අද ලග්න දෙකක් කම්මැලි විදිහට වැඩ කටයුතු කරන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 අප්‍රියෙල් මස 24 වන බදාදා
රාහු කාලය: දිවා කාලය දහවල් 12.09 සිට දහවල් 01.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.09 සිට අලුයම 01.36 දක්වා
සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත

මේෂ ලග්නය

වෘත්තිමය කටයුතු පිළිබඳව කම්මැලි සහගත තත්වයක් පෙන්නුම් කරන දිනයකි. මුදල් සම්බන්ධව නම් වැඩි උනන්දුවක් දක්වන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 06

වෘෂභ ලග්නය

වැඩිහිටි ආශිර්වාදය අද දින ඔබට නොමදව ලැබෙන දිනයකි. අතගහන ඕනෑම කටයුත්තක් පහසුවෙන්ම සාර්ථක කරගත හැකි දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 04

මිථුන ලග්නය

සිතුවිලි ඉතාම යහපත් වන දිනයකි. සිතන පතන සෑම දෙයක්ම වඩාත් උනන්දුවෙන් කරන දිනයකි. නමුත් ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී නම් සැලකිලිමත් විය යුතු දිනයකි. නිසි සැලසුම් සහිතව සාර්ථකව සියලු වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කෙසේවුවත් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 01

කටක ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු පිළිබඳව තරමක අලසකමක් දක්වන දිනයකි. ඒ නිසාම මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් ඔබේ කායික ශක්තිය වඩාත් හොදින් පවතින දිනයකි. වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 06

සිංහ ලග්නය

ආහාර ගැනීමේ රටාවේ යම් ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට යෝග්‍ය දිනයකි. නියමිත වෙලාවට ආහාර ගන්න. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. මනස නිරවුල්ව තබා ගැනීමට උත්සාහ කළයුතු දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 04

කන්‍යා ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වන දිනයකි. නමුත් යම් යම් ගැටළුද නැතුවාම නොවෙයි. එබැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. නෑ හිත මිතුරන් වෙනුවෙන් වැඩියෙන් කල් ගතකිරීමට සිදුවන දිනයකි. අන් අය අතර ප්‍රවේසමෙන් කටයුතු කරන්න. නමුත් කල්පනාකාරීව, මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය, ජය අංකය: 08

තුලා ලග්නය

දුර බැහැර ගමන් වලින් නම් ඔබ වැළකිය යුතු දිනයකි. ඔබ ගන්නා තීන්දු තීරණ ඔබේ අනාගතයට වැදගත් වේවි. එබැවින් කල්පනාකාරී වන්න. සතුරු කරදර පිළිබඳව කල්පනාකාරී වන්න. ආමාශගත රෝග පීඩාද ඇතිවිය හැකි දිනයකි. ආහාර ගැනීමේදීද කල්පනාකාරී විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අන් අයගෙන් වැඩියෙන් ප්‍රවේසම් වීම වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් පැහැය, ජය අංකය: 08

වෘශ්චික ලග්නය

දුර්ලභ ගමන් බිමන් යාමට ඔබට ආරාධනා ලැබෙන දිනයකි. නමුත් විමසිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු වලට වගේම ක්‍රීඩා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. සමාජ සේවා කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මතභේද වලින් තොරව දිනය ගත කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය, ජය අංකය: 07

ධනු ලග්නය

අලුතින් දෙයක් මිලදී ගැනීමට සුභ දිනයකි. කේන්තියෙන් යුතුව කටයුතු කිරීමට නොයන්න. ඔබේ සිත ශක්තිමත් කරගතයුතු දිනයකි. ඉවසිල්ලෙන් යුතුව ඔබ කටයුතු කළයුතු දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 07

මකර ලග්නය

තරමක කම්මැලි සහගත සිතුවිලි ඇතිවිය හැකි දිනයකි. මනාව සම්පත් ආශ්‍රිත කටයුතු වලට මෙන්ම තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලටද සුභ දිනයකි. ව්‍යාපාර හා රැකියා වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. අන් අය අතර ඔබ ප්‍රවේසම් වීමට වග බලාගත යුතු දිනයකි. ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය, ය අංකය: 07

කුම්භ ලග්නය

භූගත සම්පත් පිලිබඳ කටයුතු වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. බොහෝ ධනය උදාවන ඔබේ ආදායම් තත්වය වර්ධනය වන සුභ දිනයකි. නමුත් කායික හා මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 05

මීන ලග්නය

රහසේ කටයුතු කරන දිනයකි. ඔබේ උදව් අපේක්ෂාවෙන් අන් අය ඔබව සොයා එන දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු එකතු වන දිනයකි. දුර බැහැර ගමන් බිමන්ද ඇතිවන දිනයකි. එබැවින් කල්පනාකාරීව වැඩ කටයුතු කළයුතු දිනයකි. ඉවසීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. නිසි සැලසුම් ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 04

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353

Leave a comment

Comments