අද ලග්න දෙකකට අලුත් දේවල් මිලදී ගන්න සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 මයි මස 03 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.12 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.34 සිට 03.02 දක්වා
සුභ දිශාව: උතුර

මේෂ ලග්නය

කායික ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දෙමාපිය හා වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 08

වෘෂභ ලග්නය

කතා විලාසය වෙනදට වඩා වෙනස්වන දිනයක් වන අතර කතාව නිසාම අන් අයගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. සුක්ෂම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. නිවසක්, ඉඩමක් මිලදී ගැනීමට සුභ දිනයකි. කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය, ජය අංකය: 07

මිථුන ලග්නය

ඔබේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත් විය යුතු දිනයකි. සුළු අසනීපයකටද වුවත් නිසි ප්‍රතිකාර ගත යුතු දිනයකි. යහපත්ව මෙන්ම අන් අයට ආදර්ශමත්ව ගත කළහැකි දිනයකි. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: කොළ පැහැය, ජය අංකය: 06

කටක ලග්නය

ගැඹුරු කල්පනාවෙන් යුතුව කටයුතු කරන දිනයකි. අතපසු වුනු සියලුම වැඩ කටයුතු මනා විශ්වාසයකින් යුතුව නැවත ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. කණ්ඩායම් හැගීමෙන් යුතුව පැවරෙන වගකීම් සාර්ථකව ඉටුකිරීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය, ජය අංකය: 05

සිංහ ලග්නය

කලාතුරකින් ඔබට උදාවන දිනයකි. පවුලේ අයගෙන් වගේම අසීමිත උදව් අන් අයගෙන්ද ලබාගත හැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර දියුණුවට පත්වන දිනයකි. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 04

කන්‍යා ලග්නය

ලේඛනයට ඉතාම සුභ දිනයකි. අධික ලාභ ලබාගත හැකි දිනයකි. කතා ශක්තිය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න. අන් අය සමඟ කරන කටයුතු වලදී ඉවසීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 03

තුලා ලග්නය

අසනීප තත්වයන් දුරුව යන දිනයකි. සතුරු කරදර යටපත් වන දිනයකි. ව්‍යාපාර වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි. අලුතින් දෙයක් මිලදී ගැනීමට යාමට යෝග්‍ය දිනයකි. මහා පරිමාන ව්‍යාපාර වලටද සුභ දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය: දම් පැහැය, ජය අංකය: 02

වෘශ්චික ලග්නය

අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. වෙන දිනයන්ට වඩා තියුණු නුවණින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. කතාවෙන් අන් අයව ජයගන්න දිනයකි. නිසි සැලසුම් මත ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 01

ධනු ලග්නය

කලබලයකින් තොරව කටයුතු කිරීමට වගබලාගත යුතු දිනයකි. ගැටළු විසදාලීමට වැඩි දස්කමක් දක්වන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. නමුත් නිතරම සන්සුන්ව වැඩ කටයුතු කරන්න. අලුතින් නිවසක් තැනීමට පටන් ගන්නටද සුභ දිනයකි. මුදල් සම්බන්ධ කටයුතු වලදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි.

ජය වර්ණය: ගුරු පැහැය, ජය අංකය: 03

මකර ලග්නය

මෙතෙක් හමු නොවුණු දෙයක් නැවත ලැබිය හැකි දිනයකි. ඉඩමක්, නිවසක්, වාහනයක් අලුතින් මිලදී ගැනීමටද සුභ දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. අනවශ්‍ය දේවල් මගහැර යන සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: නිල් පැහැය, ජය අංකය: 02

කුම්භ ලග්නය

අද ඔබට හොඳ ඉවසීමෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. නමුත් කල්පනාකාරී විය යුතු දිනයකි. නිවැරදි තීරණ මත ක්‍රියාත්මක වන්න. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 01

මීන ලග්නය

විදෙස් භාෂාවක් හැදෑරීමට ඉතාම යෝග්‍ය දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වන්න. කල්පනාවෙන් යුතුව කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි. විදෙස්ගත වීමට අවස්තාව ලැබෙන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ගුරු පැහැය, ජය අංකය: 09

Leave a comment

Comments