මාහා මාර්ගවල සිදුවන අනතුරු වලට නොපෙනෙන බලවේග වල බලපෑමක් තිබේද..?

මහාමාර්ගවලදී හොල්මන් අවතාර දර්ශනය වූ අවස්ථා ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල් වලින් වාර්තා වෙනවා. ඒ වගේම සමහර ස්ථානවල දිගින් දිගටම සිදුවූ රිය අනතුරු CCTV කැමරාවල සටහන්ව ඇති අයුරු පරික්ෂා කල පුද්ගලයින් පවා පුදුමයට පත් වෙලා තියෙනවා. ඒ එම අනතුරු සිදුවූ ස්වභාවය නිසයි.

එවැනි ස්ථාන නිර්ක්ෂණය සදහා පසුකාලයේදී සවි කල ඉන්ෆරෙඩ් තර්මෝග්‍රැෆි කැමරා වල සටහන් වූ හදුනා ගත නොහැකි විවිද රූපතල ගැනත් සමහර රටවල් වලින් වාර්තා වී තිබෙනවා.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හරහා වැටී ඇති පමුණුගම – ජාඇල පිවිසුම් මාර්ගයෙත් මෙවැනි අත්භූත අනතුරු රාශියක් වාර්තා වෙලා තියෙනවා. ප්‍රදේශවාසින් පවසන ආකාරයට මෙම අනතුරු දාමයේ ආරම්බය සිදුවී ඇත්තේ මෙම ප්‍රදේශයේ විසු පනස් අට හැවිරිදි කාන්තාවක මෝටර් රථයකට යටවී මිය යාමත් සමගිනුයි.

ඉන් අනතුරුව එම ස්ථානයේදීම වරින් වර පුද්ගලයින් නව දෙනෙකුම මියගොස් තිබෙනවා. නමුත් ඒ කිසිඩු අනතුරක් වාහන එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරු නොවීම විශේෂිතයි.

එම ස්ථානයේදී සිදුවූ අනතුරකින් දිවි ගලවාගත් ත්‍රිරෝද රථ රියදුරෙක් සදහන් කර තිබුනේ පාර අයිනේ හිටිය ගැහැණු රුවක් හිටි හැටියේම තමන්ගේ වාහනය ඉදිරියෙන් හිටගත් බවයි. හැකි තරම් වේගයෙන් හැඩල් එක හැරවූ ඔහුගේ ත්‍රිරෝද රථය කිසියම් අයකු විසින් හිරකර අල්ල ගත්තා වගේ ඔහුට දැනිල තියෙනවා. ඉන් අනතුරුව ත්‍රිරෝද රථය පෙරලි වට කිහිපයක් කැරකි ගොස් නැවතීලා තියෙනවා.

මහා මාර්ග වල සිදුවූ මෙවැනි අත්භූත සිදුවීම් අනන්තවත් ලෝකයේ වෙනත් රටවලිනුත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙවැනි සිදුවීම් වල ඇත්ත නැත්ත හරියටම දැනගන්න අපි දේවගැති හසංක දොඩන්දුව මහතාව සම්බන්ද කරගත්තා.

පහතින් ඔබමේ දකින්නේ එම විඩියෝවයි.

Leave a comment

Comments