තක්කාලි කියන්නේ අද වෙළඳපොළේ ඇති සුලබ එළවළු වර්ගයක්. සැලඩ් සැකසීම සඳහා වැඩි වශයෙන් භාවිතා වන තක්කාලි තුල විටමින් A, C සහ K බහුල වනවා. තක්කාලි තුල අන්තර්ගත වන රත් පැහැය නිර්මාණය කරන “lycopene” ප්‍රතිඔක්සිකාරකය මගින් ශරීර වේදනාවන් සමනය කර කොලෙස්ටරෝල් මට්ටම පවා පාලනය කිරීම සිදු කරන අතර මධ්‍යම ප්‍රමාණයක තක්කාලි ගෙඩියක කිලෝකැලරි 40 ක් පමණ අන්තර්ගත වනවා.
අද අපි ඔබ වෙත ගෙන ඒමට සුදානම් වන්නේ තත්කාලි භාවිතයෙන් කැලරි අවම සුප් පානයක් සකස් කර ගන්නා අයුරුයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ඉදුණු තක්කාලි කිලෝ 1 ක්
- සුදුළුනු බික් දෙකක්
- ඔලිව් තෙල් මේස හැඳි දෙකක්
- ලුණු තේ හැන්දක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- තිරිඟු පිටි මේස හැන්දක්
- නැවුම් බාසිල් පත්‍ර ස්වල්පයක්
- මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් අලයක්
- ජලය මිලි ලීටර 500
සකස්කර ගන්නා අකාරය:
තක්කාලි සහ අර්තාපල් සෝදා පිරිසිදුකර කැට “dice” කපා ගන්න. සාස්පානක් ගෙන එය ගින්නෙන් තබා තිරිඟු පිටි සහ ඔලිව් තෙල් එක්කර රත් කර ගන්න. පසුව කපාගත් තක්කාලි සහ අර්තාපල් එක්කරන්න.
ඉන් පසුව ජලය එක්කර විනාඩි දහයක කාලයක් මද ගින්නේ පිස ගන්න. දැන් ලුණු, ගම්මිරිස් සහ සුදුළුනු එක්කර නැවතත් විනාඩි 15-20 ත් අතර කාලයක් පිස ගන්න. අවසාන වශයෙන් ඔබ සකස් කර ගත් සුප් පානය බාසිල් පත්‍ර එක්කර අලංකාරවත් කර ගන්න.