී දිනයක්ද වෙනවා. මේ නිසා ඔබ මනසින් ශක්තිමත් විය යුතු දිනයක්. සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න. ඖශධ පානය කරන කෙනෙක්නම් නියමිත මාත්‍රාවට අනුව ගන්න. කෘත්‍රිම ආහාර ගැනීමෙන් වලකින්න. හිසේ කැක්කුම් කොන්ද තුනටිය ආදී ස්ථාන වල රෝගී තත්ත්ව ඇති වෙනවා.
ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය 05

කුම්භ ලග්නය

අද දිනයේ ඔබට වෘත්තිමය වශයෙන් උසස්වීම් ලැබෙනවා. මානව සම්පත් කළමනාකරණයට ඉතා යහපත් දිනයක්. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයක්. ඉවසිලිවන්තව කටයුතු කරන්න. පොදු කටයුතු බහුල වන දිනයක්. අත්සන් තැබීමේ කටයුතු වල නිරත වෙන්න තියන දිනයක්. යනඑන ගමන් බිමන් වලදී කල්පානකාරී වන්න.
ජය වර්ණය ලා කහ පැහැය, ජය අංකය 07

මීන ලග්නය

අද දිනයේ ඔබ ඉතා කාර්යබහුල වනවා. ඔබ අද සමාජීය වීරයෙක් බවට පත් වන දිනයක්. ආමාශගත රෝගී තත්ත්ව සැදීමේ ඉඩකඩක් පවතිනවා. ඒ රෝගී තත්ත්ව යටපත් කරගන්න ඔබ උතසහ කල යුතුයි. හිතේ හයිය වැඩි කරගන්න තරමට ඔබේ ජයග්‍රහණ ඉක්මන් වෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය ලා කහ පැහැය, ජය අංකය 06

Leave a comment

Comments