අද ලග්න 2 කට අලුත් දේවල් මිලදී ගන්න පුළුවන් වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 මැයි මස 23 වන බදාදා
රාහු කාලය: දිවා කාලය දහවල් 12.07 සිට දහවල් 01.40 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.33 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නිරිත

මේෂ ලග්නය

සෙම් සහිත රෝග වලින් ඔබේ වැඩ කටයුතු වලට පීඩාකාරී තත්වයන් උද්ගත වන දිනයකි. වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු සහගත තත්වයක් පෙන්නුම් කරන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 09

වෘෂභ ලග්නය

වාග් ශක්තිය ඉතාම යහපත් මට්ටමක පවතින දිනයකි. නමුත් කොන්ද හා තිනටිය ආශ්‍රිත කටයුතු වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. අන් අය අතරදී නම ප්‍රවේසම් වන්න. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 02

මිථුන ලග්නය

මනස සතුටින් පවත්වාගත හැකි දිනයකි. තරමක් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. නව අදහස් පහළ වන සුභ දිනයකි. වචන භාවිතයේදී නම් වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. සිතන පතන සෑම දෙයක්ම වඩාත් උනන්දුවෙන් කරන දිනයකි. නිසි සැලසුම් සහිතව සාර්ථකව සියලු වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කෙසේවුවත් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

කටක ලග්නය

වියදම ඉහල යන දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග වලින් ඔබට පීඩා ගෙනදෙන දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. ව්‍යාපාර කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 07

සිංහ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. එන අයගේ උදව් උපකාර නොමදව ලැබෙන දිනයකි. සතුරු කරදර පීඩා දුරුවන දිනයකි. අධ්‍යාපන කටයුතු වලටද සුභ දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. සමාජයේ වැඩි ගෞරවයක් අපේක්ෂා කළහැකි දිනයකි. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

කන්‍යා ලග්නය

කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඉවසිල්ලෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය පීඩාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. ඔබට බොහෝ ලාභ ලැබිය හැකිය. අන් අය අතර ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අධ්‍යාපනික කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. නමුත් කල්පනාකාරීව, මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්. ජීවිතයට අලුතින් දේවල් එකතු කරගන්න දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 06

තුලා ලග්නය

පෙර පින ඉස්මතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. විදෙස් සම්බන්ධතා ඇතිවන දිනයකි. නිවාස ආශ්‍රිත කටයුතු වලට වැඩියෙන් වෙහෙසෙන දිනයකි. මනස සන්සුන්ව කටයුතු කරගන්න. අන් අය වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටුකිරීමට පසුබට නොවන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අන් අයගෙන් වැඩියෙන් ප්‍රවේසම් වීම වැදගත්.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 09

වෘශ්චික ලග්නය

තම සෞඛ්‍ය ගැන නම් වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. වඩාත් විමසිලිමත් වන්න. සමාජ සේවා කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. අන් අයව මානව තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 02

ධනු ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න. තරමක කේන්ති සහගත සිතුවිලි ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. ඔබේ සිත ශක්තිමත් කරගතයුතු දිනයකි. ඉවසිල්ලෙන් යුතුව ඔබ කටයුතු කළයුතු දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 06

මකර ලග්නය

මනාව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. තම මතය මතම පමණක් කටයුතු කරන දිනයක් විය හැකිය. කාලය කළමනාකරණය කරගන්න. තරමක කම්මැලි සහගත සිතුවිලි ඇතිවිය හැකි දිනයකි. ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නමුත් ඉවසිල්ලෙන් කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 08

කුම්භ ලග්නය

බුද්ධිමත්භාවයෙන් යුක්තව කටයුතු කිරීමට හැකි දිනයකි. අලුතින් දෙයක් මිලදී ගත හැකි දිනයකි. ඔබට තිබු සතුරු පීඩා දුරුවන දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. අන් අයගෙන් වැඩි උදව් උපකාර ලබාගත හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 08

මීන ලග්නය

නිවසේ වැඩ කටයුතු ගැන වෙනදට වඩා කල්පනාවෙන් වැඩ කිරීමට සිදුවන දිනයකි. සියුම් දේවල් වලට ඉතාම සුභ දිනයකි. සිතුමෙත්ට කටයුතු කරන දිනයකි.යහළුවන් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කළයුතු දිනයකි. ඉවසීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. නිසි සැලසුම් ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: නිල් පැහැය, ජය අංකය: 07

Leave a comment

Comments