අද එක ලග්නයකට ඔප්පු සම්බන්ධ කටයුතු වලින් වාසි ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද..?

අද 2018 අප්‍රියෙල් මස 24 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.14 සිට 04.46 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.04 සිට 04.31 දක්වා
සුභ දිශාව: ඊසාන

මේෂ ලග්නය

කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. ධාරණ ශක්තිය ඉතා ඉහලය. එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. කෙසේවුවත් තරමක් කල්පනාකාරීව මෙන්ම ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා රෝස පැහැය, ජය අංකය: 04

වෘෂභ ලග්නය

අද දින ඔබට අන් අය අතර ජනප්‍රියත්වයක් ඇතිවන දිනයකි. පමණින් අන් අයගේ කැමැත්ත ඇතිවන දිනයකි. ඔබේ පෙර තිබු දස්කම් කාලයකට පසුව නැවත මතුවන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඔප්පු සම්බන්ධ ලියකියවිලි වැඩ කටයුතු වලටද සුභ දිනයකි.

ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 03

මිථුන ලග්නය

සුපරික්ෂාකාරිව මෙන්ම හොඳ විමසිල්ලෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. ලේඛනයට හා නව නිර්මාණ වලට දිනයකි. පිනට දහමට වැඩියෙන් නැඹුරු වන දිනයකි. අසරණ අයට පිහිට වන්න. දිනය සුභ වේවි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 02

කටක ලග්නය

තම නිවසට වැඩි ඇල්මක් දක්වන දිනයකි. තම උසස් ගති ලක්ෂණ අන් අයට පෙන්වන දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. දුර සිට එන අමුත්තන් පිළිගැනීමට සිදුවන දිනයකි. ආදායම් තත්වයද තර වන දිනයකි. නිසි සැලසුම් සකස් කරන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය, ජය අංකය: 01

සිංහ ලග්නය

කෝපයෙන් මෙන්ම වෛරයෙන් යුතුව කටයුතු නොකළ යුතු දිනයකි. අන් කාර ගති ලක්ෂණද ඇතිවිය හැකි දිනයකි. සතුරු පීඩා ඇතිවිය හැකි දිනයකි. සෞඛ්‍ය පීඩා වලට නිසි ප්‍රතිකාර ලබාගත යුතු දිනයකි. මනා පෞරුෂයක් පෙන්වන දිනයක් වන අතර එඩිතරව වැඩ කටයුතු කරන දිනයකි. ආගමානුකුලව මෙන්ම ව්‍යායාමයක් තුල දිනය ආරම්භ කරන්න.

ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 03

කන්‍යා ලග්නය

කතාවට වඩාත් දක්ෂ වන දිනයකි. ඕනෑම ආකාරයකින් තම වැඩ කටයුතු සාර්ථක කරගන්න දිනයකි. නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. ව්‍යාපාර වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. පිළිවෙලකට තම නිදන කාමරය, කාර්යාලය සකසා ගන්න. ඔබට වඩාත් සහනයක් දැනේවි. වෙළඳාමට හා ව්‍යාපාර වලට දක්ෂ වන ඔබටද වැඩි ලාභ ලැබිය හැකි දිනයකි.

ජය වර්ණය: කොළ පැහැය, ජය අංකය: 01

තුලා ලග්නය

කලාතුරකින් ඔබට උදාවන දිනයකි. කරුණාවන්තව කටයුතු කරන දිනයකි. අන් අයට ප්‍රසන්නව තම වැඩ කටයුතු අන් අය ඉදිරියේ සාර්ථක කරගන්න දිනයකි. අන් අයට ආදරයෙන් හා දයාවෙන් සළකන්න. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. පුණ්‍ය කටයුතු වලටද යොමුවීමට ඔබට වඩාත් සුභ දිනයකි.

ජය වර්ණය: ලා තැඹිලි පැහැය, ජය අංකය: 01

වෘශ්චික ලග්නය

තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. නිරවුල්ව තම අදහස් ප්‍රකාශ කළහැකි දිනයකි. විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට සුභ දිනයකි. නොපමාව උත්සාහ කරන්න. තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක වන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 09

ධනු ලග්නය

නොදන්නා අය සමඟ කටයුතු කිරීම ඔබට අද දින සිත් තැවුල් ගෙනදෙන දිනයකි. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. වාහන ධාවනයේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. ඉතා බුද්ධිමත්ව හා ආගමානුකුලව දිනය ගත කරයි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව, ආගමානුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: ගුරු පැහැය, ජය අංකය: 08

මකර ලග්නය

චාම් ගතිය අද දින වැඩියෙන් ඔබ පෙන්නුම් කරන දිනයකි. සුක්ෂම සැලසුම් සකස් කරන දිනයක් වන අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. අත්‍යාවශ්‍ය වැඩ කටයුතු ඔබ පළමුව නිමා කරන දිනයකි. අමනාපකම් දුරු වන දිනයකි. කල්පනාකාරී වීමට හා ඉවසිලිවන්ත වීමට වග බලාගන්න. දිනය වඩාත් යහපත් වේවි.

ජය වර්ණය: නිල් පැහැය, ජය අංකය: 07

කුම්භ ලග්නය

ඔබේ සෞඛ්‍ය තත්වය ගැන වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. සැක සංකා පළවා හැර සත්‍ය කරා වේගයෙන් යන දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ඕනවට වඩා කිසි කෙනෙකු සමඟ ආශ්‍රය නුසුදුසු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.

ජය වර්ණය: තද දම් පැහැය, ජය අංකය: 06

මීන ලග්නය

නිරෝගීව තම මනස වෙහෙසවන දිනයකි. අදහස් උදහස් අතින් වඩාත් පොහොසත් දිනයකි. දුබල අයට පිහිට වීමට පෙළඹෙන දිනයකි. ඔබේ ආධ්‍යාත්මීක ශක්තිය වෙනදට වඩා වඩාත් ඔබට බලපාන දිනයකි. ඔබේ සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් වියුඅ යුතු දිනයකි. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න. අතිරේක ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සුභ දිනයකි.

ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය, ජය අංකය: 05

Leave a comment

Comments