GetFun LK http://getfun.lk Get fun while learning.. Sat, 21 Jul 2018 05:26:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=4.9.7 100563203 ජූලි මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා සතියේ ලග්න පලාපල මෙන්න http://getfun.lk/weekly-astrology-forecast-22nd-28th-july/ Sat, 21 Jul 2018 05:26:31 +0000 http://getfun.lk/?p=6614 මේෂ මිශ්‍ර ඵල සහිත වේ. තද සිත් ඇති වේ. අන් අයගේ උදව් උපකාර නොලැබේ. මුත්‍රා ආසාදනවලට හේතුවේ. සිත් තැවුල් ඇති වේ. හිත මිත්‍රාදීන්ගේ කටයුතුවලට සහය වේ. දේශාන්තර දෙයින් හෝ පිට පළාත්වලින් ආදායම් ලැබේ. අනියම් ප්‍රේම බන්ධනයක් හේතුවෙන් කරදර පැටලීමට ඉඩකඩ පවතී. කතාවෙහි දක්ෂ දිනෙන් දින වෙනස් බව පෙන්නුම් කරයි. වාද විවාද කර ජය ගනී. ආඩම්බර ගති ඇතිවේ. උරුම ලැබිමට හේතුය. ජු නිර්භීත සත්‍යවාදීව කටයුතු කරයි. ආගමික කටයුතුවලට ලැදි වේ. දෙමව්පියන්ට සහ සහෝදරයින්ට ලැදි වේ. සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා සුබ වර්ණ – රතු සහ නිල් සුබ අංක – 1, 2, 4, 5, 7, 9 සුබ මැණික් – රතු, කොරල්,

The post ජූලි මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා සතියේ ලග්න පලාපල මෙන්න appeared first on GetFun LK.

]]>
මේෂ

මිශ්‍ර ඵල සහිත වේ. තද සිත් ඇති වේ. අන් අයගේ උදව් උපකාර නොලැබේ. මුත්‍රා ආසාදනවලට හේතුවේ. සිත් තැවුල් ඇති වේ. හිත මිත්‍රාදීන්ගේ කටයුතුවලට සහය වේ. දේශාන්තර දෙයින් හෝ පිට පළාත්වලින් ආදායම් ලැබේ. අනියම් ප්‍රේම බන්ධනයක් හේතුවෙන් කරදර පැටලීමට ඉඩකඩ පවතී. කතාවෙහි දක්ෂ දිනෙන් දින වෙනස් බව පෙන්නුම් කරයි. වාද විවාද කර ජය ගනී. ආඩම්බර ගති ඇතිවේ. උරුම ලැබිමට හේතුය. ජු නිර්භීත සත්‍යවාදීව කටයුතු කරයි. ආගමික කටයුතුවලට ලැදි වේ. දෙමව්පියන්ට සහ සහෝදරයින්ට ලැදි වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ

මිශ්‍ර ඵල සහිත වේ හික්මීම සහ ප්‍රසිද්ධිය ලබාගනී. කතා බහුල වේ. චංචල ගති ඇති වේ. එක් අරමුණකින් කටයුතු කිරීමට නොහැකිවේ. ලෞකික සැප සම්පත් ලැබේ. වැඩිහිටියන්ට අකීකරු වේ. ස්ත්‍රී පක්ෂය කෙරෙහි සිත් නැඹුරු වේ. ගමන් බිමන් බහුල වේ. බෝවෙන රෝගවලට හේතුයි. යහපත් දේ ලැබෙයි. නින්දා අපහාසයන්ට හේතුවන අතර අනුන්ට දීම විනා ලැබිමක් නොමැත. සහෝදරයින්ට ශුභ නොවේ. දියුණුවට පැවැති බාධා මගහැරේ. ශරීර සැප ඇති වේ. උදාර ගුණ සහිත වේ. ත්‍යාගවන්ත වේ.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන

මිශ්‍රඵල සහිත වේ. කතා බහුලයි. වාද විවාදවලදී ගැටුම් ඇතිවිය හැකිය. සැප මානය අඩුකරයි. ඇස් රෝග සාදයි. ආහාර රුචිය අඩු කරයි. පැණි රස ආහාරයට ප්‍රිය වේ. හදිසි අනතුරුවලට හේතු වේ. ශල්‍යකර්මවලට බොහෝ ඉඩකඩ පවතී. නිතර ගමන් බිමන් යෙදේ. මුදල් යහමින් අතෙහි ගැවසේ. පණ්ඩිත ගුණ වර්ධනය වේ. විශ්වාසය රැකගනී. මුදල් වියදම් කිරීමට මාර්ග පෑදේ. පාදයේ ආබාධයක් ඇතිවීමට ඉඩ ඇත. හමේ රෝගවලට ඉඩකඩ ඇත. සතුරන් නසා ජය ගැනීමට හැකි වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය

මිශ්‍රඵල සහිත වේ. උදේ‍යා්ගයෙන් පිබිදුණු ගතියෙන් සතිය ආරම්භ කරයි. මොනම කටයුත්තකදීවත් පසුබට නොවේ. ‍පොදු කටයුතුවලදී කැපී පෙනෙයි. හදිසි රෝග සාදයි. විශේෂයෙන් පීනස් රෝග සාදයි. සූදු ක්‍රීඩාවට සිත් වේ. ආමාශයේ තෙත ගති රෝග සාදයි. විශේෂයෙන් පීනස් රෝග සාදයි. සුදු ක්‍රීඩාවට සිත් වේ. ආමාශයේ තෙත ගති රෝග සාදයි. තම දේපළ නාස්ති වීමට ඉඩ ඇත. හවු‍ලේ කටයුතු කිරීම අසීරු වේ. නිවුණු ගති ඇතිවේ. වැඩි කරදර නොමැතිව අඩුපාඩුකම් මගහැරි එක්තරා තත්ත්වයකට ජීවත් වේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය

ශුභ ඵල ගෙන දේ. දේශ දේශාන්තර ගමන් සඳහා ශුභ වේ. ඥාතීන්ට හිතවත් වේ.
නිශ්ඵල වියදම් වේ. අධික කාමාශා ඇති කරයි. උදරාබාධයන්ට හේතුවේ. සතුරන් අඩුවේ. ආහාර රුචිය වඩවයි. සිත පවිත්‍රවේ. නෑදෑයින්ට සලකයි. පහසුවෙන් රෝග බෝවේ. උණ රෝග සෑදීමට හේතුවේ. දැකීමට ප්‍රියවේ. කොන්ත්‍රාත් ආදී ව්‍යාපාර තුළින් ලාභ ලබයි. දූ කෙළියට සිත් යොමු වේ. ස්වකීය ශක්තියෙන් කටයුතු කර දියුණු වේ. පාප ක්‍රියාවන්ට සිත් ඇතිවේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය

ශුභ ඵල ගෙනදේ. සියලු අරිෂ්ඨ යෝග භංගවේ. සමාජයෙන් වැඩිහිටියන්ගෙන් ආධාර උපකාර ලැබේ. ආ ගිය තැන පිළිගනී. ලෞකික දියුණුවට යහපති. ඇවිදිලි අධික වේ. උත්පාදන ශක්තිය වැඩිකරයි. පී්‍රති සහගත දේට වියදම් කරයි. උසස් මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. කෙසේ හෝ ධනය උපයයි. රූප ශෝභාවට නිකරුණේ වියදම් කරයි. පපුවේ වාත රෝගවලට හේතුයි. ධර්මයට ප්‍රියවේ. යහපත් සිල් ඇත්තෙක් වේ. රහස් සංගම්වලට සිත්වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය

මිශ්‍ර ඵල සහිතවේ. සියලු කාර්යයන්හි ශූර වේ. එකක් වරදින විට තව එකක් පටන් ගනී. ධර්මයට සිත් ඇතිවේ. ගෘහ ජීවිතය යහපත් වේ. ස්වකීය ධෙර්යයයෙන් කටයුතු කර දියුණු වේ. ඉතා ත්‍යාගවන්ත වේ. එහෙත් තද ලෝභියෙකි. කොපමණ ධනය තිබුණත් අනුන් තලා පෙළා ධනය රැස් කිරීමට ආශා කරයි. පතිවෘත්තාව රක්ෂා කරයි. දත් රෝග සෑදීමට බොහෝ ඉඩ ඇත. කථාවෙහි දක්ෂ වේ. සාමාන්‍ය ජීවිතයක් ගත කරයි. ලෞකික සාමෙ හේතුවේ. නිතර මුදල් අත ගැවසෙයි. උගුරේ සෙම්ගෙඩි හෝ ගලපටල රෝගයන්ට හේතුවේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය

මිශ්‍ර ඵල සහිත වේ. බොහෝ දුරදිග බලා කටයුතු කරයි. වැඩි ප්‍රවේශම් ගතියක් තිබේ. ගතිගුණ චංචල වේ. විපත්තියේදී ඉතා ඉවසිලිවන්තවේ. පලතුරු කෑමට ආශා කරයි. උසස් අය ඇසුරට ලැබේ. දක්ෂ වේ. සතුරන් පරාජය වේ. පියාට භක්තිවන්ත වේ. වැඩිහිටියන්ට සලකයි. දුක් කරදර ගමන්වලට හේතුයි. මුදල් වියදම් අධිකවේ. ඉතිරි කිරීමට නොහැකි තත්ත්වයක් උදාවේ. ආගමික භක්තිය හීනවේ. තමන්ගේ යහපත උදෙසාම කටයුතු කරයි. එඩිතර ගති ඇතිවේ. මානය ඇතිවේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය

