අද ලග්න දෙකක් වෘත්තිමය කටයුතු වලින් දුරස් වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 අප්‍රියෙල් මස 27 වන සිකුරාදා
රාහු කාලය දිවා කාලය උදෑසන 10.35 සිට දහවල් 12.08 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.08 දක්වා
සුභ දිශාව: උතුර, මරු සිටින: දිශාව ගිනිකොණ

මේෂ ලග්නය

පෞරුෂය වඩාත් වර්ධනය වන දිනයකි. වෘත්තීය වෙනස්වීම් දිනයකි. සමාජය තුල ඔබ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි. ඔබේ උදව් උපකාර බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් ඔබව සොයා එන දිනයකි.

ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 03

වෘෂභ ලග්නය

කායික ශක්තිය දුර්වල විය හැකි දිනයකි. එබැවින් සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ඉවසීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි.

ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 04

මිථුන ලග්නය

කායික හා මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් ඉවසිලිවන්තව මෙන්ම නිසි සැලසුම් සහිතව කටයුතු කිරීම තුලින් දිනය සාර්ථක කරගත හැකිය. කලා කටයුතු වලටද, හවුල් ව්‍යාපාර කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 07

කටක ලග්නය

නව ආයෝජන මාර්ග වලට යොමුවන දිනයකි. සංචාරක කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. ආදායම් තත්වය ඉතාම උසස් මට්ටමක පවතින දිනයකි. දුර බැහැර ගමන් බිමන් ඇතිවන දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි.

ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 08

සිංහ ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. අමනාපකම් දුරු වී එන අය සමඟ මිතුරු වන දිනයකි. නමුත් කල්පනාකාරී වන්න. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. තරමක බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. ඔබේ වැඩ කටයුතු සියල්ල හොදින් සිතා බලා කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව සම්පාදනය කරගත යුතු දිනයකි.

ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 08

කන්‍යා ලග්නය

බලාපොරොත්තු වැඩි වන දිනයකි. නමුත් ඒවාට බාධාද නැතුවාම නොවෙයි. ඔබ හොදින් සිතා බලා කටයුතු කරන දිනයකි. ඒ නිසාම ඔබව සොයාගෙන බොහෝ පිරිස් එන දිනයකි. වැඩිහිටියන්ගෙන් මෙන්ම හිත මිතුරන්ගෙන් උදව් ලැබෙන දිනයකි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබට වඩාත් වැදගත්.

ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 07

තුලා ලග්නය

කලා කටයුතු වලට නම් ඔබට අද වඩාත් සුභ දිනයකි. අලුත් වැඩ කටයුතු වලට හොද ආරම්භයක් ලැබෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු ව්ලාටද සුභ දිනයකි. දුර බැහැර නෑයින්ගෙන් උදව් උපකාර අපේක්ෂා කළහැකි දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු, අලුතින් අය එකතු වන සුභ දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 07

වෘශ්චික ලග්නය

තමන්ට එරෙහිව තිබු බාධා පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත හැකි දිනයකි. අන් අය විශ්වාස කර කරන කටයුතු වලදී නම් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. තරමක කලබලකාරී ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. නමුත් තම ගෞරවය රැකෙන පරිදි වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.

ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 06

ධනු ලග්නය

අධ්‍යාපනික ශක්තිය වර්ධනය වන දිනයකි. තම දූ දරුවන්ගේ සුභ සෙත බලා අවංකව සතුටු විය හැකි දිනයකි. වෘත්තිමය කටයුතු වලට වඩා පවුලේ අය වෙනුවෙන් වෙහෙස වන දිනයකි. අන් අයගේ වචනයට ගරු කිරීමට පුරුදු වන්න. වඩාත් නිහතමානිව කටයුතු කළයුතු දිනයකි. වගකීමෙන් යුතුව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි.

ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 06

මකර ලග්නය

ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධ කටයුතු වලට වැඩියෙන් අවදානය යොමු කරන දිනයකි. පාද ආශ්‍රිත රෝග කෙරෙහි වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. වෘත්තිමය කටයුතු වලින් දුරස් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.

ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 03

කුම්භ ලග්නය

ඔබේ වචනයට සමාජය තුල වැඩි ගෞරවයක් ලැබෙන දිනයකි. පෞරුෂය වර්ධනය වන දිනයකි. ඔබේ ලැබීම් තත්වය ඉතාම උසස් දිනයකි. අලුතින් දේවල් ඉගෙනගන්නා දිනයකි. බොහෝ පිරිස් සමඟ ගනුදෙනු කළහැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. අන් අයගෙන් වැඩි උදව් උපකාර මෙන්ම ගෞරවයද ලැබෙන දිනයකි.

ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 03

මීන ලග්නය

සෙම් සහිත රෝග වලින් පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් තමන් කරන කියන කටයුතු වලට වැඩියෙන් බාධා ඇතිවන දිනයකි. සමාජ සේවා කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. සිහි කල්පනාවෙන් යුතුව මෙන්ම ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගන්න. පෞරුෂය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී නම් වාසි සහගත තත්වයන් උද්ගත වන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය, ජය අංකය: 06

Leave a comment

Comments