අද ලග්න දෙකකට ධන හානි සිද්ධවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 මැයි මස 05 වන සෙනසුරාදා
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.01 සිට උදෑසන 10.34 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.40 දක්වා
සුභ දිශාව: දකුණ, අසුභ දිශාව: නැගෙනහිර

මේෂ ලග්නය

බලාපොරොත්තු ඉටුවන දිනයකි. මෙතෙක් ඔබට තිබු යම් ප්‍රශ්නයක් නිරාකරණය කරගත හැකි දිනයකි. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. වැඩිහිටි උපෙස් මත කටයුතු කළයුතු දිනයකි. පෙරමුණ ගෙන කටයුතු කිරීමට අවස්තාව ලැබෙන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රෝස පැහැය, ජය අංකය: 03

වෘෂභ ලග්නය

ඔබගේ ආවේගශීලී ගති ලක්ෂණ පාලනය කරගත යුතු දිනයකි. අමනාපකම් හා අන් අය අතර සිත් තැවුල් ඇති නොවන ලෙස කටයුතු කළයුතු දිනයකි. ගමන් බිමන් වලදී ඔබ ප්‍රවේසම් විය යුතු දිනයකි. ඉවසීමෙන් යුතුව දිනය ගතකිරීම වඩාත් යහපත්. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. නිහතමානිව මෙන්ම
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 01

මිථුන ලග්නය

යම් තරමක ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. මනා සංයමයකින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. ඔබේ බලාපොරොත්තු සාර්ථක වන රැකියා හා ව්‍යාපාර වලින්ද වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: රතු පැහැය, ජය අංකය: 03

කටක ලග්නය

නිවස තුල සාමය වැඩිවන දිනයකි. ලද දෙයින් සතුටු වන්න. වාහන ධාවනයේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. අන් අයට ගරුත්වයෙන් සැළකිය යුතු දිනයකි. වෙන දින වලට වඩා පිනට දහමට වැඩියෙන් යොමුවන යොමුවන දිනයකි. ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය, ජය අංකය: 05

සිංහ ලග්නය

විවේකය අඩු වන ඔබ වෙනදට වඩා කාර්යබහුල වන දිනයකි. එමෙන්ම ඔබේ වියදම් පිළිබඳව සැළකිලිමත් විය යුතු දිනයකි. කලට වෙලාවට ආහාර ගත යුතු දිනයකි. යම් ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිය නම්, ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒවා සාර්ථක වන දිනයකි. නමුත් ඔබ ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. ආගමානුකුලව දිනය කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 04

කන්‍යා ලග්නය

ආදායම් තත්වය වඩාත් යහපත් වන දිනයකි. දැහැමින් කටයුතු කළයුතු දිනයක් වන අතර ඔබේ ආවේගශීලී ගති ලක්ෂණ පාලනය කරගත යුතු දිනයකි. නමුත් සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය, ජය අංකය: 09

තුලා ලග්නය

ඔබේ ශක්තිය උරගා බලන දිනයකි. කෙළවරක් නොමැතිව අභියෝග වලට මුහුණ දීමට සිදුවන දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයකි. ඔබේ බලය අන් අය අතර තහවුරු වන දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. සෞඛ්‍ය පිළිබඳවද සැළකිලිමත් විය යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: සුදු පැහැය, ජය අංකය: 02

වෘශ්චික ලග්නය

ඔබ ගැන අන් අය අතර කතාබහට ලක්වන දිනයකි. ආර්ථික ශක්තිය වර්ධනය වන දිනයකි. සතුරු බලවේග යටපත් කරගෙන දිනය ගතකිරීමේ වාසනාව ඇත.සතුරන් ජය ගන්නා දිනයකි. සමාජ ඇසුරේදී මෙන්ම අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වන්න.කලට වෙලාවට නිසි ආහාර ගැනීමට යොමුවිය යුතු දිනයකි. දෙමාපිය උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න.
ජය වර්ණය: රතු පැහැය, ජය අංකය: 06

ධනු ලග්නය

ආවේගශීලී ගති ලක්ෂණ ඔබ පාලනය කරගත යුතු දිනයකි. සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. අනවශ්‍ය ප්‍රශ්න වලින් තිරව කටයුතු කළයුතු දිනයකි. තමන්ට පැවරෙන වැඩ රාජකාරි නිසි ලෙස ඉටු කරන්න. අවශ්‍ය ධනය මෙන්ම ආර්ථික ශක්තියද ලැබෙන දිනයකි. ඉවසීමෙන් හා මනා සංයමයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය, ජය අංකය: 05

මකර ලග්නය

පෙර පින් ඵලදෙන කාලයක් උදා වෙයි. නාස්තිය කලින් සිදුවුවද ඒවා දුරුවන දිනයකි. ඉවසීමෙන් හා ලද දෙයින් සතුටුව කටයුතු කරන්න. මුදල් භාවිතයේදී නම් වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. යම් යම් අඩුපාඩු මගහරවා ගැනීමට සිත යොදවා කටයුතු කරන්න. දිනය වඩාත් අවබෝධයෙන් හා ආරක්ෂාකාරීව ගත කළ යුතුයි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: රෝස පැහැය, ජය අංකය: 03

කුම්භ ලග්නය

වියදම් තත්වය වැඩි වන දිනයකි. නමුත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. වැඩ ක‍ටයුතු සම්බන්ධව යම් ප්‍රමාද ඇතිවිය හැකිය. අන් අයට පීඩාවක් නොවන පරිදි ඔබ කටයුතු කළයුතු දිනයකි. නමුත් තීරණ ගැනීමේදී අද දින වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය, ජය අංකය: 01

මීන ලග්නය

ඔබට සුභඵල ලැබෙන දිනයකි. යම් යම් වරප්‍රසාද ලැබෙන, බලාපොරොත්තු ඉටුවන දිනයකි. ඔබේ ආදායම් තත්වය යහපත් වන දිනයකි. නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. වඩාත් සාර්ථක ලෙස ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි. දුරදක්නා නුවණින් යුතුව දෙමාපිය උපදෙස් මත කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය, ජය අංකය: 05

Leave a comment

Comments