බීලා පිස්සු නැටුවොත් වෙන දේ දන්නවද..? වරෙන්තු නැතුව උනත් අල්ලන්න පුළුවන්

නිහාල් නගරයේ කඩයක විකුණුම් සහායකු ලෙස වැඩ කරයි. සතියේ සෑම දිනකම වැඩට යා යුතු වුවත් නිහාල් බොහෝ විට සතියේ දින 2ක් පමණ අනිවාර්යයෙන්ම නිවාඩු ලබා ගන්නේ ඊට පෙර දින රාති‍්‍රයෙහි බීමත් වී සිටි නිසා ඇති වූ අපහසුතාවයකින් නිසාය. වැඩට යන සෑම දිනකම උදේ 8ට පමණ නිවසින් පිටව යන මොහු රාත‍්‍රී 7ට පමණ නිවසට එන්නේ තම නිවසට එන පාර ආරම්භයේ සිට ජීවත් වන තම අසල්වාසීන්ට උස් හඬින් සහ හො`ද සුද්ද සිංහලයෙන් අමතමින්ය. එම නිසා බොහෝ විට ඔහුගේ අසල්වාසීන්, කුඩා දරුවන් සමගින් රාතී‍්‍ර 7න් පසු නිවෙස් ඉදිරිපිට සිටින්නේ නැත. ඒ තබා ඔවුන්ගේ නිවෙස්වල ජනෙල් දොරවල් පවා විවෘතව තබන්නේ නැත. නිහාල්ගේ මෙම රැුඟුම පටන් ගන්නේ සවස 5ට තම සේවා මුරය අවසන් වී බාර් එකට ගොඩවීමෙන් පසුය. එහිදී අරක්කු වීදුරු 3ක් පමණ බීමෙන් පසු මෙම නාටකය ආරම්භ වී එය බස් නැවතුම්පොළෙහි සිටින පන්ති ඇරි නිවෙස් බලා යන ළමයින්ගේ සිට බස් රථයේදී ගමන් ගන්නා මගීන් දක්වාද තම ගෙදර සිටින සුරතලේට ඇති කරනු ලබන බල්ලා දක්වාම මෙම කරදරය අත්දැකීමට සිදු වේ.

ඉහතින් මා දැක්වූ කතාවේ කථා නායකයා වන නිහාල් ලා බොහොමයක් වර්තමානයේ ද බොහෝ ගම්වල සහ නගරවල දකින්නට ඇත. අතීතයට වඩා අද වන විට මෙවැනි චරිත අඩු වුවද විටින් විට එවැනි චරිත දැක ගත හැක.

ඉහත කථාවේ නම සත්‍ය චරිතයක් නොවුණ ද එම කථාව සත්‍ය සිදුවීමකින් උපුටා ගත්තක්ය.

