අද එක ලග්නයක් ඔබගේ මව ප්‍රවේසම් කරගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද?

අද 2018 මැයි මස 06 වන ඉරිදා
රාහු කාලය දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.28 සිට සවස 05.58 දක්වා
සුභ දිශාව: දකුණ, අසුභ දිශාව: උතුර

මේෂ ලග්නය

ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. ඔබේ ආවේගශීලී ගති ලක්ෂණ තරමක් පාලනය කරගත යුතු දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලගතු යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රෝස පැහැය, ජය අංකය: 02

වෘෂභ ලග්නය

ඔබේ පවුලේ ය ගැන වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. එබැවින් කරනා වැඩ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. සෑම අතින්ම ආරක්ෂාකාරීව කටයුතු කළයුතු දිනයකි. මුදල් වදියෙම්න් වැය විය හැකි දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න.
ජය වර්ණය: රෝස පැහැය, ජය අංකය: 09

මිථුන ලග්නය

අන් ය අතර ඔබ පිළිබඳව ගෞරවාන්විත හැගීම් ඇතිවන දිනයකි. මොනතරම් බාධා ආවත් ඒවා හමුවේ සාර්ථක වන දිනයකි. නමුත් කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: කොළ පැහැය, ජය අංකය: 06

කටක ලග්නය

ඔබේ මනස අවුල් වන ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. ඉතාම ප්‍රවේසමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ලද දෙයින් සැහීමකට පත්විය යුතු දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම ප්‍රවේසමෙන් හා නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: දම් පැහැය, ජය අංකය: 03

සිංහ ලග්නය

සෑම අතින්ම යහපත් දිනයක් ඔබට උදා වී ඇත. කලා වැඩ කටයුතු වලට නම් සුභ දිනයකි. අලුත් අදහස් අනුව කටයුතු කිරීමට වෙහෙසෙන දිනයකි. අආමාශගත රෝග තිබෙනවානම් වඩාත් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 03

කන්‍යා ලග්නය

ඔබේ අදහස් වලට පීඩා ඇතිවන දිනයකි. ඔබට වෙනදට වඩා සිත් තැවුලෙන් යුතුව කටයුතු කිරීමට සිදුවන දිනයකි. ආදායම් තත්වය නම් සුභ දිනයකි. දුරදක්නා නුවණින් යුතුව හා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. ආවේගශීලී නොවන්න. එබැවින් වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: සුදු පැහැය, ජය අංකය: 09

තුලා ලග්නය

ඔබේ බලය අන් අය අතර තහවුරු කරගත හැකි දිනයකි. යම් වෙනසක් සහිතව, නව සැලසුම් සහිතව දිනය ගත කරයි. නායකතව ගුණාංග ඉතාම හොදින් පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව, සිත පාලනයකින් දිනය ගත කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: රතු පැහැය, ජය අංකය: 04

වෘශ්චික ලග්නය

ඔබේ මවට යම් යම් බලපෑම් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. බොහෝ වෙලාවට සිත කම්පා වන සිදුවීම් වලට මුහුණ දීමට ඉඩ ඇති දිනයක් වන බැවින් කල්පනාවෙන් යුතුව දිනය ගත කරන්න. කෝපයෙන් යුතුව කටයුතු නොකරන්න. ඔබේ කීර්ති නාමයට කැළලක් නොවන අයුරින් කටයුතු කිරීමට වග බලාගත යුතු දිනයකි. සිකතාවේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. දෙවරක් සිතා බලා කතා කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා රෝස පැහැය, ජය අංකය: 07

ධනු ලග්නය

සිතට පීඩනයක් දැනෙන දිනයකි. එබැවින් ඔබේ කතාවේදී, ගමනේදී වඩාත් ප්‍රවේසම් වන්න. වෙනදට වඩා කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. පිරිස් බලය නම් ඔබට නොමදව ලැබෙන දිනයකි. ආවේගය ඉවතලා කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 04

මකර ලග්නය

සියලු අභියෝග හමුවේ ඔබට වෙනදාටත් වඩා සාර්ථක විය හැකි දිනයකි. යම් තරමක බලාපොරොත්තු ඉටුවන දිනයකි. නව අදහස් පහල වන දිනයකි. අලුතින් යමක් ආරම්භ කිරීම්ටාද සුභ දිනයකි. වැඩිහිටි උපදෙස් වලට ගරු කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 05

කුම්භ ලග්නය

රහස් සතුරු බලවේග ඔබට එරෙහිව පවතින දිනයකි. එබැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. කාර්යබහුල වන දිනයක් විය හැකිය. එමෙන්ම විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි ඔබේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 09

මීන ලග්නය

යම් යම් දේවල් නිසා ඔබේ දැනුමට වටිනාකමක් ලැබෙන දිනයකි. ආදායම් තත්වය යහපත් වන අතර ඔබට පිරිස් බලයද ලැබෙන දිනයකි. සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් පෙන්වන දිනයකි. නමුත් වියදම් ගැන නම් සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: නිල් පැහැය, ජය අංකය: 03

Leave a comment

Comments