ඔයාට එයත් එක්ක හදවතින්ම බැදෙන්න ඕනේ නම් මේ දේවල් කරන්න

ආදරේ කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම දෙයක් වගේම ටිකක් හරි වැරදුනොත් දරාගන්නත් අමාරුම දෙයක්. ඇත්තම කතාව අපි කවුරුවත් කැමති නැහැ ආදරෙන් පරාද වෙන්න. හැමෝම කැමති තමන්ගේ ආදරේ අයිති කරගෙන ජීවිත කාලය පුරාවටම ඒ ආදරේ රැකගන්න. මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න නම් ඉතින් දෙන්නෙක් හදවතින්ම බැඳෙන්න ඕනේ මොකද ආදරේ බැඳීම ශක්තිමත් වෙන්න වෙන්න ඒක කැඩෙන්න තියෙන ඉඩ ප්‍රමාණයත් අඩුවෙලා යනවා. හැබැයි ගොඩක් අය ආදරේ කරාට හදවතින්ම බැඳෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මේ නිසාම තමයි එක එක ප්‍රශ්න වලටත් නිතරම මුහුණ දෙන්න සිද්ධවෙන්නේ. ඒ නිසා තමයි අද අපි ඔබට කියන්නේ එයත් එක්ක හදවතින්න බැඳෙන්න කරන්න ඕනේ දේවල් ගැන.

01. ඔයාගේ අතීතය අමතක කරන්න

අපි අපේ අතීතයේ එල්ලිලා හිටියොත් අනාගතය ගොඩනගාගන්න අමාරුයි. හොඳම දේ අතීතය අමතක කරලා අනාගතයට මුහුණ දෙන එක ඊයේ උන දේවල් අමතක කරලා අද වෙන දේවල් ගැන වගේම හෙට වෙන්න තියෙන දේවල් ගැන හිතන්න. හැබැයි අතීතයෙන් ඉගෙන ගත්ත පාඩම් නම් අමතක කරන්න එපා. ඔයාගේ සහකාරයත් එක්ක ලස්සන අනාගතයක් ගොඩනගාගන්න උත්සහ කරන්න. එහෙම නැතුව පරණ සබඳතා වල එල්ලිලා හිටියොත් ඔයාට අලුත් සහකාරයත් එක්ක හදවතින් බැඳෙන්න අමාරු වෙයි.

02. ඔයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඉගෙන ගන්න

ඔයා එයාට ඇත්තටම ආදරේ කරනවා නම් ඔයාගේ හැඟීම් එයාගෙන් හංගන්න කිසිම උවමනාව නැහැ. ඒ නිසා ඔයාට දැනෙන හැඟෙන දේවල් ගැන එයත් එක්ක කතා කරන්න. ඒක ඔය දෙන්නගේ ආදරේ වැඩිවෙන්න වගේම ඔයා ගැන එයාට ඉගෙන ගන්නත් උදවුවක්. ඒ වගේම එයා එයාගේ හැඟීම් ඔයත් එක්ක ප්‍රකාශ කරනකොට ඒ දේවල් වලට හොඳින් ඇහුන්කම් දෙන්න එයා ගැන ඉගෙන ගන්න උත්සහ කරන්න. එතකොට නිකම්ම ඔය දෙන්නා හදවතින්ම් බැඳෙනවා.

03. දෙන්න ම එකට නිදාගන්න යන්න. එකට ඇහැරෙන්න

හදවතින්ම බැඳෙන්න තවත් වැදගත් දෙයක් තමයි මේක. අනික මේ දේ ඔය දෙන්නටම පහසුවෙන්ම කරන්න පුළුවන්. මේ නිසා ඔය දෙන්නටම කතාබහ කරන්න වගේම ආදරේ බෙදා හදා ගන්නත් ලොකු අවස්ථාවක් ලැබෙනවා. වැඩ රාජකාරි අස්සේ දවල්ට කතාබහ කරනවට වඩා නිදහසේ ඔය දෙන්නට කතාබහ කරන්න පුළුවන්. ඒ නිසා එයත් එක්ක ඇතිවුන හදවතේ බැඳීම ශක්තිමත් කරගන්න වගේම පවත්වාගෙන යන්න මේ පුංචි දේ හැමදාම කරන්න.

04. හොඳ දේවල් දකින්න

අපි කවුරු අතින් උනත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි පුංචි වැරදි ලොකු දේවල් විදිහට දකින්නේ නැතුව හැම වෙලාවකම එයාගේ හොඳ දකින්න උත්සහ කරන්න. එතකොට එයාගේ අතින් වෙන වැරදි උනත් එයා ඉක්මනට හදාගනියි. ඔයා අතින් වෙන වැරදි වුනත් එයා ඔයාට හදාගන්න උදවු කරයි. ඒ නිසා ඔය දෙන්න ඇත්තටම හදවතින් ගොඩක් ලංවෙයි.

05. ස්පර්ශය කියන්නේ වැදගත්ම දෙයක්

ඔක්සිටෝක්සින් කියන්නේ ආදරේ සම්බන්ධව වැදගත්ම වෙන හෝර්මෝනයක්. ඉතින් මේ හෝර්මෝනය වැඩි වැඩියෙන් මොළයෙන් නිපදවෙන්න, ස්පර්ශය කියන්නේ වැදගත් වෙන දෙයක්. සිප ගැනීම්, වැළඳ ගැනීම් වගේ දේවල් වලට පුළුවන් මේ හෝර්මෝනය

06. 100% විශ්වාසය රකින්න

එයාට ඔයා ගැන තියෙන විශ්වාසය ඔයාට උපරිමයෙන්ම ආරක්ෂා කරන්න පුළුවන් නම්. ඔය දෙන්නගේ බැඳීම ගොඩක් ශක්තිමත් ඒ වගේම තමයි එයත් කවදාවත් ඔයාගේ විශ්වාසය කඩ කරන්න උත්සහ කරන්නේ නැහැ. ඒ නිසා එයාට අවංක වෙලා එයාගේ විශ්වාසය රකින්න හැම වෙලාවකම උත්සහ කරන්න.

Leave a comment

Comments