මද්‍යසාර භාවිතය නිසා පුද්ගලයකුගේ පෙනීම, කථා කිරීම සහ සිතීම වැනි කටයුතු දුර්වල වී අඩාළ වේ, පසුව මෙය කෝපය සහ රණ්ඩුවලට පැටලීම දක්වා දුරදිග යෑමට පුළුවන. බොහෝ මද්‍යසාර භාවිත කරන පුද්ගලයින් ඔවුන් කියනා දෙය පිළිබඳව අවබෝධ කොට නොගනී. ඔවුන්ටම හෝ අනෙකකුට හිංසා හෝ පීඩා කිරීමේ අරමුණින් යුතුව කි‍්‍රයා කරනු ලබයි. මෙවැනි පීඩාවට පත්වන පුද්ගලයින් හට නීතියේ පිහිටක් නැද්ද යනුවෙන් කෙනෙකුට සිතෙන්නට පුළුවන. පිළිතුර නම් ඇත යන්නයි. නමුත් එවැනි පිළිසරණක් ඇති බව බොහෝ පිරිසක් දන්නේ නැත. මෙම බීමත්ව කරනු ලබන වැරදි සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහාම වර්ෂ 1979 අංක 41 දරන බීමත්ව කරන ලද වැරදි පිළිබඳ (විශේෂ විධිවිධාන* පනත නමින් පනතින් නීතියට ඇතුළත් කොට ඇත. මෙම පනත 2008 අංක 12 දරන දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් ද සංශෝධනයට ලක් කරමින් බීමතින් සිටින අය සිදු කරන වැරදි සඳහා වඩාත් පැහැදිලි ද`ඩුවම් සහිත නීතියක් සකසා ඇත.
kasun
මෙම පනත ආරම්භයේ දී සඳහන් කර ඇති අන්දමට මෙම පනත මගින් බීමත්ව සිටියදී සිදු කරන ඇතැම් වැරදි සම්බන්ධව වැඩි ද`ඩුවමක් දීමට බලාපොරොත්තු වේ. මෙම පනතෙහි 2 වන වගන්තිය මඟින් බීමත් පුද්ගලයන් විසින් සිදු කරන සියලූම වැරදි ආවරණය කරන බවට සැලකිය හැක. එම වගන්තියට අනුව යම් ප‍්‍රසිද්ධ ස්ථානයකදී තමාගේ බීමත්ව හැසිරිම අනෙක් තැනැත්තකුට කරදරයක් සිදු වේ නම් එය මෙම පනත යටතේ වැරදිකරුවකු ලෙස ගත හැකිය. මෙහිදී බස් නැවතුම්පළවල, මහාමාර්ග, පන්ති, පාසල්, ආගමික ස්ථාන, නිවාස, කාර්යාල හෝ කුමන අන්දමේ ජනතාව ගැවසෙන ස්ථානයක වුවද බීමතින් ගැවසෙමින් අනෙක් පුද්ගලයින්ට කරදර වන අයුරෙන් හැසිරීම එවැනි ස්ථාවලට ඇතුළුවීමද වරදක් ලෙස සැලකීමට සිදු වේ.

ඉහත දැක්වූ ආකාරයක වරදක් සිදුකරන ඕනෑම අයකු වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගැනීමේ බලය ඕනෑම පොලිස් නිලධාරියකුට ලබා දී ඇත. එම සිරභාරයට ගැනීමේ දී යම් සාධාරණ බලයක් පාවිච්චි කිරීමේ බලය ද එම නිලධාරින්ට ලබාදී ඇත. ඔබ නොදන්නා කරුණක් වෙත මෙහිදී අවධාරණය කරමි. එනම් ඔබ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හට පොලිස් නිලධාරියකු හා සමාන බොහෝ බලතල ඇති බව ඔබ නොදන්නවා වන්නට පුළුවන. ඒ නිසා මෙවැනි බීමත්ව වැරදි කරන්නන් අත්අඩංගුවට ගැනීමට ද ඉන් පසු පොලිසියට භාරදීමට ඔබගේ ප‍්‍රදේශය නැති නම් ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරිවරයා හට හැකි බව දැනුවත්ව සිටිම ප‍්‍රයෝජනවත්ය.

එවැනි බීමත්ව වැරදි කරන්නකු අත්අඩංගුවට ගත් විට එම පුද්ගලයා ප‍්‍රාශ්වාස පරික්‍ෂණයකට යොමු කොට බීමතින් සිටින බවට තහවුරු කරගත් වාර්තාවක් ආණ්ඩුවේ වෛද්‍යවරයකු ලවා ගත යුතුය. එවැනි බීමත් අයකු අත්අඩංගුවට යෑමේදී විරුද්ධත්වය පාමින් එය වැළැක්වුවහොත් මාස 6 දක්වා කාලයකට බන්ධනාගාර ගත කිරීමක් සහ රුපියල් 500/- සිට රුපියල් 1000/- දක්වා දඩ මුදලක් ලබා දිය හැක.

