සිප ගැනීමකින් ශරීරයට සිදුවන පුදුම හිතෙන දේවල් මෙන්න…

0

සිප ගැනීම කියන්නේ ආදරය කරන යුවලක් අතර සිදුවන ඉතාම සුන්දර දෙයක්. සිප ගැනීමෙන් සෞඛ්‍යමය වාසි බොහොමයක් ලැබෙන බව ඔබ සිතන්න වත් නැතුව ඇති. නමුත් මේ පිළිබඳව පරීක්ෂණ වලින් හෙළිවී තිබෙන අතර සිප ගැනීමකින් ශරීරයට සිදුවන පුදුම හිතෙන දේවල් 8ක් පහතින්…

01. මානසික පීඩනය අඩු කරනවා.

සිප ගැනීමකින් මානසික පීඩනය අවම කරන අතර ඒ සඳහා බලපාන cortisol හෝමෝනය සිඝ්‍රයෙන් පාලනය කරයි.

02. රුධිර සංසරණය වැඩි දියුණු කරයි.

සිපගැනීමෙන් ඔබේ සමස්ත සෞඛ්යය, විශේෂයෙන්ම රුධිර ග්ලූකෝඩ් මට්ටම් දියුණු කරගත හැකි අතර රුධිර සංසරණය වැඩි දියුණු කරයි.

03. සිප ගැනීමකදී මුහුණේ මාංශ පේෂීන් 30 කට වඩා ක්‍රියාකාරී වෙයි.

මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිපගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.

04. ඔබගේ මොළයෙන් සියඵම මනරම් රසායනික ද්රව්ය නිකුත් කරනු ලැබේ.

Dopamine යනු මොළයේ සංඝටකවල ක්රියාකාරි වන රසායනික ද්රව්යක් වන අතර එමගින් අපට සතුටක් ගෙනදෙනවා. ලිංගික ක්රියාවල යෙදෙන විට හෝ අපගේ ප්රියතම සංගීතයට ඇහුම්කන් දීමෙන් නිදහස් වන එකම රසායනික ද්රව්යය මෙයයි.

05. ශරීරයේ කැලරි දහනය කරනවා.

සිපගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එමගින් ශරීරය මහත් වීම පාලනය කරනවා.

06. සුව නින්දක් ලබාදෙනවා.

මානසික ගැටළු පාලනය කරමින් නිදා ගැනීමේ අපහසුතාවයන්ට සහනය ලබා දෙනවා.

07. ආයු කාලය වැඩි කරනවා.

සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න.

08. උදෑසන සිදුකරන විනාඩි 2 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තබනවා.

උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතු වලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න.

– උපුටා ගැනීම අන්තර්ජාලයෙන් –

Leave a comment

Comments