අද ලග්න දෙකක් ආවේගශීලි ගති පාලනය කරගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 මැයි මස 19 වන සෙනසුරාදා
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 08.59 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.39 දක්වා
සුභ දිශාව: බස්නාහිර, අසුභ දිශාව: නැගෙනහිර

මේෂ ලග්නය

තැනට සුදුසු නුවණින් යුතුව ක්‍රියා කළයුතු දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වෙනදට වඩා සාර්ථක වන දිනයකි. කීර්තිය හා ප්‍රශංසා ලැබෙන දිනයකි. උසස්වීම්, නව ආදායම් මාර්ග ලැබෙන දිනයකි.ඔබට අද පෙරමුණ ගෙන කටයුතු කිරීමට අවස්තාව ලැබෙන දිනයකි. අවිවාහකයින්ට සුභ මංගල යෝග ඇතිවන දිනයකි.
ජය වර්ණය: රෝස පැහැය, ජය අංකය: 07

වෘෂභ ලග්නය

යම් බාධක ඇතිවීමට ඉඩ ඇති දිනයකි. එබැවින් වඩාත් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. ඉවසීමෙන් යුතුව දිනය ගතකිරීම වඩාත් යහපත්. අන් අයගේ උපකාර ලබාගත හැකි දිනයක් වන ඔබට අන් අය අතර ප්‍රමුඛ්ස්ථානයද ලබාගත හැකි දිනයකි. ඔබගේ ආවේගශීලී ගති ලක්ෂණ පාලනය කරගත යුතු දිනයකි. තැනට සුදුසු තීරණ ගතයුතු දිනයකි.
ජය වර්ණය: රතු පැහැය, ජය අංකය: 03

මිථුන ලග්නය

යම් යම් ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ඔබේ යහපත් ඇවතුම් පැවතුම් පවත්වාගෙන යාම අනිවාර්ය වන දිනයකි. අධ්‍යාපනික වැඩ කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. ගමන් බිමන් වලින් මෙන්ම ඔබේ කතාවේදී, සමාජ ඇසුරේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. සතුරු කරදර ගැන වෙනදට වඩා සැලකිල්ලෙන් කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය, ජය අංකය: 06

කටක ලග්නය

ආදායම් මාර්ග යහපත් වන දිනයක්වන අතර ඔබේ අනාගත බලාපොරොත්තු ගැන අන් අය අතර කතාබහ වන දිනයකි. පාලනයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. යම් යම් වැඩ කටයුතු වෙනුවෙන් වෙනදට වඩා වෙහෙස වීමට සිදුවන දිනයකි. නිතරම ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 05

සිංහ ලග්නය

සතුරු බලවේග යටපත් වන ඔබේ ආර්ථික ශක්තිය වර්ධනය වන සුභ දිනයකි. ඔබේ වැඩ කටයුතු සාර්ථක කරදෙන දිනයකි. මහන්සියෙන් යුතුව වැඩ කරන්න. වඩාත් ඔබ ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු දිනයකි. තම දෙමාපියන්ට, වැඩිහිටියන්ට යුතුකම් ඉටු කරන්න. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. සෙම් සහිත රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය: කොළ පැහැය, ජය අංකය: 04

කන්‍යා ලග්නය

රැකියා ව්‍යාපාර වල දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. ධනය ලැබෙන දිනයක් වන අතර සමාජයේ අන් අය අතර ඔබව කැපී පෙනෙන දිනයකි. සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. හදිසියේ ඔබට මුදල් ලැබෙන දිනයකි. කල්පනාවෙන් මෙන්ම සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: නිල් පැහැය, ජය අංකය: 03

තුලා ලග්නය

උසස් අයගේ ආධාර උපකාර ලබමින් ගතකළ හැකි දිනයක් ඔබට උදා වී ඇත. කතාවේදී නම් අන් අය අතර ඔබ වෙනදට වඩා වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ ලැබිය හැකි දිනයකි. පිරිස් බලය මෙන්ම කායික සුවතාවයක් ලැබෙන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. නිතරම තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 06

වෘශ්චික ලග්නය

කාලයකට පසුව ඔබට පින් ඵලදෙන දිනයක් උදා වී ඇත. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලින්ද වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නිතරම නිහතමානිව කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. එමෙන්ම අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වන්න. ඔබේ සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. දෙමාපිය උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය, ජය අංකය: 03

ධනු ලග්නය

ඉවසීමෙන් මෙන්ම ලද දෙයින් සතුටුව කටයුතු කළහැකි දිනයකි. කතාවේදී ඔබ ආවේගශීලී විය හැකිය. එබැවින් ඔබ ඉවසීමෙන් හා මනා සංයමයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. සිත සන්සුන් කරගන්න. ගමන් බිමන් වලදී ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේසම් වන්න. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න.
ජය වර්ණය: දම් පැහැය, ජය අංකය: 04

මකර ලග්නය

සිත් තැවුල් හා යම් යම් ගැටළු ඇතිවිය හැකි දිනයකි. වෙනදට වඩා ඔබ තුල වෙනසක් ඇතිවිය හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට සිතට ගන්න. මුදල් භාවිතයේදී නම් වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. සියලු බාධක යටපත් කරගෙන යම් යම් දේවල් වලදී නියත ජය ලැබිය හැකි දිනයකි. දිනය වඩාත් අවබෝධයෙන් හා ආරක්ෂාකාරීව ගත කළ යුතුයි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: රෝස පැහැය, ජය අංකය: 07

කුම්භ ලග්නය

සතුටින් සමාදානයෙන් ක්‍රියා කළහැකි දිනයකි. සතුරු බලවේග යටපත්ව යන දිනයකි. ඔබේ බොහෝ අරමුණු හා බලාපොරොත්තුද සාක්ෂාත් කරගැනීමට හැකිවන දිනයකි. පෙරමුණ ගෙන කටයුතු කළහැකි දිනයක් වන අතර අන් අයගේ ආශිර්වාදයද නොමදව ලැබෙන දිනයකි. නමුත් තීරණ ගැනීමේදී අද දින වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: තද නිල් පැහැය, ජය අංකය: 09

මීන ලග්නය

ඔබේ තත්වය උසස් වන දිනයකි. පවතින බාධක ඉවත්ව යන සුභ දිනයක් ඔබට උදා වී ඇත. ඔබේ ආදායම් තත්වය යහපත් වන දිනයකි. නමුත් වියදම් තත්වයද ඉහල යන දිනයකි. ඔබ ලඟට බොහෝ අය ඔබව සොයා එන දිනයකි. අන් අයගෙන් ඔබට උදව් ලැබෙන දිනයකි. ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. දුරදක්නා නුවණින් යුතුව දෙමාපිය උපදෙස් මත කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය, ජය අංකය: 05

Leave a comment

Comments