මෙම පනතෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙම පනත සමග දණ්ඩ නීති සංග‍්‍රහයේ වැරදි කිහිපයක් සම්බන්ධ කොට ද`ඩුවම් වැඩි කර දිය හැකි බලයක් අදාළ මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ලබා දී තිබීමයි. නිදසුනක් ලෙස බීමත්ව සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දී රජයේ සේවකයකුට තර්ජනය කළහොත් ඔහු දණ්ඩ නීති සංග‍්‍රහයේ 186 වන නීතිය යටතේ වූ වරදක් සිදු කරනු ලබන නිසා එය මෙම බීමත්ව කරන ලද පනතේ ෂ වන තීරයට අනුව වසර 4ක සිරදඬුවම් ලබා දිය හැකි වරදකි. එවැනිම තවත් වරදක් ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයේ 314 යටතේ එන සුළු තුවාල සිදු කිරීම, බීමතින් සිදු කළහොත් ඒ සඳහා වසර 01ක කාලයකට බන්ධානාගාර ගත කිරීම කළ හැක. ඒ අනුව සාමාන්‍ය අයකු වරදක් සිදු කිරීමට වඩා බීමතින් සිටින අයකු වරදක් සිදු කිරීමේ දී එය සඳහා ලබා දිය හැකි ද`ඩුවම වඩා වැඩි බව මෙමඟින් පැහැදිලි වේ.

මෙම පනත යටතේ ඇති තවත් ප‍්‍රබලතම ප‍්‍රතිපාදනයක් නම් අවුරුදු 12ට අඩු අය සඳහා මත්පැන්් දීම තහනම් කිරීමයි. මෙහි දී වයස අවුරුදු 12ට අඩු තැනැත්තකුට මෙලෙස මත්පැන් දීම අවුරුදු 1 සිට 2 ක් දක්වා කාලයකට බන්ධනාගාර ගත කිරීමට ද රු: 1500/- සිට රු: 3500/- නොඉක්මවන දඩයකට ද යටත් කිරීම කළ හැකිය. ඒ සමගම යම් අයකු අවුරුදු 18ට අඩු තැනැත්තකුට මත්පැන් විකුණා හසු වුවහොත් මාසයක කාලයක සිට අවුරුදු 2 දක්වා කාලයකට බන්ධනාගාර ගත කිරීමකට අනිවාර්යයෙන්ම යටත් කළ යුතුය. තවද දඩය ලෙස රු: 2000/- සිට රු: 5000/- ක් නියම කිරීමේ බලයක් අදාළ අධිකරණය වෙත ඇත. ඒ අනුව ළමයින්ට මත්පැන් විකිණීම හෝ ලබා දෙන අයට ඉහත කී දැඩි දඬුවම් ලබා දීමේ හැකියාවක් මෙම පවතින නීතිය අනුව ඇත.

මීළඟට බොහෝ බීමත් පුදගලයින් විසින් බීමතින් සිටියදී පොදු දේපල වලට හානි සිදු කිරීම සුලබව දැකගත හැක. එහි දී බස්රථවල ආසන වලට හානිකිරීම. වීදුරු බිඳ දැමීම, නාම පුවරු කඩා දැමීම, පොදුවේ භාවිත කරන ජල නළ කරාම වලට හානි පැමිණවීම, ගමේ ප‍්‍රජා ශාලාවට හානි කිරීම හෝ රජයට අයත් පොදු ජනයාගේ භාවිතයට තබා ඇති ඕනෑම දේපලකටහානි පැමිණවීම මෙවැනි වරදක් කළා යැයි සලකනු ලබයි. මෙවැනි වැරදි කරන්නෙකු හට මාස 6 ක සිට අවුරුදු 2 දක්වා කාලයක සිට බන්ධනාගාර ගත කිරීමක් සහ රු: 1500/- සිට රු: 5000/- දක්වා දඩයකට ද යටත් කිරීමේ හැකියාව පවතී. ඒ අනුව ඔබ ප‍්‍රදේශයේ මෙවැනි බීමතින් වැරදි කරන්නවුන් සිටි නම් ඔවුන් නීතියේ රැුහැනට හසු කර දීම ඔබේ යුතුකමකි.

නීතීඥ කසුන් පොන්නම්පෙරුම
රිවිර පුවත්පත

Leave a comment

Comments