ඔබේ අත් යට කළු වෙලාද..? එහෙනම් ඒ සදහා පහසුම ප්‍රතිකාර ටික මෙන්න..

දහඩිය හා කුණු දුහුවිලි වගේ ම වැරදි විදිහට deodorant භාවිතා කිරීම නිසාත් අත් යට කළු වීම ඇති වෙන එක ගොඩක් දෙනෙක්ට ඇතිව තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම මේක සුන්දරත්වයටත් බාධාවක්. විශේෂයෙන් අත් රහිත ඇඳුමක් වුණත් අඳින්න දෙපාරක් හිතන්න වෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වුණු කෙනෙක්ට තවත් දුක් නොවී කරන්න පුළුවන් සාර්ථක ම සත්කාර කිහිපයක් තමයි මේ කියන්නේ.

1. කිරි තේ හැදි 4 කට ලෙමන් යුෂ එක් තේ හැන්දක් එක් කරන්න, විටමින් E සහ glycerin ද එයට එක් කොට අතෙහි අඳුරු ප්‍රදේශ මත ආලේප කරන්න. විනාඩි 15 ක් පමණ තියෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

2. කහ, මී පැණි සහ කිරි වලින් මේ ප්‍රශ්නෙට ඔයාට විසඳුමක් හොයා ගන්න පුළුවන්. කහ කියන්නේ හොද විෂබීජ නාශකයක්. මී පැණි වල සමේ තෙතමනය ආරක්ෂා කරන ගුණාංග අඩංගු වන අතර කිරි ස්වභාවික විරංජකයක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේම කිරි කියන්නේ සමට ඉතා ඉහල පෝෂණය ලබා දෙන්නක්. මේ අමුද්‍රව්‍ය 3 සම සමව ගෙන හොඳින් මිශ්‍ර කරලා ආලේපයක් විදියට සකස් කර ගෙන එය අත් යට හොඳින් ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර පසුව සෝදා හරින්න.

3. වේලා ගත් දොඩම් ලෙලි කුඩු කර එයට දෙහි යුෂ, අත් කහ, යෝගට්, මි පැණි බිංදු කීපයක් යොදා පැක් එකක් සාදාගන්න. අත් යට හොඳින් පිරිසිදු කර පැක් එක ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පිරිසිදු වතුරින් සෝදා හරින්න.

4. ලෙමන් සහ මී පැණිත් ඔයාට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ලෙමන් ස්වභාවික විරංජකයක් ලෙස ක්‍රියා කරනවා. ලෙමන් යුෂ ස්වල්පයක් මී පැණි සමග මිශ්‍ර කර අත් යට ආලේප කරන්න. මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

5. ආමන්ඩ් ඔයිල් හෝ ඔලිව් ඔයිල් සමඟ විටමින් E මිශ්‍ර කර ආලේප කිරීමෙනුත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

6. කඩල පිටි සහ බේකින් සෝඩා සම ප්‍රමාණයන්ගෙන් මිශ්‍ර කර ලෙමන් හෝ මී පැණි එක් කර අලේපනයක් ලෙස ගෙන ආලේප කරන්න.

ඒ වගේ ම සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට වැඩි පුර වතුර බොන්න. තවත් දෙයක්, හිරු එළියෙන් සම ආරක්ෂා කර ගන්නත් අමතක කරන්න එපා.

Leave a comment

Comments