මුදල් නෝට්ටු වල ඇති කාබන් පෑන් ඉරි පහසුවෙන් ඉවත් කරන හැටි මෙන්න

දැන් ලංකාවේ හැම කෙනෙක්ම වාගේ දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන. ඒ අනුව සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු මේ මාස 31 වැනිදායින් පසුව ගනුදෙනු වලදි වලංගු නොවන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ වලංගු මුදල් නෝට්ටු හිතාමතාම විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන දඩුවම් පැමිණවීමටද ඉඩ කඩ තිබෙනවා. ඇත්තටම මෙය ගොඩක් හොඳ ක්‍රියාමාර්ගයක් කියලයි අපි නම් විස්වාස කරන්නේ.

කොහොම නමුත් ඔබ සතුව තිබෙන මුදල් නෝට්ටුවකත් පෑනකින් මොනව හරි ලියලා තියෙනවා නම් එය මේ මස 31 වැනිදායින් පසුව අවලංගු නෝටුටවක් බවට පත්වෙනවා. රු 20ක් 50ක් නම් හිත හදා ගන්න පුළුවන් උනාට රු1000ක් 5000ක් වගේ නං ඒක තමන්ටත් ලොකු පාඩුවක්.

එවැනි මුදල් නෝට්ටු තමන් ලග තියෙනවානම් එම කාබන් පෑන් ඉරි මුදල් නොට්ටුවෙන් පහසුවෙන් ඉවත් කරගත හැකි පහසු ක්‍රමයක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.

ගෙදර දොරේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් යොදාගෙන බොහොම පහසුවෙන් ඔබට එම Carbon Ink මුදල් නොට්ටුවෙන් ඉවත් කර ගන්න පුළුවන්. පහත තිබෙන මේ වීඩියෝව ඒ ගැනයි. යූටියුබ් ඔස්සේ නැරබිමටනම් මෙතන ක්ලික් කරන්න.

සමහර විට මෙය අද ඔබට ප්‍රයෝජනවත් නොවුනත්, මේ මස 31 වැනිදායින් පසුව ඔබට වගේම තවත් කෙනෙකුට මේ පිළියම ප්‍රයෝජනවත් විය හැකියි. ඒ නිසා මෙය ෂෙයාර් කරලා ඔයාගේ මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න.

Leave a comment

Comments