හෙළ ඉතිහාසයේ මහා රාවනා යුගයේ අභිරහස හෙළිවෙයි

හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. භාරතයේ හින්දුන් රාවණ නමට කොතෙක් බියද යන්න පැහැදිලි වන්නේ වාර්ෂික ‘‘දුසේරා’’ ආගමික උත්සවය පවත්වමින් රාවණ රූපය, පුලුස්සන නිසාය. රාමායණයේ ‘‘දසිස් රාවණ’‘ ලෙසද, සිංහල සාහිත්‍යයේ ‘‘රාවණ රවුළු’’ ලෙසද, යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ වරිගපූර්ණිකාවේ ‘‘රාවණ රණබා’’ ඔහු හැඳින්වේ. මෙම අවධියේ දකුණු අමෙරිකාවේ අන්දීස් කඳු මත පාතාල රාජ්‍යය දක්වා බටහිරටද දකුණු යුරෝපයේ රමණීය (රොමානියා) රට හා ඉතාලියේ රෝමාණු (රෝමය) සහ මැද දෙරණ (මධ්‍යධරණී) බැබිලෝනියාව ඇතුළු මැද පෙරදිගද, නැගෙනහිරට රමණක (ෆීජි දූපත්) දක්වාද මෙම සංස්කෘතික අධිරාජ්‍ය බටහිර නැගෙනහිර දෙසට ව්‍යාප්තව පැතිරී තිබුණි. මේ නිවර්තනික ජීවන රටාවයි. දකුණු යුරෝපයේ මධ්‍යධරණී මුහුද වටාද ධාන්‍යය, ඵළවළු, පලතුරු හොඳින් වගා වීම නිසා බලපෑම් ඇතිවුණි. අති පෞරාණික ලෝකයේ දක්නට ඇති විශාලම සංස්කෘතික කලාපය එයයි. ඒ තුළ රාවණ අවධිය විශිෂ්ට වන්නේය. මහා රාවණට පෙළපතක් ඇත.

රාවණ පෙළපතේ මුත්තා පුලස්ති

උත්තම දරුවන් ලැබීමේ න්‍යාය තුළ සෘෂිවරුන්ගෙන් හා මුනිවරුන්ගෙන් කාන්තාවන් දරුවන් ලබාගැනීමේ විධි ක‍්‍රමය තුළට රාවණගේ මව් පාර්ශ්වය හා පිය පාර්ශ්වය යන දෙපාර්ශ්වයම ඇතුළත්ය. පිය පාර්ශ්වයේ බලන විට විශ‍්‍රවස් පියා බලගතුම මුනිවරයෙකි. පියාගේ (විශ‍්‍රවස්) පියාද පුලස්ති නමැති බලවත් සෘෂිවරයාය. මව් පාර්ශ්වය ගත්විට මවගේ පියා නොහොත් සීයා වන සුමාලී රකුස් රජු කාශ්‍යප මුනිට දාව මන්දාත කුසින් බිහි විය. සමකාලීන ලෝකයේ බලවත්ම සෘෂි පාලකයා වීමට මහා රාවණට මෙසේ සූදානම් විය. සුමාලී රකුස් රජු තම දුව වන කෛකසී කුමරිය දරුවන් ලැබීම සඳහා විශ‍්‍රවස් මුනි වෙතට යැව්වේ අසුර අධිරාජ්‍යයට අනාගතයේදී උපද්‍රව ඇතිවිය හැකි නිසා බලවත් පාලකයකු ඇතිකර ගැනීමටයි.

පුලස්ති සෘෂි විසුවේ පුලස්තිපුර නොහොත් පොලොන්නරුවේය. ඔහු භාවනා කිරීම සඳහා අනුරාධපුරයේ වෙස්සගිරියේ පිහිටි තණචොඩක (සංස්කෘත තෘණබින්දු) සෘෂිවරයාගේ අසපුවට ආවේය. එහිදී තණ චොඩකගේ තරුණ දූවරුන්ගේ කෑගෑසීම්, සිනා ආදි ශබ්ද නිසා බාධා ඇතිවිය. ඉන් කෝපයට පත් පුලස්ති ප‍්‍රාර්ථනා කළේ තමා සමාධියෙන් නැගී සිට ඇස් ඇරියවිට පළමුවෙන් දකින තරුණිය ගැබ් ගනීවා යනුවෙනි. ඔහු පළමුවෙන් දුටුවේ තණචොඩක සෘෂිගේ දියණි හවිර්ගුය. ඇය ගැබ් ගත්තාය. ඇයට ලැබුණු දරුවා පසු කලෙක බලගතු මුනිවරයකු විය. ඒ විශ‍්‍රවස් මුණිය. අනුරාධපුර විශ‍්‍රවස්ගිරි නොහොත් වෙස්සගිරිය නම් වී ඇත්තේ විශ‍්‍රවස්ගේ නමිනි.

තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ‍්‍රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග‍්‍රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත.

අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්‍යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත‍්‍රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ‍්‍රැත සංහිතාව පවසයි.

රාවණ සීයා (විශ‍්‍රවස් මුනි)

තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ‍්‍රවස් මුනිද්‍ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග‍්‍රහය- I​ වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88

ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක…
පුරාවිද්‍යා කියවීම: පරුමක විසදව පුත පරුමක…

1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ‍්‍රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්‍යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.

1. හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ.
2. එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’
3. මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ‍්‍රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’
4. හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ‍්‍රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’

මෙම ලිපි හතර සොයාගනු ලැබ ඇත්තේ නිදහස් පුරාවිද්‍යා, ගවේෂක පතිරආරච්චි නමැති අය විසිනි. පුරාවිද්‍යාව මේ සියල්ලට අන්ධව විශ‍්‍රවස් මිථ්‍යාවක් බව කියති.

රාවණාගේ මව්පස සීයා සුමාලි

මීට පෙරද විස්තර දක්වා ඇති සුමාලි රකුස් රජු රාවණාගේ මව්පස සීයාය. ඇයද දේවයානිට ලැබුණේ කාශ්‍යප මුනි හා එක්වීමෙනි. ඔහුද බෝම්බ දමමින් දිග් විජය කල අධිරාජ්‍ය ගොඩනගන්නකු විය. සුමාලිට සුර ගුප්ත යයි නමක්ද විය. කතිර කුමරුගේ විශාල දේව සේනාවට ගොඩබිම යුද්ධයේදී සුමාලි රකුස් රජු පරාජය විය.

මව්පිය පරම්පරාවක් හා දරු පරම්පරාවක් නැති රාම හා සීතා යන මනංකල්පිත චරිතවලට ඓතිහාසික වූ රාවණ සම්බන්ධ නොවන්නේය. රාමායණයට සියවස් තුනකට නොඅඩු කාලයකදී සම්පාදනය වූ දශරථ ජාතකයේ රාම, සීතා සහ ලක්‍ෂ්මණ සොයුරු සොයුරියන්ය. ඔවුහු වනයේ 12 අවුරුද්දක් ජීවත් වූහ. දසිස් රාවණ කෙනකු ඔවුනට සම්බන්ධ වීම හෝ රාම රාවණා යුද්ධයක් හෝ නැත. රාමායණයට අනුව රාම යනු විෂ්ණුගේ 6 වැනි අවතාරයයි. මනුෂ්‍යයකු නෙවේ. සීතා යනු ඕපපාතිකව නගුල් මිටෙන් උපන් තැනැත්තියකි. එබැවින් රාමායනය ප‍්‍රබන්ධකළ වාල්මිකී විසින්ම තම කෘතිය ප‍්‍රබන්ධයක් ලෙස පිළිගනී.

‘‘රා’’ යනු ඉරයි. වණ යනු කණ්ඩායම නොහොත් සමූහයයි. රාවණ යනු පුද්ගල නාමයක් ලෙස නොව පෙළපත් නාමයක් ලෙස සැලකිය හැක. හිරුරැස් ප‍්‍රයෝජනයට ගෙන නිෂ්පාදනය කළ සූර්ය පෙළපත ලෙස මෙය සැලකීමට පුළුවන. දසිස් රාවණ ලෙස රාමායණයේද, රවුළු රාවණ ලෙස සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථවලද, රණබා ලෙස යක්‍ෂගෝත‍්‍රික වරිගපූර්ණිකාවේද මහා රාවණයන් හැඳින්වේ.

