අද ඔබ තීන්දු තීරණ ගැනීමේදී දෙපාරක් හිතන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 අප්‍රියෙල් මස 11 වන බදාදා
රාහු කාලය: දිවා කාලය දහවල් 12.11 සිට දහවල් 01.43 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.11 සිට අලුයම 01.40 දක්වා
සුභ දිශාව: උතුර, මරු සිටින දිශාව: නිරිත

මේෂ ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. කරනා වැඩ සියල්ල සාර්ථක වන දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යහපත් වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. සතුරු බලවේග යටපත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු සම්පාදනය කරගන්න.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 07

වෘෂභ ලග්නය

සතුරු බලවේග වලින් ඔබට යම් පීඩා ඇතිවිය හැකි දිනයකි. එබැවින් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දේවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: සුදු පැහැය, ජය අංකය: 09

මිථුන ලග්නය

අවේගශීලිව කටයුතු කළහැකි දිනයකි. එබැවින් වඩාත් ඉවසිල්ලෙන් කටයුතු කළයුතු දිනයකි. නිසි සැලසුම් සහිතව සාර්ථකව සියලු වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. නමුත් ඔබේ කෝපය පාලනය කරගන්න. මිතුරන් සමඟ කරන කටයුතු වලදීද ප්‍රවේසම් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 03

කටක ලග්නය

හවුල් ව්‍යාපාර වලට වැඩියෙන් වෙහෙසෙන දිනයකි. කායික ශක්තිය වඩාත් හොදින් පවතින දිනයකි. මානසික පීඩා දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව නම් වෙනදට වඩා සැළකිලිමත් වන්න. වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගත යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 07

සිංහ ලග්නය

ඔබේ නිවාස ආශ්‍රිත කටයුතු වලට ඔබ සම්බන්ධ වෙනවානම් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. නෑ හිත මිතුරන් වෙනුවෙන් වැඩියෙන් කල් ගතකිරීමට සිදුවන දිනයකි. හවුල් ව්‍යාපාර වලටද සුභ දිනයකි. සංචාරක වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නමුත් කල්පනාකාරීව, මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 08

කන්‍යා ලග්නය

ඔබේ නිවාස ආශ්‍රිත කටයුතු වලට ඔබ සම්බන්ධ වෙනවානම් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. නෑ හිත මිතුරන් වෙනුවෙන් වැඩියෙන් කල් ගතකිරීමට සිදුවන දිනයකි. හවුල් ව්‍යාපාර වලටද සුභ දිනයකි. සංචාරක වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නමුත් කල්පනාකාරීව, මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 08

තුලා ලග්නය

තම පෞරුෂය ඉතාම යහපත්, මට්ටමකට වර්ධනය වන දිනයකි. ඔබ අද දින ආහාර ගැනීමේදී වඩාත් සැළකිලිමත් වන්න. ආමාශගත රෝග තත්වයන් පවා ඇතිවීමට ඉඩ ඇත. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අන් අයගෙන් වැඩියෙන් ප්‍රවේසම් වීම වැදගත්.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 04

වෘශ්චික ලග්නය

සිතූ දේවල් කිරීමට පෙළඹෙන දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරී වන්න.චෝදනා, අවලාද, උපහාස විදීමට සිදුවන දිනයකි. සමාජ සේවා කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නිදහස් මනසින් යුතුව, මතභේද වලින් තොරව දිනය ගත කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 04

ධනු ලග්නය

තරමක පීඩාකාරී ස්භාවයක් උදාවිය හැකි දිනයකි. වැඩ රාජකාරි වඩාත් බහුල වන දිනයකි. ඒ නිසාම කේන්ති සහගත තත්වයන් උද්ගත විය හැකි දිනයකි. එබැවින් සිත ශක්තිමත් කරගතයුතු දිනයකි. අන් අය සමඟ ප්‍රවේසමෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 08

මකර ලග්නය

ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වියයුතු දිනයකි. දුර බැහැර ගමන් බිමන් යාමට සිදුවන දිනයකි. කලා කටයුතු වලට නම් වඩාත් සුභ දිනයකි. ව්‍යාපාර හා රැකියා වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. අන් අය අතර ඔබට වැඩි ගෞරවයක් ලැබෙන දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 04

කුම්භ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වන සුභ දිනයකි. බොහෝ ධනය උදාවන ඔබේ ආදායම් තත්වය වර්ධනය වන සුභ දිනයකි. ඔබ කරන කියන දේවල් වලට අන් අයගේ වැඩි ආකර්ෂණය ලැබෙන සුභ දිනයකි. කලා කටයුතු වලටද, ගුප්ත විද්‍යාත්මක කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය, ජය අංකය: 04

මීන ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු සම්බන්ධව අලසකමක් තිබුනානම් ඒවා ඉවතලා සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. කල්පනාකාරීව මෙන්ම නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කළයුතු දිනයකි. කරනා දෙය උනන්දුවෙන් කිරීමට සිතට ගතයුතු දිනයකි. ඉවසීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. දණහිස් හා පාද ආශ්‍රිත රෝග කෙරෙහි වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය, ජය අංකය: 08

Trending Now:

Leave a comment

Comments