අද ලග්න 2 ක් අන් අය සමඟ කටයුතු කිරීමේදී පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 මයි මස 04 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.34 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.04 සිට අලුයම 12.07 දක්වා
සුභ දිශාව: උතුර, මරු සිටින දිශාව: ගිනිකොණ

මේෂ ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. ඔබට වඩා උගත් මෙන්ම උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි. කළා කටයුතු වලටද සුභ දිනයකි. වැඩ අධික වන ඔබ වෙනදට වඩා වඩාත් කාර්යබහුල විය හැකි දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 09

වෘෂභ ලග්නය

ඕනෑම වැඩක් පහසුවෙන් සාර්ථක කරගත හැකි දිනයකි. පොදු වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබට වඩාත් සුභ දිනයකි. නමුත් ඔබේ ආරක්ෂාව ගැන වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නමුත් ඉවසීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන දිනයකි. තරගකාරී කටයුතු වලටද යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 03

මිථුන ලග්නය

සියුම් සතුරු කරදර ඇතිවිය හැකි දිනයකි. එබැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. පුංචි පුංචි දේවල් ගැන වැඩියෙන් සැළකිලිමත් වන්න. ඔබේ දූ දරුවන්ගේ වැඩ කටයුතු පිළිබඳව වෙනදට වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතු දිනයකි. පවුල් ජීවිතය වඩාත් සාර්ථක වන දිනයකි. සමාජ සේවා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 07

කටක ලග්නය

ඔබට ජයග්‍රහණ නොමදව අත්පත් කරගත හැකි දිනයකි. යාන, වාහන මිලදී ගැනීම් ආදී දේවල් වලටද සුභ දිනයකි. හේතුවක් නොමැතිව ප්‍රශ්න ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරීව කෝපයෙන් තොරව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 06

සිංහ ලග්නය

තරමක බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. ඒවා යටපත් කරගැනීමට අවශ්‍ය ශක්තියද ඔබට ලැබෙන දිනයකි. සෙම් සහිත රෝග ඇතිවීමට වැඩි ඉඩකඩ පවතින දිනයකි. ඔබේ වැඩ කටයුතු සියල්ල හොදින් සිතා බලා කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 05

කන්‍යා ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට තරමක බාධා ඇතිවන දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. ජයග්‍රහණයන් ඔබ සතුය. හොදින් සිතා බලා කටයුතු කරන දිනයකි. වැඩිහිටියන්ගෙන් මෙන්ම හිත මිතුරන්ගෙන් උදව් ලැබෙන දිනයකි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබට වඩාත් වැදගත්.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 08

තුලා ලග්නය

බොහොම ශක්තිමත් දිනයක් ඔබට උදා වී ඇත. රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. කලා වැඩ කටයුතු වලට හොද ආරම්භයක් ලැබෙන දිනයකි.ඔබේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවදානයක් යොමු කළයුතු දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 09

වෘශ්චික ලග්නය

ඔබේ පෞරුෂය මෙන්ම සමාජ තත්වය වෙනදට වඩා උසස් වන දිනයකි. නමුත් බොරු චෝදනා උපහාස හමුවේ ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. තරමක කලබලකාරී ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. නමුත් තම ගෞරවය රැකෙන පරිදි වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රතු පැහැය, ජය අංකය: 09

ධනු ලග්නය

කායික ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලදී නම් ඔබ වෙනදට වඩා කලබලයකින් කටයුතු කළහැකි දිනයකි, එබැවින් කල්පනාකාරී වන්න. වගකීමෙන් යුතුව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වල නියැලෙන්නන්ට නම් වදටැහැ යෝග්‍ය දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය: දලා රතු පැහැය, ජය අංකය: 08

මකර ලග්නය

තම පෞරුෂය වර්ධනය වන දිනයකි. මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. නමුත් අන් අය සමඟ කරන කටයුතු වලදී නම් ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැහැල්ලුවෙන් තීන්දු තීරණ ගැනීමට යොමුවිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය, ජය අංකය: 06

කුම්භ ලග්නය

කාන්තාවන් සමඟ කරන ගනුදෙනු වලදී නම් ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. විදෙස් සම්බන්ධතා සඳහා යෝග්‍ය දිනයකි. ඔබේ ලැබීම් තත්වය ඉතාම උසස් දිනයකි. ආදායම් තත්වයද වඩාත් සුභ දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. සෞඛ්‍ය තත්වය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් වන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 06

මීන ලග්නය

රැකියා හා ව්‍යාපර කටයුතු ගැන වෙනදට වඩා සැලකිල්ලෙන් කටයුතු කළයුතු දිනයකි. තම අත්සන භාවිතයේදී නම් වඩාත් කල්පනාකාරී වන්න. තමන් කරන කියන කටයුතු වලට වැඩියෙන් බාධා ඇතිවන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලදී නම් බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් තීන්දු තීරණ ගැනීමේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. සමාජ සේවා කටයුතු වලට නම් සුභ දිනයකි. සිහි කල්පනාවෙන් යුතුව මෙන්ම ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 05

Random Video:

Leave a comment

Comments