මිශ්‍ර ඵල සහිතවේ. සූර අයකුවේ. පවුලට හිතවත්වේ. ධර්මයට ප්‍රියවේ. අන් අයගේ කටයුතුවලට උදව් කරයි. ස්වකීය ධෛර්යයෙන් කටයුතු කර දියුණු වේ. වික්‍රමවන්ත වේ. තම උත්සාහයෙන් ධනය රැස්කර සැප විඳී. උදරයේ රෝග සහිතවේ. එක්තරා පිළිවෙළකට චාම් දිවියක් ගත කරයි. සතුරන් හීනවේ. සර්ප දෂ්ඨනයකට හේතුවේ. ජලයෙන් ප්‍රවේශම් වන්න. ආගමික භක්තිය හීනවේ. මුදල් වියදම් කිරීමේදී ගණන් හිලව් නොබලයි. කරන වෘත්තියෙන් ලාභ ලැබේ. පියාට ගුණදේ

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය

මිශ්‍ර ඵල සහිතවේ. බලය වර්ධනය වේ. බාහිර සැප කොතෙක් වින්දත් සිත් සැප හිනවේ. අනුන්ට සංග්‍රහ කිරීමට ආශාවෙන් ඉදිරිපත්වේ. දීම මිස කතා අඩුවේ. භාර්යාවට අපල වේ. වණ රෝග හෝ කුෂ්ඨ රෝග හටගනී. ස්වකීය කටයුතු කරගත නොහැකිවේ. සිත් තැවුල් ඇතිවේ. කරන කියන දේවල් සඵල අඩුවේ. දරුවන්ගෙන් සැප නැත. අර්ශස් හෝ මුත්‍ර රෝග නැතහොත් ලිංග රෝග සාදයි. මිතුරන් අධිකවේ. ඒ මිත්‍රයෝ සියල්ලෝම ස්ථිර නොවේ. තම ලෞකික දැනුම පිණිස ධනය රැස් කරයි. හවුල් කටයුතුවලින් වාසි නොලැබේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය

මිශ්‍ර ඵල සහිතවේ. තම ඥාතීන්ට උදව් උපකාර කරයි. ශරීර සැප වර්ධනය වේ. අනුන්ගේ දේපළක් හිමිවීමට හේතුයි. සැපයෙන් සිත සතුටු නොවේ. අන් අයට සංග්‍රහ කිරීමට ධනය වැය කරයි. දරුවන්ගෙන් සතුටුවීමට නොහැක. තමන්ගේ ජීවත් වීමට අනුන්ට කරදර නොකරයි. නිතර දුකින් කාලය ගත කරයි. ජලයෙන් ප්‍රවේශම් වන්න. අනතුරු විය හැකියි. ස්වකීය දේ ඉටුකර ගැනීමට නොහැකිව තැවෙන කාලයකි. ඇවිදීම් බහුලවේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය

මිශ්‍ර පළ සහිතවේ. මනා හික්මීමක් ඇතිවේ. මුදල් යහමින් ලැබේ. සීලවන්ත වැඩිහිටියන්ට පූජක පක්ෂයට ගරු කරයි. දරුවන්ට ශුභ වේ. මැදිහත් සිතින් කටයුතු කරයි. මානය රැකගනී. යහගුණයෙන් උසස් වේ. සර්ප දෂ්ඨනයකට හේතුවේ. පිනට දහමට ආශාවේ. කරන ක්‍රියා බොහෝ අවස්ථාවල සඵල නොවේ. ජීවත්වීමට හැකි ආදායමක් ලැබේ. විදේශ සංචාරය සඳහා සුදුසු වේ. මිතුරන් අඩුවේ. නැටුම් ගැයුම් ඉගෙනීමට ආශා කරයි. ආහාර තෝරා ගැනීමේදී ප්‍රවේශම් වන්න. උදරාබාධවලට හේතුවිය හැකිය.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

The post ජූලි මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා සතියේ ලග්න පලාපල මෙන්න appeared first on GetFun LK.

]]>
6614
ශරීරයට වින කරන ඌරු මස් අනුභවය පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු මෙන්න http://getfun.lk/why-you-should-avoid-pork/ Fri, 20 Jul 2018 11:37:23 +0000 http://getfun.lk/?p=6604 ඌරන් යනු මල, මුත්‍රා, කුණු කසළ සහ පිළුණු වූ ආහාර වැනි පිළිකුල් සහගත දෑ සැමවිටම ආහාරයට ගන්නා මල, මුත්‍රා සහ වමනය ආදියෙහි වැතිර වාසය කරනා සත්ව කොට්ඨාශයක්. ඌරන් විසින් ආහාරයට ගනු ලබන පිළිකුල් සහගත දෑ තුල අඩංගු වන විෂ සහිත සංඝටක සියල්ලම ඌරාගේ ශරීරයෙන් ඉවත්ව නොයන අතර මෙම විෂ සහිත සංඝටක ඌරාගේ මේද සෛල තුල සහ අවයව තුල තැම්පත් වනවා. “Yersinia enterocolitica” යනු සතුන්ගේ ශරීර තුලින් සොයාගැනීමට හැකි වන උපද්‍රව සහිත ක්‍ෂුද්‍රජීවි විශේෂයක්. මෙම ක්‍ෂුද්‍රජීව වර්ගය ආසාදනය වීමෙන් පසුව උණ, මාංශ පෙශී පෙරලීම, පාචනය සහ වමනය වැනි විවිධ රෝග ඇති වනවා. ඌරන්ගේ ශරීර තුලින් හමුවන තවත් ප්‍රභල අපවිත්‍රකාරක ද්‍රව්‍යක් වන

The post ශරීරයට වින කරන ඌරු මස් අනුභවය පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු මෙන්න appeared first on GetFun LK.

]]>
ඌරන් යනු මල, මුත්‍රා, කුණු කසළ සහ පිළුණු වූ ආහාර වැනි පිළිකුල් සහගත දෑ සැමවිටම ආහාරයට ගන්නා මල, මුත්‍රා සහ වමනය ආදියෙහි වැතිර වාසය කරනා සත්ව කොට්ඨාශයක්. ඌරන් විසින් ආහාරයට ගනු ලබන පිළිකුල් සහගත දෑ තුල අඩංගු වන විෂ සහිත සංඝටක සියල්ලම ඌරාගේ ශරීරයෙන් ඉවත්ව නොයන අතර මෙම විෂ සහිත සංඝටක ඌරාගේ මේද සෛල තුල සහ අවයව තුල තැම්පත් වනවා.

“Yersinia enterocolitica” යනු සතුන්ගේ ශරීර තුලින් සොයාගැනීමට හැකි වන උපද්‍රව සහිත ක්‍ෂුද්‍රජීවි විශේෂයක්. මෙම ක්‍ෂුද්‍රජීව වර්ගය ආසාදනය වීමෙන් පසුව උණ, මාංශ පෙශී පෙරලීම, පාචනය සහ වමනය වැනි විවිධ රෝග ඇති වනවා. ඌරන්ගේ ශරීර තුලින් හමුවන තවත් ප්‍රභල අපවිත්‍රකාරක ද්‍රව්‍යක් වන “Ractopamine” ශරීර ගත වීම මගින් මරණය සිදුවීමට පවා ඉඩ තිබෙනවා.

ඌරු බඩවැල් වාසභූමියක් කරගෙන ජීවත් වන “Taenia solium” වැනි භායනක පරපෝෂිතයා විසින් ශරීරයේ පටක අපවිත්‍ර කිරීම, පටක තුල අතිරික්ත ජලය එකතු වන “edema” රෝගය, ශරීරය තෙහෙට්ටුවට පත් කර අසනීප කරන “malaise” රෝගය, මාංශ පේශී වල වේදනාව ඇති කරන “myalgia” රෝගය, සහ ආහාර අරුචිව වැනි තත්වයන් ඇති කරනවා.

ඌරු මස් ආහාරයට ගැනීමෙන් ඇති වන මෙවන් රෝග වලින් ආරක්‍ෂාව සලසා ගැනීමට නම් ඌරාගේ බඩවැල් තුල සිටිනා මෙවන් පරපෝෂිතයින් විනාශ කර දැමිය යුතු වනවා. අමුවෙන් ආහාරයට ගත හැකි ආහාර වර්ග සමග ඌරු මස් එකට එක්කර ආහාරයට ගැනීමෙන් වැළකීම සහ අධික උෂ්ණත්වයක් යටතේ ඌරු මස් පිස ගැනීම මගින් මෙය සිදු කර ගන්නට පුළුවන්. එමෙන්ම, ඔබ අමු ඌරු මස් ස්පර්ශ කළ පසු සෑම විටම දෑත් හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.

ඉහත සඳහන් කරන ලද ආකාරයට ඌරු මස් පිස ගත්තත් ගොවිපොළවල් තුල ඌරන් ඇති කරන ආකාරය, ඌරන්ට ලබා දෙන ආහාර අනුව සහ මස් නිෂ්පාදනය කරනු ලබන ආකාරය අනුව ඇතැම් අවස්ථා වල මෙම අහිතකර සංඝටකයන් ඌරු මස් පිසීමෙන් අනතුරුවත් පිසින ලද ඌරුමස් තුල අන්තර්ගත වීමට ඉඩ ඇති නිසා ඌරුමස් ආහාරයට ගැනීම අවම කිරීමයි සෞඛ්‍යයට වඩාත් හිතකර වන්නේ.

The post ශරීරයට වින කරන ඌරු මස් අනුභවය පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු මෙන්න appeared first on GetFun LK.

]]>
6604
අද ලග්න දෙකකට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද? http://getfun.lk/daily-astrology-forecast-20th-july-2018/ Fri, 20 Jul 2018 03:15:15 +0000 http://getfun.lk/?p=6601 මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි. ඔබගේ සහකාරියට හෝ සහකරුට සුබ දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 07 වෘෂභ ලග්නය කායික ශක්තිය වැඩිවන දවසක්. සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 07 මිථුන ලග්නය දුදරුවන්ගේ වැඩකටයුතු සාර්ථක වෙන දවසක්. අද දවස බොහෝ සාමාන්‍ය ලෙස සතුටින් ගතකල හැකි දවසක්. අධ්‍යාපන කටයුතු

The post අද ලග්න දෙකකට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද? appeared first on GetFun LK.

