ජායාරූපයකට වඩාත් ලස්සනට පෙනී සිටින්නේ මෙහෙමයි

0

ජායාරූපයකට පෙනී සිටීමේදී ඔබේ ලස්සන කැපීපෙනෙන අයුරින් පෙනී සිටීමට දැනසිටිය යුතුයි. වඩාත් ලස්සනට ජායාරූපයන් අරගැනීමට ඔබ නිරූපණ ශිල්පයෙක් හෝ නිරූපිකාවක්ම විය යුතු නැහැ. නමුත් ඒ සඳහා ඔබ ජායාරූපයන් සදහා පෙනී සිටින ආකාරය නිවැරදිව දැන සිටීම වැදගත්.

අපි මෙහිදී ඔබව දනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔබේ ලස්සන කැපීපෙනෙන අයුරින් ජායාරූපයන් සදහා වඩාත් විශිෂ්ට ලෙස පෙනී සිටින්නේ කෙසේද යන්න පිලිබදවයි.

කැමරා කාචයට ඉහලින් බලන්න.

වෘත්තිමය වශයෙන් ජායාරූපයන් අරගනු ලබන පුද්ගලයින් භාවිතා කරන උපක්‍රමයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.

ඔබේ මුහුණ දකුණු පෙදෙසට හරවන්න.

මිනිසා සාමාන්‍යයෙන් වැඩි වශයෙන් හැගීම් ප්‍රකාශ කරන්නේ මුහුණේ වම් පැත්තෙන් බව පරීක්ෂණයන් වලින් හෙලි වී තිඛෙනවා. එම නිසා ඔබ ජායාරූපයකට පෙනී සිටින විට මුහුණ දකුණු පැත්තට හැරවීමෙන් ඔබේ මුහුණෙන් ප්‍රකාශ වෙන එම අවස්ථාවට ගැලපෙන වඩාත් නිවැරදි හැගීම මුහුණේ වම පැත්තෙන් ජායාරූප ගත කරගැනීමට හැකියාව ලැඛෙනවා.

ශරීරය මදක් පැත්තකට හරවන්න.

ඔබ එක එල්ලේම ශරීරය කෙලින්ම කැමරා කාචය දෙසට හරවා සිටිනවානම් කැමරාවට ඔබේ ශරීරයේ ප්‍රමාණය වැඩි වශයෙන් සටහන් වීමට ඉඩ තිඛෙනවා. එම නිසා තරමක් පැත්තකට හැරී ජායාරූපයන් සදහා පෙනී සිටින්න. ඔබ තරබාරු පුද්ගලයෙකු වුනත් එමගින් වඩාත් ලස්සනට ජායාරූපයන් සදහා පෙනී සිටීමට ඔබට හැකියාව තිඛෙනවා.

සන්සුන් ගතියකින් යුතු මද සිනහ

ඔබ පින්තූරයකට පෙනී සිටින විට වැඩි ආයාසයක් දරා සිතාමතාම සිනාසෙන්නේ නැතිව ඔබගේ ස්වභාවික සිනහව මුවෙහි රදවා ගන්න. කිසිම විටක වැඩි වෙහෙසක් දරා සිනා සීමෙන් වලකින්න මොකද එමගින් ජායාරූපය අවලස්සන වීමට හැකියාව තිඛෙනවා. ඔබ සාමාන්‍යයෙන් මුව විවර කර සිනා සෙන කෙනෙකුනම් එය ඔබගේ ස්වභාවික සිනහව බව මතක තබා ගන්න. ජායාරූපය ලස්සන කරගැනීමට නම් ඔබ ඔබගේ එම ස්වභාවික සිනහවමයි ජායාරූපය සදහා එකතු කර යුතු වෙන්නේ.

අත් දෙක දෙපැත්තෙන් තබා ගන්න.

ඔබ ජායාරූපයට පෙනී සිටින්නේ අත් දෙක හරස් කරගෙන නම් එයින් ඔබේ පෙනුම සීරියස් ගතියකින් යුතු නොසතුටු ස්වභාවයක් අරගනු ලබනවා. ස්වභාවික ගතියකින් යුතු වඩාත් ලස්සන ජායාරූපයක් ලබා ගැනීමට අවශ්‍ය නම් අත් දෙක දරදඩු කරගෙන හෝ වඩාත් ඍජුව තබාගන්න එපා. ඔබ කල යුතු වෙන්නේ අත් දෙක එල්ලා වැටෙන සේ වාඩාත් පහසු ලෙස දෙපැත්තෙන් තබා ගැනීමයි. මෙලෙස පෙනීසිටි ජායාරූපයක ඔබේ පෙනුම ගැන ඔබට වඩාත් සතුටු විය හැකි වෙනවාට කිසිදු සැකයක් නැහැ.

මේ ලිපිය ෂෙයාර් කරලා ඔයාගේ යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා.

Leave a comment

Comments