රාවණගේ ඥාති සොයුරු කුබිර (කුවේරා)

ලංකාපුරය හා දඬුමොණරය (පුෂ්පක යානය) විශ්වකර්ම නොහොත් මය විසින් නිෂ්පාදනය කෙරුණේ. දේවයානීගේ පුත් සිංහමුඛ සඳහාය. නමුත් කතිර කුමරු තමා හා යුද්ධයට එන බව දැනගත් විට සිංහමුව පලාගියේ පාතාල රාජ්‍යය පිහිටි දකුණු ඇමෙරිකාවටයි. එවිට ලංකාපුරය අරාජික විය. දඬුමොනරය අස්වාමික වුණි.(පසු කලෙක රාවණයන් විසින් සෑදුණු නැකැත් අතර දඬුමොනරය නමැති නැකතක්ද විය. අද දකුණු පළාතේදී ඊට දඬුමරණය යයි කියති.)

සිංහමුඛ පලාගොස් ලංකාපුරය හිස්වීම නිසා විශ‍්‍රවස්ගේ යක් බිරියක් වූ ඉල්විලාගේ පුත් කුබිර (කුවේර) එහි පාලකයා විය. එවිට දඩුමොනරයද ඔහු සතු විය. මෙය දසිස් රාවණගේ නොසතුටට හේතු වුනි. මව්පිය උභය පාර්ශ්වයෙන්ම සෘෂිවරුන්ට හා මුනිවරුන්ට තුන්වරක් ජාතක වූද, දශ ඥානයකින් යුතුව බුද්ධියෙන් බැබළෙන්නාවූද රාවණ පමණක් දැන් හිස් වූ ලංකාපුරයේ පාලක තනතුරට සුදුසු විය. එබැවින් ඥාති සොහොයුරු කුවේර නෙරපා හැර ලංකාපුරය තමා අතට ගැනීමට රාවණ කටයුතු කළේය. ඊට ඔහුට උදව් කළේ මවගේ ඥාති සහෝදරයකු (මාමා) වූ දුම්රක්ගල (දිඹුලාගල) විසූ දුම්රක් (ධූමරාක්‍ෂ) සේනාපතියාය. මෙකල විශ‍්‍රවස් විසූ සීගිරියට කුවේරද පලවා කොටුකරන ලදී. අන්තිමේදී එතැන් සිට විශ‍්‍රවස් සහ කුවේර වයඹදිග ඉන්දියාවේ පන්ජාබයට නෙරපූ බව ගරුඩපුරාණයේත් භගවත් ගීතාවේත් සඳහන්ය.

අරිසෙන් අහුබුදු සූරීන් පවසන පරිදි ඉන්දු රජු විසින් ඉදි කෙරුණු ඉන්දු රාජ්‍යයේ (සින්ධු ගඟ ඇසුරින් මෙය ඉදිවිය) රජකම විශ‍්‍රවස් විසින් ලබා ගැනුණි. ඉන්දු රජුගේ අගනුවර වූ මුල් තැන (multan) අදත් එනමින් හැඳින්වේ. මේ පංජාබයේ ගංගා 5 එකතු වන තැනයි. පන්ජාබයේ අදත් අගනුවර මුල්තැන්ය. කුවේර විසින් තෝරා ගැනු​ෙණ් කෛලාශකූටයයි. මේ අනවතප්ත විලට යාවය. අදත් මේ දෙකම මිල අධික සංචාරක මධ්‍යස්ථානයන්ය. අහස් මිහිර රාජ්‍යය අද කාශ්මීර වී ඇත. අදත් කෛලාශකූටය අවුරුද්ද පුරා හිමෙන් වැසී පවතී. එහි ඡායාව අනවතප්ත විලට වැටීම මනරම් දසුනකි. (බලන්න අන්තර්ජාලය)

මහා රාවණගේ ලංකාපුරය

රටවල් හා ජාතීන් බිහි නොවී තිබුණු මෙම යුගයේ පැවති පුරරාජ්‍ය (පෞරරාජ්‍ය පැවතුණි ඒවා පාලනය කළේ දේව අධ්‍යාපනය හදාරා ඉහළම පාලක තත්ත්වය වන සෘෂි හා මහසෘෂි බවට පත් වූ අයය. රාවණගේ අභාවයෙන් පසු ලංකාපුරය මුහුදට යට විණ. නෙදර්ලන්ත මුහුදු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් 2009 දී සොයාගනු ලැබුවේ මුහුදට ගිලීගිය නගරයක නටබුන්ය. මහාරාවණ කෝට්ටය හා කුඩා රාවණ කෝට්ටය අසල පානමින් ඇත. පිහිටි මෙම නගරය සමඟ සිහින් දිගටි හා වක්වූ භූමි ස්කන්ධයක්ද ගිලිහී ගොස් ඇත. එය අප‍්‍රිකාවේ මැදගස්කරය ( ) දක්වා විහිදී ඇත. වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කි.මී. 4,50,000ට වැඩි මෙයට එර්ෂියා (Earcia) යන නම දී ඇත. (බලන්න අන්තර්ජාලය)