]]>
මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි. ඔබගේ සහකාරියට හෝ සහකරුට සුබ දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය, ජය අංකය: 07

වෘෂභ ලග්නය

කායික ශක්තිය වැඩිවන දවසක්. සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 07

මිථුන ලග්නය

දුදරුවන්ගේ වැඩකටයුතු සාර්ථක වෙන දවසක්. අද දවස බොහෝ සාමාන්‍ය ලෙස සතුටින් ගතකල හැකි දවසක්. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් ඔබට අද අවස්ථාව හිමිවනවා ඒ වගේම තමයි ඔබ උගත් දෙයින් ඔබ සිතනවාටත් වඩා සාර්ථක ප්‍රතිපල ලබාගත හැකි දවසක් ලෙසත් අද දවස හඳුන්වන්න පුළුවන් ආගමනුකුලව දවස අරඹ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 03

කටක ලග්නය

ගේදොර ඉඩකඩම් වැඩකටයුතු වලට සුබ දවසක්. ඒවගේම තමයි ගේදොර අලුත් වැඩිය කටයුතු වලටත් සුබ දවසක්. සමාජ පිළිගැනීම් නොමදව ලැබෙන දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 07

සිංහ ලග්නය

කොන්ද, තුනටිය, මුත්‍රාශය ආශ්‍රිත විටින් විට සුළු සුළු රෝගකාරී තත්ත්වයන් ඇතිවිය හැකි දවසක් ඒවගේම හිතේ ශක්තියෙන් වැඩ කටයුතු කළහැකි දවසක් ලෙස අද දවස පෙන්නුම් කරනවා ඒ වගේම තමයි අගමනුකුලව දවස අරඹ කරන්න දවසම සුබයි.
ජය වර්ණය: ලා කහ පැහැය, ජය අංකය: 09

කන්‍යා ලග්නය

කතාවෙන් බහෙන් ඔබ අද දවස අන් අයව වසඟයට ගන්න දවසක් ඒවගේම සමාජ සේවා කටයුතුවලා ඔබට සුබ දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන් ඒ වගේම ඔබ අත ගහන ගහන වැඩ සාර්ථක වෙන දවසක් අද දවස ඔබ රැකියාවේ වෙනසක් ඒවගේම උසස් වීමක් බලාපොරොත්තු උනානම් එකට හොඳම දවස තමයි අද දවස ආගමනුකුලව දවස ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය, ජය අංකය: 05

තුලා ලග්නය

අද දවස ඔබට සුබ දවසක්. කියන කරන දේවල් වලින් අද දවස ඔබට ඉතාම සාර්ථකයි ඒවගේම තමයි එම දේවල් නිසා අන් අය ඔබව බොහෝ ලෙස පිළිගන්න දවසක්. එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 03

වෘශ්චික ලග්නය

වචන සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන්න. සුළු සුළු ගැටළු කාරී තත්වයන් ඇති උවද ඒවා මැඩ පැවැත්විය හැකි දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන්. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 07

ධනු ලග්නය

රැකි රක්ෂා කටයුතු වලින් ඔබට සුබ දවසක්. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. අන් අයගේ වචනයටද ඇහුන්කම් දිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 02

මකර ලග්නය

ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දවසක්. පස්සට දාපු වැඩ ආරම්භ කරන්න අන් අයගේ උපකාර ලබන්න හොඳ දවසක් . ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම ඔබට වඩාත් යහපත්.
ජය වර්ණය: කහ පැහැය, ජය අංකය: 07

කුම්භ ලග්නය

දවස සුබ දවසක්. පෙර පින ස්මතුවන දවසක්. වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 07

මීන ලග්නය

අතගහන වැඩ සාර්ථක වෙන දවසක් අධ්‍යාපන කටයුතුවලදී වෙනදවට වඩා විමසිලිවන්ත විය යුතුයි. ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: රතු පැහැය, ජය අංකය: 09

The post අද ලග්න දෙකකට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද? appeared first on GetFun LK.

]]>
6601
ක්‍රෝඒෂියා සුරූපී ජනපතිනියගේ ඔබ නොදත් පැටිකිරිය මෙන්න http://getfun.lk/interesting-things-about-croatian-president-kolinda-grabar/ Wed, 18 Jul 2018 11:35:39 +0000 http://getfun.lk/?p=6592 මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ Croatia ජනාධිපතිය Kolinda Grabar ගැනයි. ලෝක පාපන්දු ශුරතාවයත් සමගම ඇයගේ රූපය හා ඇයගේ තොරතුරු පිලිබදව බොහෝ දෙනෙක් හොයන්නට පටන් ගත්තා. Kolinda Grabar කියන්නේ Rijeka කියන නගරයේ උපත ලැබූ කෙනෙක්. වර්ෂ 1968 අප්‍රේල් මස 29 වැනි දින උපත ලබන ඇය ඉගෙනීමට ඉතාමත් දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසාම ඇය ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ සාහිත්‍ය පිළිබදව උපාධියක් ලබනවා. එතැනින් නතර නොවුණු ඇය ජාත්‍යන්තර සබඳතා පිළිබද පශ්චාත් උපාධියකුත් හදාරන්නේ දේශපාලන ජිවිතයට ඉන් පන්නරයක් ලැබීමටයි. ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වගේම හාවඩ් හා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලවලින් උපාධිය ගත්ත ඇය ජාත්‍යන්තර සබදතා පිළිබද පශ්චාත් උපාධිය සම්පුර්ණ කරන විට

The post ක්‍රෝඒෂියා සුරූපී ජනපතිනියගේ ඔබ නොදත් පැටිකිරිය මෙන්න appeared first on GetFun LK.

]]>
මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ Croatia ජනාධිපතිය Kolinda Grabar ගැනයි. ලෝක පාපන්දු ශුරතාවයත් සමගම ඇයගේ රූපය හා ඇයගේ තොරතුරු පිලිබදව බොහෝ දෙනෙක් හොයන්නට පටන් ගත්තා.

Kolinda Grabar කියන්නේ Rijeka කියන නගරයේ උපත ලැබූ කෙනෙක්. වර්ෂ 1968 අප්‍රේල් මස 29 වැනි දින උපත ලබන ඇය ඉගෙනීමට ඉතාමත් දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා.

ඒ නිසාම ඇය ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ සාහිත්‍ය පිළිබදව උපාධියක් ලබනවා. එතැනින් නතර නොවුණු ඇය ජාත්‍යන්තර සබඳතා පිළිබද පශ්චාත් උපාධියකුත් හදාරන්නේ දේශපාලන ජිවිතයට ඉන් පන්නරයක් ලැබීමටයි. ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වගේම හාවඩ් හා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලවලින් උපාධිය ගත්ත ඇය ජාත්‍යන්තර සබදතා පිළිබද පශ්චාත් උපාධිය සම්පුර්ණ කරන විට ඇයගේ වයස අවුරුදු 46යි. රූපය නිසා බොහෝ දෙනාගේ ආකර්ෂණයත් හිමි වුණා. ඇයගේ මව ඉතාමත් රූමත් කාන්තාවක් ඇය පවසන විදිහට ඒ පිහිටීම තමාටත් තිබෙන බවයි ඇය කියන්නේ. ඇය ලබා තිබු ඉහල අධ්‍යාපනය සහ දේශපාලන අත්දැකීම් නිසා ඇය 2007 සිට 2011 දක්වා ඇමෙරිකාවේ ක්‍රෝඒෂියා තානාපතිවරිය ලෙස පත් කරනවා.

ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික NATO සහකාර මහා ලේකම් බවට පත් වන්නේ එම තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව හැටියටයි. කොහොම නමුත් ඇයට ලැබුණු සියලු තනතුරු ඇය සාර්ථකව කරගෙන යන්නේ කාගේත් ආකර්ශනීය චටිතයක් වෙමින්. NATO කවය තුල සිටින කාලයේ ඇය ඇෆ්ගනිස්ථානයේ කිහිපවතාවක්ම සංචාරය කර තිබෙනවා. NATO කවය තුලදී ඇයව හදුන්වා ඇත්තේ SWAMBO නමිනුයි. ඇයගේ කාරුණික හා නිහතමානිකමට ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක්ම ප්‍රසංසා කර තිබෙන බවත් කියනවා. කොහොම නමුත් ඇය භාෂා කිහිපයක්ම කතා කිරීමට හැකියාවක් තිබෙන ජානාධිපතිනියක්. අරාබි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ඩෙන්මාර්ක් යන භාෂා කතා කරන ඇය ජර්මන්, ප්‍රංශ, ඉතාලි හා රුසියා වැනි භාෂාවෙන් කතා කිරීමත් ඉතා දක්ෂයි. විවිධ භාෂා කතා කිරීමේ හැකියාව නිසාම රුසියාවේ මෙන්ම වෙනත් රටවල් කිහිපයක ජනාධ්පතිවරුන් සමග සුහදව කටයුතු කිරීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.

මේ සුහදතාවය හා දක්ෂතා හේතුවෙන් ඇය Croatian වේ ජනාධිපතිනිය ලෙස 2015 වර්ෂයේ පෙබරවාරි 19 වැනි දින එරට පාලනය කිරීමට සුදුසුකම් ලබන්නේ හිටපු ජනපති Ivo Josipović ව පරාජය කරමිනුයි. එතැන් පටන් ඇය බොහෝ සාමකාමී රටක් කිරීමට ඇය ජනතාව අතරට යනවා. ජනතාවගේ දුක සැප සොයා ජනතාවගේ නායිකාවක් වන්නට ඇයට හැකියාව ලැබෙනවා. වර්ෂ 1996 දී Jakov Kitarović සමග යුග ජීවිතය ආරම්භ කරන ඇයට විවාහ ජීවිතය සාර්ථකව ගත කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම විලාසිතාවන්ට ප්‍රිය කරන Kolinda තමන්ට ගැලපෙන විලාසිතා කිරීමටත් විවේකයක් ලද විට සුවසේ කාලය ගත කිරීමටත් අමතක නොකරන තැනැත්තියක්.

