රෑට මදුරු දඟර පත්තු කරලා නිදාගත්තොත් ඔයාට වෙනදේ මෙන්න…

635

මේ දවස්වල රටේ තොටේ හැම තැනකම වගේ අපිට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි ඩෙංගු රෝගය. මේ නිසාම මදුරු කරදරය අවම කරගන්න බොහෝ දෙනා මදුරු දඟර භාවිතා කරනවා. නමුත් බොහෝ දෙනා මදුරු දඟර භාවිතා කරන්නෙ අවිධිමත් ක්‍රමයකට කියලා මෑත කාලයේදී සිදු කරන ලද පරීක්ෂණයකින් සොයා ගෙන තියෙනවා.

සාමාන්‍යයෙන් දිනකට මදුරු දඟර 03-04 ත් අතර ප්‍රමාණයක් නිවසක පාවිච්චි කරනවා. එසේම මදුරු දඟර පත්තුකරලා විදුලි පංකාවක් පවා ක්‍රියාත්මක කරන අවස්ථා තියෙනවා. නමුත් මේ තුලින් ඔබේ සෞඛ්‍යට ඉතා බරපතල හානි සිදුවෙන්න හැකියාවක් පවතිනවා.

මෙම මදුරු දඟරවල අඩංගුවන ඇලත්‍රීන් නම් රසායනික ද්‍රව්‍යය සහිත දුම පහසුවෙන් ශ්වසන මාර්ගයට ඇතුලත් වීමේ හැකියාව තිබෙනවා වගේම ඒ මඟින් පහසුවෙන්ම විෂ ශරීරගත වනවා. මේ හේතුව නිසා අධික හිසරදය, ඇදුම, හුස්ම ගැනීමේ අපහසුව, අක්මාවට හානි වීම හා ඇහේ කණිකාවට හානි වීම වැනි දේවල් සිදු වීමට හැකියාව තිබෙනවා. මදුරු දඟර අධික කාලයක් භාවිතය හේතුවෙන්, ස්ත්‍රී පුරුෂ දරු සාඵල්‍යතාව අවම වීම සිදුවන බව අනාවරණය කරගෙන තිබෙනවා.

මේ නිසා මදුරු කරදරයෙන් බේරෙන්නට මදුරු දඟර පාවිච්චි කරන ඔබ එය නිවැරදි ආකාරයට සිදු කරන අකාරය හොඳින්ම දැනුවත් විය යුතු වෙනවා. ඒ සඳහා පහත පියවර කිහිපය ඔබත් අනුගමනය කරන්න.

01. නිදාගැනීමට පැය 1/2 කට ප්‍රථම මදුරු දඟරය දල්වා ජනෙල් දොරවල් හොඳින් වසා දමන්න.

02. පැය 1/2 කට පසු නැවත ජනෙල් දොරවල් විවෘත කරන්න

03. මදුරු දඟරය නිවා දමා විනාඩි 5කින් පසු නැවත දොර ජනෙල් වසා දමන්න.

04. මදුරු දඟරයක් දල්වා තැබිය යුතු උපරිම කාලය පැය 1/2 ක් බව මතකය තබා ගන්න

Leave a comment

Comments

Close
Close