2018 අගෝස්තු මස 14 – අද දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය

කේන්තියෙන් ද්වේශයෙන් කිසිඳු ලෙසක ලියවිලි කටයුතු සිදු නොකළ යුතු දිනයකි.මූල්‍ය අංශයේ කටයුතු වලදී ඉතා ප්‍රවේශම්කාරීවිය යුතුයි.සෞඛ්‍ය පිලිබඳව ඉතා සැලකිලිමත් වන්න. රැකියා ස්ථානයේ වගකීම් වැඩි දිනයකි. ඒවා හොඳින් කිරීමෙන් උසස් ලැබෙන දිනයකි.
ජය වර්ණය – ලා රතු පැහැය ජය අංකය- 06

වෘෂභ ලග්නය

අධ්‍යාපනික කටයුතු සඳහා ඉතා සුභ දිනයකි. අත පසු වූ වැඩ ආරම්භයට ඉතා හොඳ දිනයකි. අන් අයට උදව් කරන මෙන්ම කලාත්මක දේ වලට වැඩි නැඹුරුවක් දක්වන දිනයකි. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි.
ජය වර්ණය – සුදු පැහැය ජය අංකය -05

මිථුන ලග්නය

සෙනෙහස වර්ධනය වන දවසකි. නිර්මාණශීලීත්වය හා වෘත්තීමය හැකියාව වර්ධනය වන දවසකි. දෙපල පවරාගැනීම් වලට ඉතා යෝග්‍ය දිනයකි.
ජය වර්ණය- කොල හා කහ පැහැය ජය අංකය – 04

කටක ලග්නය

ඉවසීම වැඩි දිනයකි. අනවශ්‍ය ලෙස ප්‍රවේසම් වීමක් අවශ්‍ය නැත.පැරණික කෞශ්‍යලයන් ඉස්මතුවන අතර යහපත් ලෙස කටයුතු කරන දවසකි.
ජය වර්ණය – දීප්තිමත් සුදු පැහැය ජය අංකය – 03

සිංහ ලග්නය

පාලන ශක්තිය වැඩි හා සත්‍ය ප්‍රකාශ කරන දවසකි. සංකිර්ණ දේ අන් අයට ඉතා පහසුවෙන් ඉගැන්වීමේ හැකියාව ඇති දවසකි.යම් කාර්‍යබහුල තත්ත්වයක් ඇති දවසකි.
ජය වර්ණය- රතු පැහැය ජය අංකය -02

කන්‍යා ලග්නය

සෙනෙහස වැඩි දවසකි. පුන්‍ය කටයුතු වලට සහභාගීවිමේ හැකියාව පවතී.සමාජ සේවා වැඩ කටයුතු වලට අද දිනය කැප කරන ලක්ෂණ පෙන්නුම් වන දිනයකි.
ජය වර්ණය- ලා කොළ පැහැය ජය අංකය- 01

තුලා ලග්නය

ලිපි ලේඛන පිලිබඳව දැඩි අවධානයක් යොමු කල යුතු දිනයකි.යුතුකම් ඉතා හොඳින් ඉෂ්ඨ කල යුතු දිනයකි.කණ්ඩායම් හැඟීම වර්ධනය වන දිනයකි.
ජය වර්ණය – ලා දම් පැහැය ජය අංකය – 03

වෘශ්චික ලග්නය

රථවාහන මෙන්ම තනතුරු ලැබීමේ භාග්‍ය ඇති දිනයකි. විදේශ ගත වීමේ කටයුතු වලට ඉතා යෝග්‍ය දිනයකි. මංගල යෝග ඇති දිනයකි.
ජය වර්ණය- ලා රතු පැහැය ජය අංකය – 07

ධනු ලග්නය

ආහාර රටාව පිලිබඳව ඉතා සැලකිලිමත් විය යුතු දිනයකි. සෞඛ්‍ය පීඩාකාරී තත්ත්ව ඇතිවන දිනයකි. විභාග වලට මුහුන දීමට , පොත් පත් ආශ්‍රිත වැඩ කටයුතු සඳහා ඉතා යෝග්‍ය දිනයකි.
ජය වර්ණය- තද කහ පැහැය ජය අංකය – 06

මකර ලග්නය

අත පසු උන වැඩ නැවත ආරම්භ කිරීම සඳහා ඉතා යෝග්‍ය දිනයකි. රාජකාරි ස්ථානයේ වගකීම් වැඩි වන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වලට ඉතා යෝග්‍යවේ. විදේශ ගත වීමේ කටයුතු සූදානම් කිරීමට හොඳ දිනයකි.
ජය වර්ණය- නිල් පැහැය ජය අංකය – 05

කුම්භ ලග්නය

ආදරය සෙනෙහස වැඩිපුර ලැබෙන සහ ලබා දෙන දිනයකි. මව් පිය උරුමය ලෙස දේපල හිමිවන දිනයකි. මුදල් ලාභ ද හිමිවන දිනයකි. කරුණාවන්තභාවය ඔබ කෙරෙහි ඉතා ඉහලින් ලැබෙන දිනයකි. රෝගසුව වන දිනයකි. එමෙන්ම ලෝහ ගතියක් දැනෙන දිනයකි.
ජය වර්ණය – ලා නිල් පැහැය ජය අංකය- 04

මීන ලග්නය

විනෝදාත්මක ගතියක් ඇති දිනයකි. සහෝදරයන් පිලිබඳව වැඩිපුර කටයුතු කිරීමට සිදුවන දිනයකි. දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැඩි අවධානයක් ලබා දෙන්න. රහස් සතුරු කුමන්ත්‍රණයක් අද එලිවේ.
ජය වර්ණය – කහ පැහැය ජය අංකය – 03

Leave a comment

Comments