ලග්න දෙකකට රැකියා සඳහා සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 අප්‍රියෙල් මස 23 වනදා
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.31 සිට 09.04 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.14 දක්වා
සුභ දිශාව: නැගෙනහිර, අසුභ දිශාව: වයඹ

මේෂ ලග්නය

වාසස්ථාන වෙනස්වීම් සිදුවන දිනයකි. මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාවෙන් හා නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කිරීම තුල ඔබේ දිනය සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. විදෙස් සම්බන්ධතා ශක්තිමත් වන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 03

වෘෂභ ලග්නය

කොන්ද තුනටිය ආශ්‍රිත රෝග කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දිනයකි. වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. සෙම් සහිත රෝග උත්සන්න විය හැකි දිනයකි. තම සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා වැඩි සැළකිල්ලක් දැක්විය යුතු දිනයකි. ක්‍රමානුකුලව තම වැඩ කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

මිථුන ලග්නය

චෝදනා, අවලාද හා අපහාස විදීමට සිදුවන දිනයකි. නමුත් සියලු අභියෝගයන් හමුවේ සාර්ථකව දිනය ගත කිරීමේ වාසනාවද පවතියි. තම කට ප්‍රවේසමෙන් ඔබ කටයුතු කළයුතු දිනයකි. කොපයෙන් යුතුව කටයුතු කිරීම නම් ඔබට අවාසි ගෙනදෙන දිනයකි. එබැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට සිතට ගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 08

කටක ලග්නය

සිතෙහි සතුට වර්ධනය වන සුභ දිනයකි. අධ්‍යාපනික කටයුතු වලදී අලසකමක් දක්වන දිනයකි. තම පෞරුෂය හා අභිමානය රැකෙන පරිදි කටයුතු කළයුතු දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 09

සිංහ ලග්නය

ඔබේ අධ්‍යාපන කටයුතු පිළිබඳව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වන දිනයකි. එමෙන්ම ඉවසිලිවන්තව කටයුතු කරන්න. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 06

කන්‍යා ලග්නය

කායික හා මානසික පීඩා ඇති වුනත් ඒවාට සාර්ථකව මුහුණ දෙන දිනයකි. පාද ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වීම වැදගත්. ආදායම් තත්වය වර්ධනය කරගැනීමට ඔබ වෙහෙසෙන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. සංචාරක කටයුතු වලින් ඔබට ලාභ ලබාගත හැකි දිනයකි. කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 03

තුලා ලග්නය

ඇතැම් අවස්තාවලදී ඔබට මානසික පීඩා මෙන්ම ආර්ථික පීඩා ඇතිවන දිනයකි. රැකියා හා ව්‍යාපාර සම්බන්ධව කලකිරීම් ඇතිවන දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. අන් අය සමඟ කරන කටයුතු වලදී ඔබ වඩාත් ප්‍රවේසම් වීමට වග බලාගන්න. එබැවින් කල්පනාකාරී වන්න. පාඩු සහගත තත්වයන්ද ඇති වීමට ඉඩ ඇති දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය, ජය අංකය: 05

වෘශ්චික ලග්නය

ප්‍රේම සම්බන්ධතා වලට ඉතාම සුභ දිනයකි. හවුල් ව්‍යාපාර වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. දුර බැහැර ගමන් බිමන්ද යෙදෙන දිනයකි. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. නිසි සැලසුම් සකස් කරගන්න. දුර බැහැර ගමන් බිමන්ද යෙදිය හැකි දිනයකි. එමගින් බොහෝ ලාභ ලබාගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රෝස පැහැය, ජය අංකය: 08

ධනු ලග්නය

මහන්සියෙන් වැඩ කටයුතු කිරීමට සිදුවන දිනයකි. තම සමීපතම කෙනෙක්ගේ දුකකට පිහිට වීමට සිදුවන දිනයකි. ඒ නිසාම වියදම් වන දිනයකි. එබැවින් ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. නමුත් කල්පනාකාරීව වැඩ කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය, ජය අංකය: 08

මකර ලග්නය

කලා කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. නමුත් බාධා ඇතිවීමේ ඉඩ කඩ වැඩි දිනයකි. කායික හා මානසික පීඩාද ඇතිවිය හැකිය. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. පුංචි දරුවන් වෙනුවෙන් කරන කටයුතු වලට සහභාගී වන දිනයකි. රැකියා කටයුතු වෙනුවෙන් වැඩියෙන් වෙහෙසෙන්න. පාද ආශ්‍රිත රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින දිනයකි. අන් අය වෙනුවෙන් ඉදිරිපත් වීමේදී ඔබ ප්‍රවේසම් විය යුතු දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 03

කුම්භ ලග්නය

භූමිය හා සම්බන්ධ කටයුතු වලින් ඔබට වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. ඉදිකිරීම් කටයුතු කරන ඔබටද වඩාත් සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු ආශ්‍රිතව දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. යම් යම් බාධාකාරී තත්වයන්ද නැතුවාම නොවෙයි. එබැවින් කල්පනාවෙන් දිනය ගෙවන්න. තරග ආදියෙන් නියත ජය ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 03

මීන ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වන දිනයකි. අන් අයගෙන් ඔබට නොසිතු ලෙස උදව් උපකාර ලැබෙන දිනයකි. කායික පීඩා මෙන්ම පාද ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවන දිනයකි. එබැවින් ඔබ කල්පනාකාරීව වැඩ කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 04

Leave a comment

Comments