අද ලග්න දෙකකට ගම බිමන් වැඩි වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

0

අද අප්‍රියෙල් මස 10 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.15 සිට 04.47 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.08 සිට 04.38 දක්වා
සුභ දිශාව: නැගෙනහිර

මේෂ ලග්නය

ධාරණ ශක්තිය ඉතා ඉහලය. එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. සමාජයේ අවධානයක් දිනාගන්නා කෙනෙකු බවට පත්වීමේ වාසනාව ඇති අතර සේවකයන්ගෙන් වැඩි වාසි ලබාගත හැකි දිනයකි. කෙසේවුවත් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වම දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය, ජය අංකය: 01

වෘෂභ ලග්නය

බුද්ධිමත්ව කටයුතු කළහැකි දිනයකි. විදෙස් ගමන් බිමන් ඇතිවන අතර නව මිතුරන් හමුවන දිනයක්. දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 09

මිථුන ලග්නය

ගංගා හා මුහුදු ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. ලේඛනයට හා නව නිර්මාණ වලට දිනයකි. පිනට දහමට වැඩියෙන් නැඹුරු වන දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න. සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය, ජය අංකය: 08

කටක ලග්නය

කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වඩාත් සුභ දිනයකි. පවුල් ජීවිතය වඩාත් සාර්ථක වන දිනයකි. නිසි සැලසුම් සකස් කරන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය, ජය අංකය: 07

සිංහ ලග්නය

සතුරු පීඩා ඇතිවිය හැකි දිනයකි. සෞඛ්‍ය පීඩා වලට නිසි ප්‍රතිකාර ලබාගත යුතු දිනයකි. මානසික සහනයක් ඇතිවන දිනයකි. මනා පෞරුෂයක් පෙන්වන දිනයක් වන අතර එඩිතරව වැඩ කටයුතු කරන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. කල්පනාකාරී වීම වඩාත් වැදගත්.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 06

කන්‍යා ලග්නය

අතපසු වුනු සියලුම වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුදුසු දිනයකි. ව්‍යාපාර වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද වදටැහැ යෝග්‍ය දිනයකි. වෙළඳාමට හා ව්‍යාපාර වලට දක්ෂ වන ඔබට වැඩි ලාභ ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 05

තුලා ලග්නය

කලාතුරකින් උදාවන දිනයකි. අන් අයට ආදරයෙන් හා දයාවෙන් සළකන්න. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු ආරම්භ කරන්න. සුභ මංගල යෝගද ඇතිවන දිනයකි. කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය, ජය අංකය: 04

වෘශ්චික ලග්නය

තියුණු නුවනින් යුතුව කටයුතු කළ හැකි දිනයකි. නිරවුල්ව තම අදහස් ප්‍රකාශ කළහැකි දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක වන දිනයකි. ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 03

ධනු ලග්නය

පාලන ශක්තිය, මනාව පෙන්වන දිනයකි. ඉතා බුද්ධිමත්ව හා ආගමානුකුලව දිනය ගත කරයි. අහිමි ගිය දේවල් නැවත ලබාගැනීමේ හැකියාව පවතින දිනයකි. නමුත් මනා ආත්ම විශ්වාසයකින් යුතුව, ආගමානුකුලව කටයුතු කරන්න. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය, ජය අංකය: 02

මකර ලග්නය

සුවපහසුව ගතකළ හැකි දිනයකි. භාවනාවට මෙන්ම පුරාණ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන දිනයකි. පෞරාණික භාණ්ඩ වලට වැඩියෙන් ඇලුම් කරන, ඒවා ලැබෙන දිනයකි. ප්‍රිය සාද මෙන්ම ගමන් බිමන් බහුලව ඇතිවන දිනයකි. කල්පනාකාරී වීමට හා ඉවසිලිවන්ත වීමට වග බලාගන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 01

කුම්භ ලග්නය

කෝපයෙන් යුතුව කටයුතු නොකළ යුතු දිනයකි. අන්ගමන් බිමන් වලදී ප්‍රවේසම් විය යුතු දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. නමුත් ප්‍රවේසම් වීමද වැදගත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දම් පැහැය, ජය අංකය: 03

මීන ලග්නය

දුබල අයට පිහිට වීමට පෙළඹෙන දිනයකි. ඔබේ ආධ්‍යාත්මීක ශක්තිය වෙනදට වඩා වඩාත් ඔබට බලපාන දිනයකි. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න. අන් අයගේ ආදරයද ඔබට නොමදව ලැබෙයි. වියදම් කිරීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය, ජය අංකය: 02

Trending Now:

Leave a comment

Comments