යුරෝපීය සුදු මිනිසුන් විසින් 20 සියවස පුරාම තම පරමාදර්ශී රාජ්‍යය ලෙස අභිමානයෙන් ප‍්‍රකාශ කෙරුණු අත්ලන්තිස් පුරවරය (City of atlantis) නමැති රාජ්‍යයක් විය. ක්‍රි.පූ. 4 සියවසේ විසූ ග‍්‍රීක් ජාතික පඬිවරයා විසින් මෙය ලේඛන ගතකරනු ලැබ තිබුණේ. ඔවුන් එය මිසරවාසීන්ගෙන් අසා දැනගත් පරිදිය. මිසරයින් ඊට මිසර නමක් යෙදූ නිසා තමා ඊට ග‍්‍රීක් නමක් වන අත්ලන්තිස් යන්න යෙදූ බව ප්ලේටෝ සඳහන් කරයි. 20 සියවස මැදදී අත්ලන්තික් සයුරේද සියවස් අගදී මධ්‍යධරණී මුහුදේද එය සොයා ගවේෂණය කළ සුදු ජාතීන් 21 සියවසේදී එය සෙවීම අතහැර දමා ඇත. ඊට හේතුව නම් රාමායනයේ විස්තර වන හනුමා දුටුවේයැයි කියන ලංකාපුර විස්තරයත් ප්ලේටෝගේ අත්ලන්තිස් පුරවරයත් එකක්ම බව 1999 දී බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥයකු විසින් ඔප්පු කරනු ලැබීමය. සමානකම් නම්:

1. කඳු තුනක් මත පිහිටීම (ත‍්‍රිකූටය) ත‍්‍රිකූටමලේ? 2. පුජක (දේව) පාලනය 3. ගුවන්යානා 4. කාන්තා – පිරිමි සම අයිතිවාසිකම් 5. තනි දේවාලයක් තිබීම. 6. මාර්ග පද්ධතිය හා දෙපස නිවාස 7. අලියා සිිටීම 8. කෙසෙල්, දොඩම් සහ අඹගස්. 9. විනාශකාරී (න්‍යෂ්ටික) අවි. 10. අසුර නාමය (ග‍්‍රීක අස්වින්) 11. ලොව පරමාදර්ශී රාජ්‍යය වීම 12. මුහුදට ගිලාබැස විනාශ වීම මෙහි මුදුන් තුන (ත‍්‍රිකුට) සහිත කඳු පෙදෙස (මළය) ඇතැම් විට ත‍්‍රිකුණාමලයද විය හැක. නමුත් හැඩ ඔය මෝය අසල පොතුවිල නගරය අසල එය වන්නට ඇති බවට සාධක වැඩිය.

රාවණ කුමරු විසින් ගෝකණ්ණ (ත‍්‍රිකුණාමල) පිහිටි මරීච සෘෂිගේ අසපුවේ තුන්වසරක් උග‍්‍ර තපස් කෙරුණේ වරමක් ලබාගැනීමටය. එනම් මිනිසකු අතින් මිය නොයාමටය. වාල්මිකී තම රාමායණයෙන් එය සනාථකරන්නේ මිනිසකු නොවන විෂ්ණුගේ 6 අවතාරය වූ රාම අවතාරය අතින් රාවණ මිය ගිය බව පවසමිනි.