The post ක්‍රෝඒෂියා සුරූපී ජනපතිනියගේ ඔබ නොදත් පැටිකිරිය මෙන්න appeared first on GetFun LK.

]]>
6592
දන්න කෙනෙකුට ලිංගික හිරිහැර වුනොත් ගතයුතු ක්‍රියාමාර්ග ගැන ඔබ දැනුවත්ද..? http://getfun.lk/article-6585/ Wed, 18 Jul 2018 08:28:17 +0000 http://getfun.lk/?p=6585 අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය පදනම් කර ගෙන කිසිම කෙනෙක් වඩා උස් හෝ පහත් වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම තමන්ට ඇවැසි විදිහට ජීවත් වෙන්න නිදහස තිබෙනවා. ව්‍යවස්ථාවේ එහෙම සඳහන් වුනත් අද බොහෝ කාන්තාවන් කියන්නේ සමාජයේදී ඔවුන්ට පිරිමින්ගෙන් බෙහෙවින් ලිංගික හිරිහැර සිදු වෙන බවයි. යම් කාන්තාවකට ඔවුන් කියන අන්දමින් සාමාන්‍ය ජන සමාජයේ නිදහසේ හැසිරීමට අවසර නැත්නම් එය මානව හිමිකම් කඩවීමක්. ඒ විතරක් නොවෙයි, වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. ලිංගික හිරිහැර කියන්නේ මොනවාද..?

The post දන්න කෙනෙකුට ලිංගික හිරිහැර වුනොත් ගතයුතු ක්‍රියාමාර්ග ගැන ඔබ දැනුවත්ද..? appeared first on GetFun LK.

]]>
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය පදනම් කර ගෙන කිසිම කෙනෙක් වඩා උස් හෝ පහත් වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම තමන්ට ඇවැසි විදිහට ජීවත් වෙන්න නිදහස තිබෙනවා. ව්‍යවස්ථාවේ එහෙම සඳහන් වුනත් අද බොහෝ කාන්තාවන් කියන්නේ සමාජයේදී ඔවුන්ට පිරිමින්ගෙන් බෙහෙවින් ලිංගික හිරිහැර සිදු වෙන බවයි. යම් කාන්තාවකට ඔවුන් කියන අන්දමින් සාමාන්‍ය ජන සමාජයේ නිදහසේ හැසිරීමට අවසර නැත්නම් එය මානව හිමිකම් කඩවීමක්. ඒ විතරක් නොවෙයි, වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි.

ලිංගික හිරිහැර කියන්නේ මොනවාද..?

පහත සඳහන් සිදුවීම් ලිංගික හිරිහැර යන විෂය කෙෂත්‍රයේ තිබුනත් අපිවත් ඒ ගැන තවම හරියට දන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ එක් දවසක හෝ මේ අන්දමේ හිරිහැරවලට ඔබ වගේම ඔබේ දියණිය, සහෝදරිය සමහර විට මව වුනත් මුහුණ දී ඇති.

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව කිසිම පුරවැසියෙක් වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය.

  • පුරුෂයන් අනවශ්‍ය ලෙස සිය සිරුරට බරවීම වීම
  • ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම
  • කකුල පෑගීම
  • අතින් ඇල්ලීම
  • අනවශ්‍ය ලෙස සිරුරු දෙස බලා සිටීම
  • අසභ්‍ය වදන් පැවසීම
  • දුරකථන අංකය ඉල්ලා කරදර කිරීම
  • ජංගම දුරකථනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම

ඉහත සිදුවීම් ඉතාම සාමාන්‍යයි. ඉහත දැක්වෙන හැසිරීම් වගේම ලිංගික ස්වරූපයේ පහරදීම්, සාපරාධී බලය යෙදවීම්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිංසනයට ලක් කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස 12 (2) වගන්තියේ සඳහන් වේ.

පොදු ප්‍රවාහනයේ නම් යන්නම බැහැ…

මුලින් සඳහන් කළ අන්දමේ හිරිහැරවලට අපේ රටේ කාන්තාවන්ගෙන් 90% ක්ම ගොදුරු වෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. එයිනුත් වැඩිමනත් පිරිස රැකියාවන්හි නිතර වෙන සහ අධ්‍යාපනය ලබන කාන්තාවන් බවත් මේ වාර්තාව දක්වා තිබුණා. අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, ඔවුන්ගෙන් 34%ක් රැකියාවල නිරත වෙනවා. කාන්තාවන් අතුරෙන් 50% ක් රැකියා සඳහා යන විටත්, 28% ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20% ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතර වාරයේදීත් පොදු ප්‍රවාහන සේවා වලදී ලිංගික හිංසනයට ලක් වෙනවා.ඒ වගේම 82% ක් තමන් සමග යන එන කාන්තාවන් ලිංගික හිංසනයන්ට පත් වෙන අන්දම දැක තිබෙනවා.

ඇත්තටම රැකියාවන්හි නිරත සහ අධ්‍යාපනය ලබන පිරිස් ගමන් ගන්නේ එකම වේලාවක. මේ කාලයේ මාර්ග තදබදය වගේම වාහනයේ සෙනගත් වැඩියි. ඒ නිසා මේ ලිංගික හිරිහැර සාමාන්‍ය දෙයක් කියන තරමටම ඔවුන් පත් කරනවා. තමන්ගේ අපහසුතාවයට යමක් කිව්වොත් ඔවුන් කියන්නේ එහෙම නම් වාහනයක් ගන්න… වගේ අපහාසාත්මක චෝදනාවන්. පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව මේ විදිහට හිරිහැර විඳින කාන්තාවන්ගෙන් පිහිටක් ඉල්ලා සිටින්නේ 4 % ක් තරම් සුළු පිරිසක්.

සමීක්ෂණ වාර්තාවේ කරුණු මෙහෙමයි…

මෙම සමීක්ෂණය සඳහා සෑම පළාතක්ම නි‍යෝජනය වන පරිදි වයස අවුරුදු 15 – 35 අතර කාන්තාවන් 2500ක් සම්බන්ධ කර ගත්තා. මේ අයගෙන් 90% ක්ම බස් රථ හෝ දුම්රියේ විවිධ අන්දමින් ලිංගික හිංසනයට පත් වී සිටියා. ඒ අතර. හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පැවසුවේ තමන්ගේ සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් යොමු වෙන බවයි. ඉන් 52%ක් පැවසුවේ විවිධ පුද්ගලයන් ලිංගික අවයවය තම සිරුරේ ස්පර්ශ කළ බවයි. අසෝබන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා සිරුර ස්පර්ශ වන සේ හැසිරෙන බව කාන්තාවන් 52.25% සඳහන් කළා.

ඉවසාගෙන සිටිනවා මිස මොනවා කරන්නද..?

ගැහැණු වුනොත් ඉතින් ඉවසීම පුරුදු කරන්න එපායැ. අම්මා කෙනෙක් වුනත් තමන්ගේ දියණියට අවවාද දෙන්නේ ඒ විදිහටයි. බස් එකක එන කෙටි දුරක වෙන මේ සිදුවීම ගැන කෑ කෝ ගහන්න බොහොම දෙනෙක් ලැජ්ජයි. තවත් අයගේ බයක් තිබෙනවා. හදිසියේවත් මේ සිද්ධිය නිසා ඇති වෙන කලබගෑනියකදී අතවර කරන්න පැමිණි අයට හිරිහැරයක් වුනොත් තමන්ගෙන් පලිගනීවි කියලා. හැබැයි අද නම් බස්රථ ඇතුලත මොන හිරිහැර වුනත් කිසිම කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් කතා කරන්නේ නැහැ. මේ නිසාම පොදු ප්‍රවාහන සේවාවන්හි සිදු වෙන ලිංගික හිරිහැර දවසින් දවස ඉහල නැගීමක් සිදු වෙනවා.

අම්මලා දියණිවරුන්ට මේ විදිහටත් අවවාද දෙනවා…

බස් රථයක වාඩි වෙනවා නම් කාන්තාවක් අසලින්ම වාඩි වෙන්න කියන අවවාදය ලබා දෙනවා. ඇතැම් දියණිවරුන් සෘජුවම ඒ ප්‍රශ්නය අහනවා. අම්මේ..ඔයා බහින්නේ කොහේද…? මෙතැන කවුරුත් ඉන්නවාද…? මේ රටාවත් නුවණට හුරුයි. සමහර අවස්ථාවලදී අපිට පෙරාතුව අපි ආරක්ෂාවට තබා ගෙන සිටි කාන්තාව බැස්සොත් එතැනට එන ආදේශකයා කොහොම වෙයිද දන්නේ නැහැ. එහෙම වුනොත් ඉතිරි ගමන්මග පුදුම පීඩනයකින් ගෙවන්න වෙනවා.

පැමිණිලි කරන්න පුළුවන්…

හැම දෙයක්ම දරා ගෙන හිටියත් මේ විදිහට ලිංගික හිංසනයන්ට පත් වෙනවා නම් පොලිසියේ සහය පතන්න කාන්තාවන්ට පුලුවන් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටිනවා. ඒ වුනත් 74 % ක්ම තමන්ට ලිංගික හිංසනයක් වුනොත් දැණුම් දෙන්නේ කාටද යන බවවත් දන්නේ නැහැ. අනවශ්‍ය විදිහට පැමිණිලි වෙනුවෙන් යොමු නොවුනත් අත්‍යවශ්‍ය අවස්ථාවකදී ඒ බව 119 හෝ 1938 යන අංක අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දැනුම් දෙනවා. එහෙම දැනුම් දෙන විට පොලීසියට දැනුම් දෙන විට බස් රථයේ අංකය සහ මාර්ග අංකය ද සඳහන් කිරීම වැදගත්. එවිට ගමන් ගන්නා මාර්ගයේ පිහිටා ඇති පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් ඒ වෙනුවෙන් සහයෝගයට ඉදිරිපත් වෙනවා.

සමාජ සත්කාරයක් සේ සලකා මෙම ලිපිය ෂෙයාර් කර මේ ගැන හැමෝටම කියන්න. එය ඔබේ වගකීමක්.

