අද එක ලග්නයක් වාහන ධාවනයේදී පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද..?

අද 2018 මැයි මස 17 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.13 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.33 සිට 03.00 දක්වා.
සුභ දිශාව: නැගෙනහිර

මේෂ ලග්නය

අවංකව ඔබ කටයුතු කරන දිනයකි. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ආදායම සුභ දිනයකි. නායකත්වයද ඔබට ලැබෙන දිනයක් විය හැකි බැවින් වඩාත් කලපනාකරිව කටයුතු කළයුතු දිනයකි. මනා ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඔබේ රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. ව්‍යාපාර කටයුතු කරන්නන්ටද සුභ දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය, ජය අංකය: 02

වෘෂභ ලග්නය

යහපත් සිතුවිලි පවතින දිනයකි. පෙර පින ඉස්මතු කරගැනීමේ වාසනාව පවතින දිනයකි. කතාවෙන් අන් අයව දිනාගත හැකි දිනයකි. අතගහන ඕනෑම කටයුත්තක් පහසුවෙන්ම සාර්ථක කරගත හැකි දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ව්‍යායාමයක් මගින් මෙන්ම ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

මිථුන ලග්නය

විමසිල්ලෙන් කටයුතු කරන දිනයකි. ඔබේ ප්‍රකාශන ශක්තිය ඉතාම ඉහල දිනයකි. නමුත් මුදල් ගනුදෙනු වලදී නම් සැළකිලිමත් වොඉය යුතු දිනයකි. යමක් ඉතාම හොදින් වටහාගත හැකි දිනයකි. අධ්‍යාපන කටයුතු වලටද සුභ දිනයකි. යහපත්ව මෙන්ම අන් අයට ආදර්ශමත්ව ගත කළහැකි දිනයකි. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 03

කටක ලග්නය

කතාවට වැඩි දස්කම් දක්වන අතර ක්‍රියාශීලීව දිනය ගත කිරීමට ඔබ ප්‍රිය කරයි. අසනීප තත්වයන් සමනය වන දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. බොහොම අඩුවෙන් කතා කරන්න. නිවසේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
ජය වර්ණය: සුදු පැහැය, ජය අංකය: 03

සිංහ ලග්නය

නව රැකියා මාර්ග ඇතිවන දිනයකි. එමෙන්ම ඔබේ ආදායම් තත්වයද වෙනදට වඩා වැඩිවන දිනයකි. ඔබ අහංකාර ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයකි. ඒවා දුරු කරගන්න. පවුලේ අයගෙන් වගේම අසීමිත උදව් අන් අයගෙන්ද ලබාගත හැකි දිනයකි. සුභ මංගල යෝග එන දිනයකි. ලැබීම් අතින් ඉතාම සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 01

කන්‍යා ලග්නය

ගමන් බිමන් වලට කැමැත්තක් දක්වන දිනයකි. කලා කටයුතු වලටද වැඩි ඇල්මක් දක්වයි. ක්‍රියාශීලීව දිනය ගත කරයි. විනෝදයෙන් දිනය ගත කළ හැකිය. කතා ශක්තිය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න. අන් අය සමඟ කරන කටයුතු වලදී නම් ඉවසීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 09

තුලා ලග්නය

ජලයෙන් ඔබ වෙනදට වඩා ප්‍රවේසම් විය යුතු දිනයකි. වාහන ධාවනයේදී නම් වඩාත් සැළකිලිමත් වන්න. ව්‍යාපාර වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි. වෙනදට වඩා ඉතාම ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. පාලනයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය, ජය අංකය: 08

වෘශ්චික ලග්නය

අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. නායකත්ව ගුණාංග පෙන්නුම් කරයි. යම් යම් වෙනස්කම් ඔබ තුලම ඇති කරගන්න දිනයකි. වෙන දිනයන්ට වඩා තියුණු නුවණින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. ඔබේ කතාවෙන් අන් අයව ජයගන්න දිනයකි. ප්‍රශ්න හා කරදර තිබුනානම් ඒවා නිරාකරණය වන දිනයකි. කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 07

ධනු ලග්නය

මෙතෙක් කල් ඔබ බලාපොරොත්තුවෙන් සිටි දේවල් ලැබීමට පටන් ගන්න දිනයකි. ලැබීම් අතින් ඉතාම සුභ දිනයකි. කලබලයකින් තොරව කටයුතු කිරීමට වගබලාගත යුතු දිනයකි. ආදායම් තත්වය ශක්තිමත් වන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. නිදහසේ දිනය ගත කිරීමට ප්‍රිය කරන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය, ජය අංකය: 06

මකර ලග්නය

අනවශ්‍ය ගමන් බිමන් පාලනය කරගත යුතු දිනයකි. වාහන ධාවනයේදීද සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබට අතපසු වුනු සියලුම වැඩ නව්ටහ ආරම්භ කිරීමට සුභ දිනයකි. අද්යාපන කටයුතු වලටද සුභ දිනයකි. ඉඩමක්, නිවසක්, වාහනයක් අලුතින් මිලදී ගැනීමටද සුභ දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 05

කුම්භ ලග්නය

මොළයෙන් කරන සුක්ෂම වැඩ මෙන්ම නිර්මාණ වැඩ කටයුතු ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. ඉවසීමෙන් යුතුව මනාවට කටයුතු කළහැකි දිනයකි. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. ඔබේ සිතුම් පැතුම් ඉටුවන දිනයකි. නිවැරදි තීරණ මත, නිවැරදි අවබෝධය මත ක්‍රියාත්මක වන්න.
ජය වර්ණය: තද නිල් පැහැය, ජය අංකය: 04

මීන ලග්නය

විනෝදයට බරවන දිනයකි. සෙල්ලක්කාර ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයකි. එබැවින් කල්පනාවෙන් වැඩ කරන්න. ගමන් බිමන් වැඩියෙන් ඇතිවන දිනයකි. මුදල් ගනුදෙනු වලදී සැළකිලිමත් විය යුතු දිනයකි. නමුත් ආදායම් තත්වය වැඩිවන දිනයකි. සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වන්න. අමුත්තන් පිළිගැනීමට සිදුවන දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය, ජය අංකය: 03

Leave a comment

Comments