අද ලග්න 2 කට ලිපි ලේඛණ කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද..?

අද 2018 මැයි මස 18 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.33 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.40 සිට අලුයම 12.06 දක්වා
සුභ දිශාව: උතුර, මරු සිටින දිශාව: ගිනිකොණ

මේෂ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් සුභ දිනයකි. අධිකව ගමන් බිමන් යෙදිය හැකි දිනයකි. යම් යම් කටයුතු වලදී බාධාකාරී තත්වයන් උද්ගත වීමේ ඉඩකඩ වැඩි දිනයකි. හවුලේ කරන කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 07

වෘෂභ ලග්නය

තරමක කාර්යබහුලතාවයක් පවතින දිනයකි. සමාජ සේවා ආදී කටයුතු වලටද වඩාත් යෝග්‍ය වන අතර මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින්ද වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලටද සුභ දිනයකි. පොදු වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබට වඩාත් සුභ දිනයකි.ක්‍රීඩා කටයුතු වලින් වැඩි ජයක් ලබාගත හැකි දිනයකි. උත්සාහවන්තව කටයුතු කරන දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 08

මිථුන ලග්නය

වියදම ඉහල යන දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී මෙන්ම මුදල් සම්බන්ධ කටයුතු වලින්ද වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මහන්සියෙන් කටයුතු කරන්න. සමාජ සේවා වැඩ කටයුතු වලටද යොමුවන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 03

කටක ලග්නය

මානසික අසහනකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. නිවස ආශ්‍රිත වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. සෙම් සහිත රෝග වලින් පීඩා ඇතිවිය හැකි දිනයකි. වඩාත් කල්පනාකාරීව කෝපයෙන් තොරව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. සිතෙහි ශක්තියෙන් බොහෝ දේවල් දිනාගන්නා දිනයකි. නමුත් ඉවසිලිවන්තව වැඩ කළයුතු දිනයකි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය, ජය අංකය: 01

සිංහ ලග්නය

රැකියා හා ව්‍යාපාර සාර්ථක වන දිනයකි. ඕන දන්නා දෙයින්, ඔබේ දැනුමෙන් වැඩ ගනා දිනයකි. ගමන් බිමන් වලදී නම් ප්‍රවේසම් විය යුතු දිනයකි. තරමක බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. සතුරු කරදර ගැබන වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබේ වැඩ කටයුතු සියල්ල හොදින් සිතා බලා කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 06

කන්‍යා ලග්නය

සංචාරක කටයුතු වලට ඉතාම යහපත් දිනයකි. විනෝදයෙන් දිනය ගත කිරීමට ප්‍රිය කරයි. නමුත් කල්පනාවෙන් යුතුව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. තම මිතුරන් අතරද ප්‍රවේසම් විය යුතු දිනයකි. හොදින් සිතා බලා කටයුතු කරන්න. ආයෝජන කටයුතු වලටද සුභ දිනයකි. කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබට වඩාත් වැදගත්.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 06

තුලා ලග්නය

වෘත්තිමය කටයුතු වලට වෙනදට වඩා උනන්දුවක් දක්වන දිනයකි. නමුත් වැඩි ප්‍රවේසම ඔබට අවාසි ගෙනදිය හැකි දිනයකි. බොහොම ශක්තිමත් දිනයක් ඔබට උදා වී ඇත. රැකියා හා හවුල් ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයක් වන නමුත් නිසි සැලසුම් සහිතව කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය, ජය අංකය: 06

වෘශ්චික ලග්නය

ආගම දහමින් වෙනස් අය සමඟ කටයුතු කිරීමට සිදුවන දිනයකි. එවැනි කටයුතු වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. ඔබේ පෞරුෂය මෙන්ම සමාජ තත්වය වෙනදට වඩා උසස් වන දිනයකි. ආර්ථික තත්වය තර කරගැනීමට ඔබ වෙහෙසෙන දිනයකි. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 08

ධනු ලග්නය

ඔබේ ආහාර ගැනීමේ රටාව ගැන වෙනදාටත් වඩා වැඩි අවදානයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. කලට වෙලාවට ආහාර ගන්න. ජලය පානය කරන්න. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. වගකීමෙන් යුතුව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 02

මකර ලග්නය

හවුලේ කරන වැඩ කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. ඔබේ වැඩ කටයුතු වලට වාසනාවන්ත දිනයක් උදා වී ඇත. ඔබේ වාසනා ශක්තිය ඉතාම ඉහල දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී නම් ඔබ ප්‍රවේසම් විය යුතුයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට යෝග්‍ය දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 06

කුම්භ ලග්නය

සතුරු කරදර පීඩා අවම වන දිනයකි. අලුතින් දෙයක් මිලදී ගැනීමට සිතා සිටි ඔබට වඩාත් සුභ දිනයකි. නිවසක්, ඉඩමක්, වාහනයක් මිලදී ගැනීමට යෝග්‍ය දිනයකි. වෙළදාම් කටයුතු වලටද යෝග්‍ය දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ඔබ ගන්නා තීන්දු තීරණ වලට අන් අයගේ සහය ලැබෙන දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 01

මීන ලග්නය

තම ආදායම් මාර්ග වර්ධනය කරගැනීමට වෙහෙසෙන දිනයකි. තම පවුල සම්බන්ධ කටයුතු වලදී නම් විවධ බාධා ඇතිවිය හැකි දිනයකි. නමුත් සිතෙහි සතුට තුල ඕනෑම කටයුත්තක් ඔබ සාර්ථක කරගන්න දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. අන් අය වෙනුවෙන් ඔබ මහන්සි වන දිනයකි. කායික හා මානසික තත්වය ඉතාම යහපත් මට්ටමක පවතින දිනයකි. තරගකාරී කටයුතු වලින්ද නියත ජය ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 09

Leave a comment

Comments