The post දන්න කෙනෙකුට ලිංගික හිරිහැර වුනොත් ගතයුතු ක්‍රියාමාර්ග ගැන ඔබ දැනුවත්ද..? appeared first on GetFun LK.

]]>
6585
මේෂ, තුලා ලග්න හිමියන්ට එළිපිට සතුරු කරදර. ඔබේ ලග්නයට කොහොමද? http://getfun.lk/daily-astrology-forecast-18th-july-2018/ Wed, 18 Jul 2018 03:15:42 +0000 http://getfun.lk/?p=6582 මේෂ ලග්නය එළිපිට සතුරු කරදර ගෙනදීමේ හැකියාව ඇති දිනයකි.කෙසේ වුවත් ඔබගේ කර්ම ශක්තියෙන් ඒ සතුරු කරදර වලක්වා ගැනිමේ හැකියාව ද ඔබ සතුව ඇතිදිනයකි. ඒ නිසා දවස අවසානයේ සිතේ සතුට වර්ධනය වේ. යාළු , හිත මිතුරන් සමඟ පවා සතුට බෙදාහදා ගැනීමේ හැකියාව පවතී. සුළු වශයෙන් හෘදයේ පීඩාකාරීතත්ත්වයන් ඇති වීමේ හැකියාවක් පවතී. ජය වර්ණය – ලා දම් පැහැය, ජය අංකය – 07 වෘෂභ ලග්නය කලාකාමී කටයුතු සාර්ථක වන හා අධ්‍යාපන කටයුතු දියුණුවන දිනයකි. තම දරුවන් වෙනුවෙන් කාලය වෙන්කිරීමට සිදුවේවි. එවැනි කටයුතු ඇසීමෙන්, දැකීමෙන් සතුටට පත්වෙන දිනයකි. කෙසේ වෙතත් කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව මෙන්ම සතුරු බාධාකාරී තත්ත්ව ද ඇතිවන දිනයකි. ගමන්බිමන්

The post මේෂ, තුලා ලග්න හිමියන්ට එළිපිට සතුරු කරදර. ඔබේ ලග්නයට කොහොමද? appeared first on GetFun LK.

]]>
මේෂ ලග්නය

එළිපිට සතුරු කරදර ගෙනදීමේ හැකියාව ඇති දිනයකි.කෙසේ වුවත් ඔබගේ කර්ම ශක්තියෙන් ඒ සතුරු කරදර වලක්වා ගැනිමේ හැකියාව ද ඔබ සතුව ඇතිදිනයකි. ඒ නිසා දවස අවසානයේ සිතේ සතුට වර්ධනය වේ. යාළු , හිත මිතුරන් සමඟ පවා සතුට බෙදාහදා ගැනීමේ හැකියාව පවතී. සුළු වශයෙන් හෘදයේ පීඩාකාරීතත්ත්වයන් ඇති වීමේ හැකියාවක් පවතී.

ජය වර්ණය – ලා දම් පැහැය, ජය අංකය – 07

වෘෂභ ලග්නය

කලාකාමී කටයුතු සාර්ථක වන හා අධ්‍යාපන කටයුතු දියුණුවන දිනයකි. තම දරුවන් වෙනුවෙන් කාලය වෙන්කිරීමට සිදුවේවි. එවැනි කටයුතු ඇසීමෙන්, දැකීමෙන් සතුටට පත්වෙන දිනයකි. කෙසේ වෙතත් කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව මෙන්ම සතුරු බාධාකාරී තත්ත්ව ද ඇතිවන දිනයකි. ගමන්බිමන් යාමේදී වෙනදාට වඩා ආරක්ෂාකාරී වියයුතුයි. ව්‍යාපාර කටයුතු වලට සුභදායී දවසකි. නමුත් ඉවසීම නොමැති වීමෙන් ඔබට ලැබෙන වාසිදායී තත්ත්වමගහැරීමේ හැකියාවක්ද පවතින නිසා තරමක් ආරක්ෂකාරී විය යුතු දිනයකි.

ජය වර්ණය – ලා කොළ පැහැය, ජය අංකය – 09

මිථුන ලග්නය

ගෙදර දොර වැඩ කටයුතු වලට වැඩිපුර කාලය ගත කිරිමට උත්සාහ කරන දිනයකි. මව් පස ඥාතීන් පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන දිනයකි. අන් අයගේ රෝගීතත්ත්වයන් වෙනුවෙන් කැපවී ඔවුන්ට සාත්තු සප්පායම් කිරීමට සිදුවේ.විවාහ ජීවිතය තුල බාධකාරී තත්ත්වයන් පවතියේ නම් ඒ සියලුම දේවල් මැදිහත් සිතින්දරාගෙන වැඩකරන දවසක්.සෙම් සහිත රෝග ඔබට දවසේ වැඩකටයුතු වලට යම් දුරකට බාධාවක් ගෙන ඒවි.

ජය වර්ණය – දීප්තිමත් කහ පැහැය, ජය අංකය – 03

කටක ලග්නය

සහෝදරයින් ඥාතින් ඔබගේ උපකාරය බලාපොරොත්තු වන දිනයකි. ඔබ කරන කටයුතු වලට අන් අයගේ සහය උපරිමයෙන්ම ලබාගත හැකිවේ. රැකී රක්ෂාකටයුතු දියුණුවට පත් වෙන මෙන්ම විවාහ කටයුතු සාර්ථකත්වයට පත්වේ. හවුලේ කරන කටයුතු සඳහා ඔබ කැපවීමෙන් යුතුව කටයුතු කරන දිනයකි. මේ නිසාඔබ සමාජයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වේ.

ජය වර්ණය – ලා කහ පැහැය, ජය අංකය – 07

සිංහ ලග්නය

වියදම් අධික දිනයකි. කොන්ද, තුනටිය මෙන්ම පාද හා ස්නායු ආශ්‍රිත රෝග ද ඇතිවීමේ අවධානමක් පවතී.අන් අයව විශ්වාස කර සිදු කරන කටයුතු වලින් බාධාඇතිවන දිනයක්. සිතේ පීඩා ඇතිවීමේ හැකියවක් පවතී. ආහාර ගැනීමේ රටාව වෙනස් වේ.අධ්‍යාපනික වැඩ වලට බාධා ඇතිවේ.සියුම් සතුරු පාර්ශවයන්නිර්මාණයවේ.

ජය වර්ණය – විසිතුරු පැහැය, ජය අංකය – 09

කන්‍යා ලග්නය

සිත සන්සුන්ව පවත්වා ගැනීම සඳහා ලොකු උත්සාහයක් දරණ දිනයකි. සිත නිතර වෙනස්වේ. කෙසේ වුවත් මේ පීඩාකාරී තත්ත්ව මගහැර සතුටින් දවස ගතකිරීමේ හැකියාව ඔබ සතුයි. දණහිස ආශ්‍රිත මෙන්ම පාද ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතී. තරමක් අවධානයෙන් යුතුව කටයුතු කලයුතු දවසකි.

ජය වර්ණය – දීප්තිමත් කොළ පැහැය, ජය අංකය – 07

තුලා ලග්නය

කායික හා මානසික පීඩාකාරී තත්ත්ව ඇතිවන දිනයකි. සාංකාවක්, දුකක් හෝ බාධාකාරී තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී. ජීවිතයට අළුත් බලාපොරොත්තුඇතිවන අතර එවා බලාපොරොත්තු වන තරමටම සෞම්‍යව පවත්වා ගැනීමට හැකියාවක් නොහැකිවේ. විරුද්ධවාදීන් සමඟ එළිපිට ගැටුම් ඇතිවීමේ හැකියාවක්පවතී.වචන හුවමාරු වලින් ගැටුම් දුරදිග යාමේ හැකියාවක් පවතින දිනයකි.ඔබගේ ඥාති හිතෛෂීන්ටත් යම් රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතිනවා. අධ්‍යාපන කටයුතු වලටද බාධාකා‍රී තත්ත්වයන් ගෙන දෙන දිනයකි. නම්‍යශීලීත්වය හා වේලාවට වැඩ නොකිරීම නිසා අනාගතයේ ගැටලුකාරී තත්ත්ව ඇතිවේ.

ජය වර්ණය – ලා නිල් පැහැය, ජය අංකය – 09

වෘශ්චික ලග්නය

ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් ලබා ගත හැකි දිනයකි. සංචාරක කටයුතු සහ කොමිස් මුදල් ලැබීමේ කටයුතු වලින් විශාල ලාභ ලැබීමේ හැකියාව පවතී. සමාජසේවා කටයුතු සඳහා ඉහළ දායකත්වයක් දක්වන දිනයකි. දුර බැහැර මිතුරන් ඔබ සොයා එන දිනයක්. ආහාර ගැනීම පිළිබඳව මෙන්ම වියදම් පිලිබඳව දසැලකිලිමත්ව කටයුතු කල යුතු දිනයකි.

ජය වර්ණය – ලා කහ පැහැය ජය අංකය – 07

ධනු ලග්නය

මානසික පීඩාවකට ලක්ව ඇති පුද්ගලයින් වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. වැඩිමහල් කෙනෙක්ගේ ආරක්ෂාව මත සිටීම වඩාත් වැදගත්වේ. උසස් නිළධාරීන්සමඟ කතා බහ කොට ඔබගේ අනාගත වැඩ කටයුතු ආරම්භ කල යුතු දිනයකි. එසේ නොමැති වීමෙන් ගැටලුකාරී තත්ත්ව වලට මුහුන දීමට සිදුවේ.

ජය වර්ණය – ලා කහ පැහැය, ජය අංකය – 09

මකර ලග්නය

හිතුවක්කාර හා මුරන්ඩු ගති ලක්ෂණ ඇතිවන දිනයකි.මේ නිසා ඔබේ ජයග්‍රහණ වලට බාධාකාරී තත්ත්වයන් ඇතිවේ. එම නිසා ඔබ අන් අය සමඟ නම්‍යශීලීවහා සුහදව වැඩ කටයුතු කිරීම යෝග්‍ය වේ. එමගිමන් ඔබට විශාල ලාභදායී තත්ත්ව නිර්මාණය කරගැනීමේ හැකියාව පවතී. එමගින් දවසේ කටයුතු සාර්ථකකරගත හැකිවේ.

