මේ දිස්ත්‍රික්කවල ට්‍රිප් යන්නෙ බලාගෙනයි! හේතුව මෙන්න…

මේ දවස්වල රටේ තොටේ හැම තැනකම කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි ඩෙංගු කියලා කියන්නෙ. මේ අවුරුද්දට විතර කී දෙනෙක්ටනම් ඩෙංගු නිසා තමන්ගෙ වටිනා ජීවිතය නැති වුනාද..? ඒ නිසා පුළුවන් තරම් අපි ඩෙංගු මදුරුවාගෙන් පරිස්සම් විය යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අදවන විට වසංගත තත්වයක් බවට පත්ව ඇති ඩෙංගු උවදුර මැඩ පැවැත්වීමටත් අපි කටයුතු කරන්න ඕන.

රට පුරාම සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙලා යන ඩෙංගු උවදුරෙන් වැඩිම බලපෑමක් එල්ලවෙලා තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයට. මේ වෙද්දි කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් ඩෙංගු රෝගීන් 10049 ක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා ඔබ කොළඹ ප්‍රදේශයේ ඉන්න කෙනෙක්නම් මේ ගැන වැඩිපුර හිතන්න ඕන.

කොළඹ විතරක් නෙමෙයි ඔබ කොතනක හිටියත් රටේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය දැනගෙන ඉන්න එක වැදගත්. මොකද සමහර විට ඔබ කරන රැකියාව අනුව රට වටේ යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ලඟදි ඔබ විනෝද චාරිකාවක් සැළසුම් කරලා තියෙන්න පුළුවන්. ඒ නිසාම වැඩිම ඩෙංගු අවධානමක් තියෙන මේ දිස්ත්‍රික්ක ගැන ඔබ දැන සිටීම ඉතාමත්ම වැදගත්.

ඔබ මේ දිස්ත්‍රික්කවල ජීවත් වෙන කෙනෙක්නම් හරි මේ දිස්ත්‍රික්කවලට නිතර යන එන කෙනෙක්නම් හරි ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන. ඒ වගේම මේ රෝග ලක්ෂණ තියෙනවනම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න එකත් වැදගත් වෙනවා. පහත දැක්වෙන්න ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක සහ ජුනි මස අවසන් වන විට එම දිස්ත්‍රික්ක වලින් වාර්තාවුන රෝගීන් සංඛ්‍යාවයි.

  • කොළඹ – 10049
  • ගම්පහ – 5853
  • ත්‍රිකුණාමලය – 4119
  • කළුතර – 2611
  • මඩකලපුව – 2497
  • කුරුණෑගල – 1942
  • ගාල්ල – 1875
  • රත්නපුරය – 1771
  • මාතර – 1557
  • මහනුවර – 1373
  • කෑගල්ල – 1150
  • හම්බන්තොට – 1116

Leave a comment

Comments