ලොව වැඩිම අාර්ථික වටිනාකමක් අැති ඔෟෂධීය පැලෑටිය “ගංඡා” ගැන දැන ගන්න

‘ග්‍රෑන්ඩ් වීව් රිසර්ච්’ නම් ඇමෙරිකානු පර්යේෂණ සමාගම ඇස්තමේන්තු කර ඇති පරිදි ඖෂධමය ගංජා අලෙවි කෙරෙන ජගත් වෙළෙඳපොල 2025 වසර වනවිට ඩොලර් කෝටි 5500 තරම් වනු ඇත.

වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඉල්ලුමට සාපේක්ෂව දැන් ගංඡා පැලෑටිය යනු ඩොලර් කෝටි ගණන් ඉපයිය හැකි ගෝලීය ව්‍යාපාරයකි. ලෝක වෙළද පොලේ ඒවා නීත්‍යානුකුලව විකුනන හා මිලදී ගන්නා රටවල් බොහෝ වේ. ඊ්‍ශ්‍රායලය එහි අංක එකේ රටය.

2017 පෙබරවාරි නෙදර්ලන්ත පාර්ලිමේන්තුව ගංඡා වගාකිරීමට අවසර දිමේ පනතක් සම්මත කලේය. ගංජා සඳහා නෙදර්ලන්තය දීර්ඝ කාලයක් තිස්සේ දැක්වූ ලිහිල් ප්‍රතිපත්තියට නීතිමය පසුබිමක් මේ අනුව ගොඩනැගෙනු ඇත. නෙදර්ලන්තයේ නීති සංග්‍රහයට අනුව ගංජා තහනම් මත්ද්‍රව්‍යයක් වන නමුත් එරට අවන්හල් තුළ ගංජා අලෙවිය ප්‍රසිද්ධියේ සිදුවෙයි. නෙදර්ලන්ත පොලිසිය ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරයි.

ඡැමෙයිකාව 2015 දී කංසා සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවසර ලබා දෙමින් ජැමෙයිකාවේ කැබිනට් මණ්ඩලය නව පනතක් සම්මත කර ගත් අතර මේ අනුව ආගමික වතාවත් සඳහා ඖෂධයක් වශයෙන් කංසා යොදා ගන්නා ජැමෙයිකාවේ රස්ටෆාරියන් (Rastafarian) ප්‍රජාවට නීත්‍යානුකුලව ගංජා පානය කිරීමේ නිදහස හිමි වෙයි. මීට අමතරව ඖෂධීය සහ චිකිත්සක අවශ්‍යතා සඳහා කංසා නොහොත් ගංජා වගා කිරීමට, බෙදා හැරීමට සහ වෙළඳාම් කිරීමට අවසර පත් ලබා දීම සඳහා අධිකාරියක් පිහිටුවීම ද අලුත් පනත හරහා සිදු කෙරෙයි.

කැනඩාව නෙදර්ලන්තය අනුව යමින් සිය රටේ ගංඡා වගා කිරීම සදහා නිතිමය තත්වයන් ඇති කල අතර 2018 ඡනවාරි 02 දා සිට ඇමෙරිකා එක්සත් ඡනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය සිය ඡනතාවගේ විනෝදය උදෙසා ගංඡා පානය කිරීමට අවසර දුන්නේය. නවතම තත්වයන්ට අනුව ඔස්ට්‍රෙිලියාව මේ ක්ෂේත්‍රයේ දැවැන්තයා විමට හදිසියේ උත්සාහයක නිරත වෙයි. ඖෂධමය ගංජා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක් ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි.

කැනඩාව සහ නෙදර්ලන්තය අනුව යමින් දේශීය වෙළෙඳ පොළෙන් ඔබ්බට ගංජා විකිණීමේ පරිසරය නිර්මාණය කර ගැනීමට දැනට පවතින රෙගුලාසි වෙනස් කර ගැනීම ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ සැලැස්ම වෙයි. ඔස්ට්‍රේලියාව ඖෂධයක් මට්ටමින් ගංජා පාවිච්චිය 2016 වසරේ පටන් නීතිගත කරනු ලැබ ඇත.

“අපේ අරමුණ ඉතාම පැහැදිලියි. ඖෂධ වශයෙන් ගංජා අපනයනය අතින් ලෝකයේ පළමු ස්ථානය හිමිකර ගැනීම ඔස්ට්‍රේලියානු ගොවීන්ට සහ නිෂ්පාදකයන්ට හොඳ අවස්ථාවක්” සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් කියා සිටියේය. මේ අනුව ඔවුනට තරග වදින්නට සිදුවන්නේ දැනටමත් ලෝක වෙළදපොලට ඖෂධීය මටිටමෙන් ගංඡා සපයන ඊශ්‍රායලය හා උරුගුවේ සමගය.

– උපුටා ගැනීම බී.බී.සී

Leave a comment

Comments