ජය වර්ණය – ලා දම් පැහැය, ජය අංකය – 07

කුම්භ ලග්නය

අද ඔබ තරමක් ගුප්ත හැසිරීම් පෙන්වන දිනයකි. අන් අය සමඟ වැඩ කටයුතු කිරීමේදී හොර රහසේ වැඩ කටයුතු සිදු කිරීමට උත්සාහ කරයි. මව් පස ඥාතීන්පිලිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. සෞඛ්‍ය පීඩාකාරී තත්ත්ව ඇතිවන දිනයකි.අන් අයගේ වැඩ වලදී අතිශ්‍ය පරීක්ෂාකාරී විය යුතුයි. ආගම, කුලයවෙනස් අය සමඟ වැඩිපුර ඇසුරු කිරීමට සිදුවන අතර දුර බැහැර මිත්‍රයින් ඔබගේ ප්‍රශ්න වලට මැදිහත් වන දිනයකි. අළුත් බලාපොරොත්තු ඇතිවන හා ඒවාසාර්ථක කර ගැනීමේ හැකියාව ඇති දිනයකි.

ජය වර්ණය – ලා නිල් පැහැය, ජය අංකය – 08

මීන ලග්නය

හවුල් ව්‍යාපාර වැඩ කටයුතු සඳහා ඉතා යෝග්‍ය දිනයකි. ප්‍රේම සබඳතා ශක්තිමත් වේ. ඕනෑම පුද්ගලයෙකු සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව පවතී. දුරබැහැර මිත්‍රයින් ඔබ සොයාගෙන එන දිනයකි. ආගම දහම වෙනස් පරිසරයක කටයුතු කිරීමට සිදුවෙන අතර වෘත්තීයමය වගකීම් වැඩිවේ. වෘත්තීමය වශයෙන්සතුටු දායක දිනයකි.

ජය වර්ණය – රතු පැහැය, ජය අංකය – 09
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන – 0766765353

The post මේෂ, තුලා ලග්න හිමියන්ට එළිපිට සතුරු කරදර. ඔබේ ලග්නයට කොහොමද? appeared first on GetFun LK.

]]>
6582
ඔබටත් ලිංගික ආශාව වැඩියිද..? එහෙනම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න http://getfun.lk/article-6577/ Tue, 17 Jul 2018 10:13:23 +0000 http://getfun.lk/?p=6577 නව යොවුන් වියේදී බොහෝ දෙනාට ඇතිවන ආශාවන් වැඩි ය. මෙම ආශාවන් අතර ලිංගික ආශාවන් ද වැඩි බව පැහැදිලි කරුණකි. මේ නිසා යොවුන් ආදරයට පැටළෙන පිරිස වැඩි ය. එමෙන්ම මෙම ආශාවන් නිසා දැරියන් බොහෝ විට විවිධ ගැටළු වලට මුහුණ දෙති. එනිසා ම මේ ගැන දැනුවත් වීම ඉතාම වැදගත් ය. දැරියකගේ වයස අවුරුදු 15 යනු හෝමෝන ක‍්‍රියාකාරිත්වයේ වඩාත් අධිකව පිබිදීමක් සිදුවන කාලයයි. මේ කාලයේදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයේ ම ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වේ. එහෙත් මිනිස් හැගීම් තිබෙන අප එම වයසට පත් වූවා කියා එම හැඟීම් වලට ඉඩ දී ජීවත් වන්නේ නැත. එම හැඟීම් මනසින් පාලනය කර අවශ්‍ය විටක පමණක් සපුරා ගත යුතු

The post ඔබටත් ලිංගික ආශාව වැඩියිද..? එහෙනම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න appeared first on GetFun LK.

]]>
නව යොවුන් වියේදී බොහෝ දෙනාට ඇතිවන ආශාවන් වැඩි ය. මෙම ආශාවන් අතර ලිංගික ආශාවන් ද වැඩි බව පැහැදිලි කරුණකි. මේ නිසා යොවුන් ආදරයට පැටළෙන පිරිස වැඩි ය. එමෙන්ම මෙම ආශාවන් නිසා දැරියන් බොහෝ විට විවිධ ගැටළු වලට මුහුණ දෙති. එනිසා ම මේ ගැන දැනුවත් වීම ඉතාම වැදගත් ය.

දැරියකගේ වයස අවුරුදු 15 යනු හෝමෝන ක‍්‍රියාකාරිත්වයේ වඩාත් අධිකව පිබිදීමක් සිදුවන කාලයයි. මේ කාලයේදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයේ ම ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වේ. එහෙත් මිනිස් හැගීම් තිබෙන අප එම වයසට පත් වූවා කියා එම හැඟීම් වලට ඉඩ දී ජීවත් වන්නේ නැත. එම හැඟීම් මනසින් පාලනය කර අවශ්‍ය විටක පමණක් සපුරා ගත යුතු වේ. සාමාන්‍යයෙන් ලිංගිකත්වය පිළිබඳ හැඟීම් යටපත් කර ගෙන හිදීම මිනිස් ස්වභාවයයි. එහෙත් සමහරුන්ට ඉතා අඩු වයසෙන් පාලනය කර ගැනීමට අපහසු තරමට අනුරාගී හැගීම් ඇති වේ. එසේ වන්නේ අධික හෝමෝන ක‍්‍රියාකාරිත්වයක බලපෑම් නිසා ය. මෙසේ ඔබේ දුව හෝ පුතා අසාමාන්‍ය ලෙස තම හැඟීම් වලට ඉඩ දී සබඳතා වල පැටලෙන්නේ නම් ඊට දඬුවම් කිරීම නොව වෛද්‍ය උපදෙස් ගත යුතු ය. එවැනි දරුවෙකව අන්තරාසර්ඝ ග‍්‍රන්ථි විශේෂඥ වෛද්‍යවරයෙකුට (Endocrinologist) පෙන්වීම ඉතාම අවශ්‍ය ය.

අපගේ ලිංගික හෝමෝන ශ‍්‍රාවය වන්නේ පිටියුටරි ග‍්‍රන්ථිය ආශ‍්‍රිත ප‍්‍රදේශයෙනි. ඒ අනුව පිටියුටරි ග‍්‍රන්ථියේ පිළිකාවක් හෝ ගෙඩියක් හටගත්තොත් එම ග‍්‍රන්ථියෙන් වැඩිපුර හෝමෝන ශ‍්‍රාවය වේ. මේ නිසා ද එවැනි රෝගියෙකුට නොදැනුවත්වම අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන් ඇති වේ. එවිට රෝගියා නොදැනුවත්වම ඒ සම්බන්ධ හැසිරීම් පළ කරයි. එනිසා යොවුන් හෝ ඕනෑම වයසක කෙනෙකු අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන් ගෙන් පෙළේ නම් හෝමෝන පරීක්ෂණයක් කර බැලීම ඉතාම වැදගත් ය. එමගින් ඉහත සඳහන් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ දැයි හඳුනා ගත හැකි ය.

එහෙත් ඉහත පරීක්ෂණයකින් පසු කෙනෙකුට අධික ලිංගික ආශාවන්ට හේතුව රෝගී තත්ත්වයක් නොවේ නම් එම දැරිය හෝ දරුවා මානසික වෛද්‍යවරෙයකුට පෙන්වීම ඉතාම සුදුසු ය.

සාමාන්‍යයෙන් කාන්තාවකට අධික ලිංගික ආශාවන් හා හැසිරීම් ඇති වීමට හේතුව ‘නිම්ෆොමේනියා’ නම් රෝගයයි. පිරිමින්ට අධික ලිංගික ආශාවන් හා හැසිරීම් ඇතිවන්නේ ‘සැටරයිසිස්’ නම් රෝගී තත්ත්වය නිසා ය.

මෙම අධික ලිංගික ආශාවන් ඇතිවන මානසික රෝග ද තිබේ. ඒ මෙසේ ය.

මේනියා රෝගය මෙම රෝගය 1,2 වශයෙන් අංශ දෙකකින් සඳහන් කළ හැකි ය. එනම් විශාදය සහ මේනියා රෝගය ලෙසට ය. මේ හැර විශාදය සහ හයිපෝමේනියා තත්ත්වය ලෙසටත් හදුන්වයි.

අන්ත රෝග දෙකක් පැවතීම නිසා මෙම මානසික රෝගියා සමහර කාලවලට විශාදයෙන් පෙළේ. එනම් කාලයකට මේනියා ලක්ෂණ පෙන්වයි. නැතහොත් විශාදය සහ හයිපොමේනියා ලක්ෂණ පෙන්වයි.

විශාදය ලක්ෂණ පහළ වන කාලයට රෝගියා නිතර දුකෙන්, කේන්තියෙන්, නොසන්සුන් අයුරින් හැසිරෙයි. නැතහොත් දුක්මුසුව පැත්තකට වී සිටී. ඒ කාලයට ලිංගික ආශාවන් පිළිබඳ ආශාවන් නැත. හයිපොමේනියා තත්ත්වයේදී රෝගියාගෙන් දකින්නේ මීට විරුද්ධ පැත්ත ය. එනම් අධික සතුටෙන් හැසිරෙන ලිංගික හැසිරීම් ගැන දැඩි සේ උනන්දු වේ. එහෙත් ඒවා පාලනය කර ගැනීමටත් හැකියාව තිබේ.

හයිපොමේනියා තත්ත්වයට ගොදුරු වූ රෝගියෙකුට රෝහලක නතර කර ප‍්‍රතිකාර ගත යුතු නැත. ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි ය. මෙම රෝගී තත්ත්වය මේනියා තරමට ම වර්ධනය නොවු තත්ත්වයකි.