ලංකාපුරය යනු අලංකාර පුරය යන අර්ථය ලබාදෙන බව අහුබුදු සූරීහු දක්වති. කාශ්මීරයට (අහස්මිහිර) ගිය කුවේරද එහිගොඩනගා ගත්තේ අලකාපුරයයි. එයද ලංකාපුරයට සමානවන්නට ඇත. සියලුම යස ඉසුරින් පිරි නගරයක් සංස්කෘත හා සිංහල සාහිත්‍යයේ හඳුන්වන්නේ කුවේරගේ අලකාපුරයට සමාන කරමිනි. ඉතිහාස පොතින් අප ඉගෙන​ෙගන ඇත්තේ පෞරරාජ්‍යයන් බිහිවූයේ ග‍්‍රීසියේ බවය. ලංකාවට එහි ගෞරවය ලබාදීමට ඉංග‍්‍රීසි ඉතිහාසඥයෝ අකමැති වූහ. වේලාපුර, රත්නපුර, අනුරාජපුර, විජිතපුර, සෝමපුර, යක්පුර, මහින්දපුර අනෙකුත් පුරයන්ය.

මහාරාවණ හා රාමායණය

1980 දශකය වනතුරු රාවණ රජකු ගැන අප දැන සිටියේ රාමායණය ඇසුරිනි. ඒ පන්තිකාමර අධ්‍යාපනය හා පුවත්පත් සඟරා ආශ‍්‍රයෙනි. බටහිර මානව විද්‍යාඥයන් අසුර අධිරාජ්‍යයක් හා එහි සිටි සෘෂි පාලක මහා රාවණ කෙනකු ගැන දැනගත්තේ 1980 දශකයේ පටන්ය. අද එම සෘෂි පාලක රාවණයන් දැවැන්ත ආකාරයෙන් මතු වී එන්නේ ඉතිහාසය තුළිනි. ඒ අනුව රාමායණ ‘‘රාවණ රජු’’ බොඳවී යන බවක් දක්නට ඇත.

රාමායනය මහා කාව්‍යයකි. එමෙන්ම වීර කාව්‍යයකි. අලංකාරවාදයට අනුව මහා කාව්‍යයක් වීමට අත්‍යවශ්‍ය අංග කීපයකි. නගර වර්ණනා, උද්‍යාන වර්ණනා, වීර චරිතයක්, වීරයාට අභියෝග කරන දුෂ්ටයෙක්, ගැහැනියක් නිසා ඇතිවන ගැටුමක්, යුද වර්ණනාවක්, දේව පූජා, ප‍්‍රීති උත්සවයක් ආදිය අනිවාර්යය. රාම කුමරුගේ වීරත්වය හුවා දැක්වීමට දුෂ්ට රාවණ රජු, සීතා පැහැරගැනීම, රාම – රාවණ යුද්ධය, ලංකාපුර නගර හා උද්‍යාන වර්ණනා ආදිය රාමායනයට ඇතුළත් කර තිබේ. මේ සඳහා භාරතයේ අන් රජකු තේරා නොගෙන ලංකාවේ මහා රාවණයන්ව තෝරා ගත්තේ ඇයිද යන්න උපකල්පනය කිරීම අපහසුය. රාමායනයට මද කලකට පසු ලියවුණ ජාතකට්ඨ කථාවේ දශරථ ජාතකයේද රාමා, සීතා හා ලක්‍ෂ්මන් දැක්වේ. ඒ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. එහි රාවණයකුගේ සම්බන්ධයක් නැත. රාමාගේ චරිතය ඔසවාලීම සඳහා ඔහුට එරෙහි දුෂ්ටයා ලෙස වාල්මිකී දැන සිටි බලවත්ම පුද්ගලයා යොදාගන්නට ඇතැයි සිතිය හැක. මහා රාවණ වනාහී තුන් ලොවම ජයගත් අයකු ලෙස සංස්කෘත සාහිත්‍යයේ සඳහන්ය. ඔහු රාමායනයට සීමා නොවේ.

කෘත, ද්වාපර, නේත‍්‍රා සහ කලි (වත්මන කලි යුගයයි) යන හින්දුන්ගේ යුගවලින් නේත‍්‍රා යුගයේ ආරම්භයේ ජීවත් වූවකු ලෙස රාවණ හැඳින්වේ. ඔහු රජකු නොව දේව අධ්‍යාපනය ප‍්‍රගුණ කළ සෘෂි පාලකවරයෙකි. දස ඥානයක් (දසිස්) ඔහුට විය. අසුර- අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම පාලකයා හා නායකයා විය. මෙබදු අයකු සමග ගැටුණ විට රාම චරිතය ඊටද වඩා උසස් වන නිසාම වාල්මිකී රාමායණයට රාවණා ඇදගන්නට ඇත.

Leave a comment

Comments