අද ලග්න දෙකකට සෞඛ්‍ය ගැටලු ඇති වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 අප්‍රියෙල් මස 05 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.43 සිට 03.14 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.37 සිට 03.08 දක්වා
සුභ දිශාව: නැගෙනහිර

මේෂ ලග්නය

අවංකව හා යුක්ති සහගතව කටයුතු කළහැකි දිනයකි. මනා කළමනාකරණයකින් යුතුව වැඩ කටයුතු කළයුතු දිනයකි. ඔබ ගමන් බිමන් යාමේදී අද දින ප්‍රවේසම් යුතුයි. සිත සැහැල්ලුවෙන් කටයුතු කරන්න. දෙමාපිය හා වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 02

වෘෂභ ලග්නය

ඉවසීමෙන් යුතුව අන් අයව අභිබවා කටයුතු කළහැකි දිනයකි. සියලුම සුක්ෂම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. මැහුම් ගෙතුම් වැඩ වලට, අලංකරණ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. දවස වඩාත් සුභ වේවි. පවුලේ සාමය වැඩි වන දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය, ජය අංකය: 01

මිථුන ලග්නය

සියලුම කලා නිර්මාණ වලට ඉතාම යෝග්‍ය දිනයකි. විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට ඉතාම සුභ දිනයකි. ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ලේඛන කලාවටද සුභ දිනයකි. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. නව මිතුරන් ඇතිවන දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 09

කටක ලග්නය

ඔබට අතපසු වුනු වැඩ කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමට වඩාත් යෝග්‍ය දිනයකි. නමුත් ඒවා ඉතාම ප්‍රවේසමෙන් සම්පාදනය කරගත යුතු දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. කලට වෙලාවට හා වඩාත් සාර්ථකව තම වැඩ කටයුතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව තම පළපුරුද්ද මත කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 08

සිංහ ලග්නය

ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන දිනයකි. පාලන බලය නොමදව ලැබෙන ස්වාධීන තීරණ ගන්න දිනයකි. අන් අයට ආදර්ශමත්ව දිනය ගත කරයි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ව්‍යාපාර කටයුතුද වඩාත් සාර්ථක වන දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 07

කන්‍යා ලග්නය

ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ආහාර පාන කලට වෙලාවට ගැනීමට යොමුවන්න. නව නිර්මාණ හා කලා කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. එබැවින් කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: කොළ පැහැය, ජය අංකය: 06

තුලා ලග්නය

අන් අයට ආදරයෙන් කටයුතු කළහැකි දිනයකි. අනවශ්‍ය දේ ඉවතලා ප්‍රශ්න හමුවේ සාර්ථකව කටයුතු කරගෙන යා හැකි දිනයකි. සංගීතය හදාරන අයටද වඩාත් සුභ දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්නා දිනයක් වන අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය: ගුරු පැහැය, ජය අංකය: 05

වෘශ්චික ලග්නය

සත්‍ය අවබෝධයෙන් කටයුතු කළහැකි දිනයකි. නිරෝගී භාවය උදාවන දිනයකි. අන් අයගේ දුකට පිහිට වන දිනයකි. ඔබටද නොමදව උදව් ලැබෙන දිනයකි. මනා ඉවකින් යුතුව තියුනුව කටයුතු කරන්න. නිසි සැලසුම් මත ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 04

ධනු ලග්නය

මනා ජීවිතයකට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට පෙළඹෙන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. නිතරම සන්සුන්ව වැඩ කටයුතු කරන්න. කුඩා කල සිට විනෝදයට පවා කල දේවල් නැවත ඔබට ජය ගෙන දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. දැහැමිව හා මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය, ජය අංකය: 02

මකර ලග්නය

ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වියයුතු දිනයකි. දුර බැහැර ගමන් බිමන් යාමට සිදුවන දිනයකි. කලා කටයුතු වලට නම් වඩාත් සුභ දිනයකි. ව්‍යාපාර හා රැකියා වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. අන් අය අතර ඔබට වැඩි ගෞරවයක් ලැබෙන දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 04

කුම්භ ලග්නය

නිවැරදිව හා වඩාත් බුද්ධිමත්ව කටයුතු කළහැකි දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. දුර ගමන් බිමන් ඇතිවිය හැකි දිනයකි. නිවසක්, ඉඩමක්, වාහනයක් මිලදී ගැනීමටද වඩාත් යෝග්‍ය දිනයකි. නිවැරදි තීරණ මත ක්‍රියාත්මක වන්න. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි.
ජය වර්ණය: දම් පැහැය, ජය අංකය: 01

මීන ලග්නය

ණයට දීම හා ණයට ගැනීම ඉතාම අසුභාදායකය. මුදල් සම්බන්ධව වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ඔබට පැවරෙන වගකීම් ඉතාම සාර්ථකව හසුරුවාගත හැකි දිනයකි. කෘෂිකාර්මික කටයුතු වල නිරත වන්නන්ට හොඳ ආදායම් ලැබෙන වඩාත් සුභ දිනයකි. වගකීමෙන් යුතුව තම වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතින අතර අන් අයගේ වැඩි ගෞරවයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ගුරු පැහැය, ජය අංකය: 03

Leave a comment

Comments