අද සමාජයේ ඕනෑ තරම් ඉහත සඳහන් මානසික රෝග වලින් පෙළෙන අය සිටිති. ඔවුනට ප‍්‍රතිකාර අවශ්‍ය නැත. එහෙත් ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි තරමට පහළ වුවහොත් පමණක් ඖෂධ ප‍්‍රතිකාර ගත යුතු වේ.

එහෙත් මේනියා තත්ත්වයෙන් පෙළෙන කාන්තාවකට හෝ පිරිමියෙකුට අධික ලිංගික ආශාවන් පහළ වේ. ඔවුන් ඒවා සපුරා ගැනීමට උත්සාහ ගනී. ඉන් විවිධ බරපතළ ගැටළු පවා ඇතිවන අවස්ථා ඇත. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට අධිකව ලිංගික ආශාවන් පහළ වුවත් එය අවස්ථානුකූලව පාලනය කර ගනි. මේනියා රෝගියාට එසේ හැඟීම් පාලනය කර ගැනීම අපහසු ය. ඔවුහු ඕනෑම කෙනෙකු ඉදිරියේ බියක් සැකක් නැතිව ලිංගික හැසිරීමක යෙදීමට සැරසෙති.

මෙම රෝග තත්ත්වය ඇති කාන්තාවකට වුවත් එවැනි හැසිරීමකට ලැජ්ජා බය නැතිව ඕනෑම තැනක ඇඳුම් ගැලවීමට පවා ඉදිරිපත් විය හැකි ය. එහෙත් මේ අය ගණිකා වෘත්තිකයන් නොවේ. කෙනෙකුට ලජ්ජා බය නැතිව සමාජය ඉදිරියේ සිය නිරුවත පෙන්වීමට හැකි නම් හෝ කායික සබඳතා සඳහා ඉදිරිපත් වේ නම් මොවුන් රෝගීන් ය. එනම් මේනියා රෝගයෙන් පෙළෙන බව කිව යුතු වේ. මෙසේ වන්නේ මේනියා රෝගය නිසා සිය ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි වීමයි. එහෙත් අධික ලිංගික ආශාවන් ඇති එවැනි හැසිරීම් සඳහා ඉදිරිපත් වන සැවොම මේනියා රෝගීන් නොවේ. ඔවුන් තම ආශාවන්ට අනවශ්‍ය ලෙස ලොල් වීමත් මේ සඳහා තවත් එක් ප‍්‍රධාන හේතුවකි. මේ නිසා ඉහත සඳහන් අය ගැන එකහෙළා වැරදි ලෙසට නොපැවසිය යුතු ය. ඔවුන් මේ කුමන තත්ත්වයේ අය දැයි පරීක්ෂා කර තේරුම්ගත යුතු වේ.

The post ඔබටත් ලිංගික ආශාව වැඩියිද..? එහෙනම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න appeared first on GetFun LK.

]]>
6577
අද එක ලග්නයකට සියලු ප්‍රශ්න විසඳෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද? http://getfun.lk/daily-astrology-forecast-17th-july-2018/ Tue, 17 Jul 2018 01:32:23 +0000 http://getfun.lk/?p=6574 මේෂ ලග්නය කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. නමුත් ඉවසීමෙන් කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. අධ්‍යාපන දිනයකි. ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 05 වෘෂභ ලග්නය කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින

The post අද එක ලග්නයකට සියලු ප්‍රශ්න විසඳෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද? appeared first on GetFun LK.

]]>
මේෂ ලග්නය

කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. නමුත් ඉවසීමෙන් කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. අධ්‍යාපන දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 05

වෘෂභ ලග්නය

කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. නමුත් ඉවසීමෙන් කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. අධ්‍යාපන දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය, ජය අංකය: 05

මිථුන ලග්නය

නිර්මාණ කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. ආදරය හා කරුණාව උතුරා යන දිනයකි. කලා කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. සුපරික්ෂාකාරිව මෙන්ම හොඳ විමසිල්ලෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. ඔබට අද සුභ මංගල යෝග උදාවෙයි. ලේඛනයට හා නව නිර්මාණ වලට දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 03

කටක ලග්නය

කතාවෙන් අන් අයව ජයගත හැකි දිනයක් වන අතර බොහෝ සංකීර්ණ දේවල් ඉතාම සරලව කරන දිනයකි. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. එමෙන්ම ගැඹුරු කල්පනාවෙන් යුතුව කටයුතු කරන දිනයකි. ආර්ථික ශක්තියද වඩාත් තීව්‍ර වන දිනයකි. ඔබේ ව්‍යාපාර කටයුතු වලට සුභ දිනයකි.
ජය වර්ණය: මුතු පැහැය, ජය අංකය: 02

සිංහ ලග්නය

නිර්භීතව කටයුතු කළහැකි දිනයකි. එමෙන්ම ඔබට මනා පෞරුෂයකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. නිවසේ අලුත්වැඩියා කටයුතු වලට වෙහෙසෙන දිනයකි. එමෙන්ම මනා ඉවකින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. නායකත්ව ගුණාංග තීව්‍ර වන මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. කායික ශක්තියද නොමදව පවතින දිනයකි. අලුතින් යමක් මිලදී ගැනීමටද සුභ දිනයකි.
ජය වර්ණය: ලා රන්වන් පැහැය, ජය අංකය: 01

කන්‍යා ලග්නය

ඔබ කෝපයෙන් වෛරයෙන් ඉක්මන් තීරණ නොගත යුතු දිනයකි. එබැවින් ඉවසිලිවන්ත වන්න. ඔබේ කල්පනා ශක්තිය උපයෝගී කරගන්න. නිතරම සන්සුන්ව කටයුතු කිරීමට සිතට ගන්න. නව නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට මෙන්ම වෙළදාම් කටයුතු වලට යෝග්‍ය දිනයකි. අය අතරද වෙනදට වඩා ඔබ කැපී පෙනෙන දිනයකි. ඔබේ ධාරණ ශක්තිය දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය, ජය අංකය: 03

තුලා ලග්නය

කලාතුරකින් උදාවන දිනයකි. ඔබේ සියලු ප්‍රශ්න විසඳෙන දිනයකි. ඔබේ ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. අන් අයට ආදරයෙන් හා දයාවෙන් සළකන්න. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. ඔබ කරන ඕනෑම කටයුත්තකින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි.සියලුම ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ලේඛන කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය, ජය අංකය: 02

වෘශ්චික ලග්නය

වගකීම් වැඩිවන දිනයකි. මනාව නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. ඔබට අද මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. අවංකව කටයුතු කරන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලද වෙනස්කමක් සිදුකිරීමට සුභ දිනයකි. ඔබට තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන්, තර්කයෙන් සියල්ල ජය ගත හැකි දිනයකි. නිරවුල්ව තම අදහස් ප්‍රකාශ කළහැකි දිනයකි. අන් අයගේ ආදරය කරුණාව ලැබෙන දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය, ජය අංකය: 01

ධනු ලග්නය

විදෙස්ගත වීමට අදහස් කරන ඔබට වඩාත් සුභ දිනයකි. අන් අයගෙන් අසීමිත උදව් ලබාගත හැකි දිනයකි. ඔබ පාලනයට මනා දස්කම් පෙන්වන දිනයකි. අන් අය කෙරෙහි ගෞරවයෙන් යුතුව කටයුතු කරන්න. ඔබ අද ඉවසීමෙන් යුතුව වැඩ කරන්න. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. එසේ වුවහොත් අනිවාර්යයෙන්ම ඔබේ වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. එමෙන්ම ඔබේ නායකත්ව ගුණාංග වඩාත් තීව්‍ර වන දිනයකි. තර්කයට දස්කම් දක්වන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව, ආගමානුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය, ජය අංකය: 09

මකර ලග්නය

ආදරයෙන් යුතුව අන් ය සමඟ වඩාත් සමාදානයෙන් කටයුතු කළහැකි දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් ඉවතලන්න. අනවශ්‍ය වියදම් ඉවතලා කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. එමෙන්ම ඔබට තනතුරු ලාභ ලැබෙන දිනයකි. නව රැකියා හා ව්‍යාපාර මාර්ග ඇතිවන දිනයකි. අනතුරු වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. සුක්ෂම සැලසුම් සකස් කරන දිනයක් වන අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. කෞතුක භාණ්ඩ වලටද වැඩි ඇල්මක් දක්වන දිනයකි. ඔබේ වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 08

කුම්භ ලග්නය

තර්කයට වැඩි දස්කම් දකිවන දිනයකි. සියලු සතුරන් මර්දනය කරගෙන ඉදිරියට යා හැකි දිනයකි. අප්‍රමාදව කටයුතු කරන්නට සිතට ගන්න. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද සුභ දිනයකි. හදිසි ධන ලාභ ලබාගත හැකි දිනයකි. සතුරන් මර්දනය කරගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය, ජය අංකය: 07

මීන ලග්නය

නිසි ආහාර ගතයුතු දිනයකි. එමෙන්ම ඔබට සමාජයේ වැඩි ගෞරවය ලබාගත හැකි දිනයකි. අන් අය අතර වැඩි ජනප්‍රියත්වයද නොමදව ලැබෙන දිනයකි. අධ්‍යාත්මික ශක්තිය, මනාව පවතින දිනයකි. සුළු අසනීපයකට වුව නිසි ප්‍රතිකාර ලබාගත යුතු දිනයකි. එමෙන්ම තමන්ට ලැබෙන වගකීම් මනා ලෙස ඉටු කරන දිනයකි. දුබල අයට පිහිට වන්න. ඔබේ නිවසේ ආරක්ෂාව ගැනද සැළකිලිමත් විය යුතු දිනයකි. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය, ජය අංකය: 06

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829

The post අද එක ලග්නයකට සියලු ප්‍රශ්න විසඳෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද? appeared first on GetFun LK.

