අද එක ලග්නයකට මංගල යෝග තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 මැයි මස 22 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.13 සිට 04.47 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.26 දක්වා
සුභ දිශාව: දකුණ

මේෂ ලග්නය

අතපසු වුනු අධ්‍යාපන වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද ඉතාම යෝග්‍ය දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. නිවැරදි තීරණ ගැනීමට වග බලාගත යුතු දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි.සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 05

වෘෂභ ලග්නය

සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. අභියෝගයන් හමුවේ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව පවතින දිනයක් වන අතර අන් අය අතර වැඩි ජනප්‍රියත්වයක් පවතින දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය, ජය අංකය: 04

මිථුන ලග්නය

වෙනදට වඩා ඔබේ හැකියාවන් ඉස්මතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. නව නිර්මාණ වැඩ කටයුතු වලටද සුභ දිනයකි. සුපරික්ෂාකාරිව මෙන්ම හොඳ විමසිල්ලෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. මනාවට අන් අයව තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. ලේඛන කලාවටද සුභ දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 03

කටක ලග්නය

කතාවෙන් අන් අයව ජයගත හැකි දිනයකි. අන් අය අතර ඔබට සාමය පතුරුවන දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. මනා කණ්ඩායම් හැගීමකින් යුතුව කටයුතු කරන දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. විවාහ අපේක්ෂාවෙන් සිටි අයට සුභ දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය, ජය අංකය: 02

සිංහ ලග්නය

මනා පෞරුෂයකින් කටයුතු කළහැකි දිනයකි. පාලන ශක්තිය ඉතා ඉහලය. විදෙස්ගමන් බිමන් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වන දිනයකි. මනා ඉවකින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. සුවපහසුව දිනය ගත කිරීමේ වාසනාව පවතින දිනයකි. උසස් අය සමඟ කටයුතු කිරීමටද අවස්ථාව උදාවන දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 01

කන්‍යා ලග්නය

තීන්දු තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. මුදල් ගනුදෙනු වලදීද වඩාත් සැළකිලිමත් වන්න. ඉවසීම ඉතාම වැදගත් වන දිනයක් වන අතර අවේගයෙන් යුතුව කටයුතු කිරීමට නොයන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අඩුවෙන් කතාව පවත්වාගෙන යන්න. ඔබේ උත්සාහය ඔබට සුභ ඵල ගෙනදේවි.
ජය වර්ණය: කොළ පැහැය, ජය අංකය: 03

තුලා ලග්නය

කලා කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයක් වන අතර අන් අය අතර ඔබේ නිර්මාණ නිසාම වඩාත් ජනප්‍රිය වන දිනයකි. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. මිතුරන්ගෙන් වැඩි උදව් ලබාගත හැකි දිනයකි. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. සියලුම ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට මෙන්ම ක්‍රීඩාශීලී කටයුතු වලටද සුභ දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 02

වෘශ්චික ලග්නය

තමාගේ වැරදි නිවැරදි කරගෙන කටයුතු කළහැකි දිනයකි. මනා ඉවකින් යුතුව කටයුතු කරයි. රැකියා වල මෙන්ම ව්‍යාපාර කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන්, තර්කයෙන් සියල්ල ජය ගත හැකි දිනයකි. ව්‍යායාමයක් මගින් දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය, ජය අංකය: 01

ධනු ලග්නය

යම් රෝග පීඩා නිට්ටාවටම සුව වන දිනයකි. නිදහසේ මෙන්ම අන් අයට වඩාත් ආදරයෙන් දිනය ගත කිරීමේ වාසනාව ඇත. වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නිතරම සිහි කල්පනාව තීව්‍ර කරගන්න.
ජය වර්ණය: ගුරු පැහැය, ජය අංකය: 09

මකර ලග්නය

ජලය ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. පාලන ශක්තිය නම් මනාව පවතින දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක වන දිනයකි. නමුත් කල්පනාකාරී වන්න. අනවශ්‍ය දේ ඉවතලා සාර්ථකව දිනය ගත කරයි. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. නායකත්ව ගුණාංග වඩාත් තීව්‍ර වන දිනයකි. තම සෞඛ්‍ය ගැන නම් වෙනදට වඩා ප්‍රවේසම් විය යුතු අතර සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට වග බලාගත යුතු දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය, ජය අංකය: 08

කුම්භ ලග්නය

සූක්ෂම වැඩ කටයුතු වලට ඉතාම දස්කමක් පෙන්වන දිනයකි. කෞතුක භාණ්ඩ වලටද වැඩි ඇල්මක් දක්වන දිනයකි. සුභ මංගල යෝග ඇතිවන දිනයකි. තම පවුලට වැඩි නැඹුරුවක් දක්වන දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. දියුණුවේ මංපෙත් ඔබට විවර වී ඇති දිනයකි.
ජය වර්ණය: දම් පැහැය, ජය අංකය: 07

මීන ලග්නය

සතුරු කරදර ඇතිවිය හැකි දිනයකි. තම මුදල් ප්‍රවේසම් කරගත යුතු දිනයකි. නිවසේ ආරක්ෂාව ගැනද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැනද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ඔබේ දරුවන් ගැන මව්පියන් ගැන සොයාබලන්න. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය, ජය අංකය: 06

Leave a comment

Comments