මේ දවස්වල තියෙන අධික රස්නයට පිළියම් මෙන්න

මේ දවස් වල පරිසරය විශාල වශයෙන් උෂ්ණ අධික බවක් පෙන්නුම් කරනවා. දහවල් කාලයේදී එලියට පහලියට යාම හිතා ගත නොහැකි තම් අමාරු වැඩක් යැයි බොහෝ දෙනා මැසිවිලි නගනවා ඔබට අසන්නට දකින්නට ලැබිලා ඇති. අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීම නිසා මෙවැනි උෂ්ණ අධික, වියලි කාලගුණික තත්වයක් පවතින බවත්, මේ මාසය අග දක්වාම මෙම තත්ත්වය මේ ලෙසින්ම පවතින බවයත් කාලගුණ අනාවැකි වලින් කියවෙනවා.

එහෙත් මෙවැනි උෂ්ණ අධික වියලි කාලගුණික තත්ත්වයන්ට නිරන්තරයෙන් නිරාවරණය වීම ඔබ සෞඛ්‍යට අහිතකර බලපෑම රාශියක් ඇති කරන බව කිවයුතුමයි.

විශේෂයෙන්ම සම මෙවැනි අධික හිරු රශ්මියකට නිරාවරණය වීම තුලින් සම මතුපිට විවධ ආසාදන වලට භාජනය වීම, සම අනවශ්‍ය ලෙස වියලීම, සමේ වර්ණය අවපැහ වීමේ වැඩි හැකියාවක් පවතිනවා. මේ නිසා ඔබ නිවසින් හෝ කාර්යාලයෙන් බැහැර වන විට අනිවාර්යෙන්ම සිරුර හොඳින් ආවරණය වන ඇඳුම් අැදීමටත්, සන් ක්‍රීම් වැනි යමක් ආලේප කිරීමටත් වග බලාගත යුතුමයි. අධික හිරු රශ්මියෙන් ආරක්ෂා වීමට අනිවාර්යෙන්ම කුඩයක් තොප්පියක් භාවිතා කිරීම ඔබ කල යුතුමයි.

ඒ වගේම මේ කාලයේදී ශරීර අභ්‍යන්තරයේ ඇති ජලය පිටතට වාෂ්ප වීම අධික වන නිසාම ශරීරය විජලන තත්තවයන්ට ලක්වීමේ හැකියාව පවතිනවා. ඒ නිසාම වෙනදාට වඩා වැඩියෙන් ජලය පානය කිරීම, කොමඩු වැනි ජලය සහිත පළතුරු අනුභව කිරීම ඔබට කළ හැකියි. එසේ නොමැති වුවහොත්, ශරීරයේ අභ්‍යන්තර අවයව වලට නිසි පරිදි ක්‍රියාත්මක වීමේ හැකියාව නොලැබී යනවා.

ඔබ කුඩා දරුවෙක් සිටින මවක් නම්, මේ උෂ්ණ අධික පරිසරයෙන් ඔබේ සිඟිත්තා ආරක්ෂා කර ගැනීමට ඔබ අනිවාර්යයෙන්ම වග බලා ගත යුතුයි. මේ කාලයේදී විශේෂයෙන් අවුරුදු 2ට අඩු කුඩා දරුවන්ව දිනක විනාඩි 20ක් පමණ කාලයක් ජල බේසමක බහා තැබීම සුදුසුයැයි කියවෙනවා. ඒ වගේම කුඩා දරුවන්ට නිතර නිතර ජලය පානට ලබා දිය යුතුයි.

ඒ වගේම වැඩිහිටි ඔබත් දිනපතා ස්නානය කිරීම සුදුසු බවයි වෛද්‍ය මතය. වෙනදාට වඩා පරිසරයේ උෂ්ණත්වය ඉහල ගිය මෙවැනි කාල වලදී, ශරීර අභ්‍යන්තරයට සහ ශරීරය පිටතට ඔබ විසින්ම සපයා ගත යුතු ආරක්ෂාව නියත වශයෙන්ම සපයා ගත යුතුයි. එසේ නොමැති වුවහොත්, විශාල සෞඛ්‍ය ගැටළු රාශියකට මුහුණ පෑමට ඔබට සිදු වනවා ඇති.

ජලය අපගේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බව සියල්ලෝම පාහේ දන්නා කරුණක්. ඒ නිසාම ජලය රැක ගනිමින් භාවිතා කිරීමටත් සියලු දෙනා පෙළඹිය යුතුයි.

Leave a comment

Comments