]]>
6574
බේබදු යහලුවන් සමඟ එකතුවී තම සිඟිති පුතුට මත්පැන් පෙවූ පියා පොලිස් දැලට කොටුවෙයි http://getfun.lk/news-6571/ Mon, 16 Jul 2018 15:22:31 +0000 http://getfun.lk/?p=6571 සමාජජාල මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින සිඟිති දරුවෙකුට මත්පැන් පානය කරවන වීඩියෝ දර්ශනයේ සිටින පියා මේ වන විට පොලීසිය හඳුනාගෙන තිබෙනවා. ඔහු අනුරාධපුර – මීගලෑව – ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හෙළිවී ඇති අතර, ඔහුගෙන් අද දිනයේ ප්‍රකාශයක් ද සටහන් කර ගත් බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ඊයේ හිරු ප්‍රවෘත්ති මගින් ද කරුණු අනාවරණ කළ අතර, එම වීඩියෝවට අනුව අවස්ථා කිහිපයකදී පියා විසින් දරුවාට මත්පැන් පානය කරවන්නේ තවත් පිරිසක් සමඟයි.

The post බේබදු යහලුවන් සමඟ එකතුවී තම සිඟිති පුතුට මත්පැන් පෙවූ පියා පොලිස් දැලට කොටුවෙයි appeared first on GetFun LK.

]]>
සමාජජාල මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින සිඟිති දරුවෙකුට මත්පැන් පානය කරවන වීඩියෝ දර්ශනයේ සිටින පියා මේ වන විට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.

ඔහු අනුරාධපුර – මීගලෑව – ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හෙළිවී ඇති අතර, ඔහුගෙන් අද දිනයේ ප්‍රකාශයක් ද සටහන් කර ගත් බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ඊයේ හිරු ප්‍රවෘත්ති මගින් ද කරුණු අනාවරණ කළ අතර, එම වීඩියෝවට අනුව අවස්ථා කිහිපයකදී පියා විසින් දරුවාට මත්පැන් පානය කරවන්නේ තවත් පිරිසක් සමඟයි.

The post බේබදු යහලුවන් සමඟ එකතුවී තම සිඟිති පුතුට මත්පැන් පෙවූ පියා පොලිස් දැලට කොටුවෙයි appeared first on GetFun LK.

]]>
6571
ඔබේ සිරුරේ සීනි ප්‍රමාණය වැඩිවී ඇතිබව පෙන්නුම් කරන ලක්ෂණ 9 ක් මෙන්න http://getfun.lk/early-signs-of-diabetes/ Mon, 16 Jul 2018 05:33:46 +0000 http://getfun.lk/?p=6564 අපේ ශරීරය තුල කිසියම් ක්‍රියාවලියක් අපට අහිතකර ආකාරයෙන් සිදු වනවා නම්, එය හඳුනා ගැනීමට ශරීරය මගින් විවිධ සංඥා නිකුත් කරනවා. දියවැඩියාව සඳහා ද ශරීරය එලෙසම ක්‍රියා කරනවා. දිගු කාලයක් තිස්සේ ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතියේ නම්, නිතර තිබහ සහ කුසගිනි ඇති වීම, ඇස් වල පෙනීම නොපැහැදිලි වීම, තුවාල සුව වීම ප්‍රමාද වීම සහ නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ආදී ලක්ෂණ ඇතිවෙනවා. ග්ලුකෝස් කියන්නේ අපේ ශරීරයේ සෛල තුල ශක්තිය නිපදවීමට යොදා ගන්නා සීනි වර්ගයක්. කෙසේ වෙතත්, අපේ ශරීරයට හානිදායක ප්‍රතිඵල ඇතිවීම වැළැක්වීම සඳහා, මෙම සීනි ප්‍රමාණය නියමිත පරාසයක තබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා, අපේ අග්න්‍යාශය විසින්, ග්ලුකෝස් නිපදවීම

The post ඔබේ සිරුරේ සීනි ප්‍රමාණය වැඩිවී ඇතිබව පෙන්නුම් කරන ලක්ෂණ 9 ක් මෙන්න appeared first on GetFun LK.

]]>
අපේ ශරීරය තුල කිසියම් ක්‍රියාවලියක් අපට අහිතකර ආකාරයෙන් සිදු වනවා නම්, එය හඳුනා ගැනීමට ශරීරය මගින් විවිධ සංඥා නිකුත් කරනවා. දියවැඩියාව සඳහා ද ශරීරය එලෙසම ක්‍රියා කරනවා. දිගු කාලයක් තිස්සේ ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතියේ නම්, නිතර තිබහ සහ කුසගිනි ඇති වීම, ඇස් වල පෙනීම නොපැහැදිලි වීම, තුවාල සුව වීම ප්‍රමාද වීම සහ නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ආදී ලක්ෂණ ඇතිවෙනවා.

ග්ලුකෝස් කියන්නේ අපේ ශරීරයේ සෛල තුල ශක්තිය නිපදවීමට යොදා ගන්නා සීනි වර්ගයක්. කෙසේ වෙතත්, අපේ ශරීරයට හානිදායක ප්‍රතිඵල ඇතිවීම වැළැක්වීම සඳහා, මෙම සීනි ප්‍රමාණය නියමිත පරාසයක තබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා, අපේ අග්න්‍යාශය විසින්, ග්ලුකෝස් නිපදවීම සහ වැයවීම පාලනය කරන ‘ඉන්සියුලින්’ නැමැති හෝමෝනය නිපදවනවා. කෙසේ වෙතත්, විවිධ හේතූන් මත, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය අග්න්‍යාශයේ මෙම ‘ඉන්සියුලින් නිපදවන සෛල’ වලට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගැනීම නිසා, මාරාන්තික සංකුලතා ඇති කල හැකි, බරපතල රෝගයක් වන, ‘දියවැඩියාව’ ඇතිවීමට හේතු වෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතීමෙන්, රුධිර නාල වලට හානි සිදුවීමත් වෙනත් ගැටළු උද්ගත වීමත් සිදුවිය හැකියි. එසේම, රුධිරයේ අධික සීනි ප්‍රමාණයක් පැවතීම ආඝාතය, වකුගඩු අක්‍රීය වීම, ඇස් පෙනීම අඩු වීම/ඇස් නොපෙනී යාම වගේම සමෙහි ඇති වන ස්නායු ගැටළු නිසා තුවාල හෝ අසාදන ඇතිවීමට හේතු විය හැකයි. මේ හේතුව නිසා, රුධිර සීනි ප්‍රමාණය ඉහල යන විට ඇති වන විවිධ රෝග ලක්ෂණ හඳුනා ගැනීම ඉතා වැදගත්.

01. අත් පා වල ඇති වන හිරි ගතිය
දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට කලින්ම ඇති වන ලක්ෂණයක් ලෙස අත් පා හිරිවැටීම දක්වන්න පුළුවන්. එයට හේතු වන්නේ අත්පා වල ඇති ස්නායු වලට හානි සිදුවීමයි.

02. නිතර ඇති වන කුසගින්න
දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට නිතර නිතර කුසගිනි දැනීමට හේතු වන්නේ රුධිර සීනි ප්‍රමාණය සාමාන්‍ය පරාසයට වඩා අඩු වූ විටයි. මෙමගින් දියවැඩියාව ආශ්‍රිත වෙනත් රෝගී තත්වයන් වන, අනවශ්‍ය ලෙස ආහාර ගැනීමත්, තරබාරු වීමත් යනාදියට ගොදුරු වෙනවා.

03. නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම
රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල ගිය විට, ඔබට නිතරම මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ නිසා, රාත්‍රී කාලයේදී නින්දට බාධා වෙනවා.

04. අධික පිපාසය
රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම, ඔබට නිතර පිපාසයක් ඇති කිරීමට හේතු වන අතර, ඔබ දියවැඩියාවෙන් පෙලෙන බවට තහවුරු වන ප්‍රබල සූචකයක් ලෙස දැක්විය හැකියි.

05. විඩාබර ගතිය
අපේ ශරීරයේ සෛල වලට අවශ්‍ය තරම් ග්ලුකෝස් නොලැබෙන විට, ඒවාට නිසි පරිද ක්‍රියා කිරීමට නොහැකි වන බැවින් ශරීරයට දුර්වලතාවක් සහ විඩාවක් ඇතිවෙනවා.

06. ඉක්මනින් ශරීරයේ බර වැඩි වීම හෝ අඩු වීම
රුධිර සීනි මට්ටම අඩු වූ විට, මේද දහනය වෙනුවට මාංශ පේශි දහනය මගීන් ශක්තිය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ඉතා ඉක්මනින් ශරීරයේ බර අඩු වීම සිදුවෙනවා. එසේම, රුධිර සීනි මට්ටම වැඩිවීම, ශරීරයේ බර වැඩි වීමට හේතු වන බැවින් ද, ඔබ ශරීරයේ ක්ෂණික බර අඩු/වැඩිවීම් වලට ලක්වෙනවා නම්, වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

07. නිතර අමතක වීම් ඇති වීම
රුධිරයේ සීනි මට්ටමේ සිදු වන වෙනස්කම් නිසා ශරීරයේ සමතුලිතතාවය බිඳ වැටීම සහ නිතර අමතක වීම් ඇතිවීම සිදු විය හැකියි.

08. තුවාල සුව වීම ප්‍රමාද වීම
අපි ඉහත සඳහන් කර ඇති පරිදි, රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම නිසා ස්නායු වලට හානි සිදු වන බැවින්, කැපුම් සහ අනෙකුත් තුවාල සුව වීම ප්‍රමාද වෙනවා.

09. ඇස්වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ කරකැවිල්ල
ඇස් වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ ක්ෂණිකව ඇතිවන කරකැවිල්ල, රුධිර සීනි මට්ටම ඉහල ගිය විට සහ දියවැඩියාව ඇති විට, වඩාත් බහුලව ඇති වන රෝගී ලක්ෂණ වලින් එකක් නිසා නොසලකා හැරීම නොකළ යුතුයි.

The post ඔබේ සිරුරේ සීනි ප්‍රමාණය වැඩිවී ඇතිබව පෙන්නුම් කරන ලක්ෂණ 9 ක් මෙන්න appeared first on GetFun LK.

]]>
6564