ගෑස් අරපිරිමැස්මෙන් භාවිතා කරන විදිහ මෙන්න

වර්තමානයේ පවතින කාර්ය බහුලත්වයත් එක්ක කාන්තාවකට කුස්සියේ ගත කිරීමට ඇති කාලය සීමා සහිතයි. ගොඩක් අය කැමති නැහැ දාඩිය පෙරා ගෙන දර ලිප්වල උයන්න. ඒ නිසයි බොහෝ දෙනෙක් උයන පිහන කටයුතුවලට එල් පී ගෑස් යොදා ගන්නවා. කොහොම වුනත් හැමෝම පාවිච්ච් කරන ගෑස් අරපිරිමැස්මෙන් භාවිතා කරන විදිය ඔබට කියල දෙන්නයි අපි මේ සුදානම් වෙන්නේ.

එහෙමනම් මේ වීඩියෝව බලන්නකෝ.. ඊට අමතරව ගෑස් පරිභෝජනයේ දී අනුගමනය කලයුතු ආරක්ෂාකරී ක්‍රමවේදයන් ගැනත් මේ වීඩියෝවට පහලින් දී තිබෙනවා.

ගෑස් පරිභෝජනයේ දී නිතර ආරක්ෂාකරී පියවර අනුගමනය කරන්න.

L.P ගෑස් පරිභෝජනය දරවලට වඩා ඉතා පරිස්සමෙන් කළ යූතුය. ඇතැම් විට සූළු අත්වැරැද්දකින් ඔබේ ජීවිතය මෙන්ම නිවස ද ඔබට අහිමි විය හැකි. මේ නිසා ගෑස් පරිභෝජනයේදී පිළිපැදිය යූතු මෙන්ම අවධානය යොමූ කළ යූතු ප්‍රධාන අංගයක් ලෙස ආරක්ෂාකාරී බව පෙන්වාදිය හැකිය.

ගෑස් සිලින්ඩර් ප්‍රවාහනයේදී මෙන්ම නිවසේ තැම්පත් කර තබන අවස්ථාවල ද එය උඩ අතට සිටින සේ තැබිය යූතුය. එක් සිලින්ඩරයක් අවසන්ව අලුත් සිලින්ඩරයක් සවිකරන සෑම අවස්ථාවකම රෙගියූලේටරය සහ ගෑස් උඳුන් කරා සම්ප්‍රේෂණය කරනූ ලබන නලය පළුදු වී ඇත්දැයි පරීකෂා කර බැලිය යූතු ය.

L.P ගෑස් වෙළඳාමට නිකුත් කිරීමට ප්‍රථම ඒ හා විශේෂ සූවඳක් මිශ්‍ර කරයි. මේ නිසා ගෑස් කාන්ඳුවක් හොඳින් හඳුනාගත හැක. නිවසේ මූළුතැන්ගෙයි ගෑස් සූවඳක් පැවතිය හොත් එය ගෑස් කාන්දු වීමකි. එවැනි අවස්ථාවක මූළුතැන්ගෙයි දොර ජනෙල් විවෘත කරන්න. ලයිටර් සිගරටි වැනි ද්‍රව්‍ය භාවිත නොකරන්න. ගෑස් සිලින්ඩරය මූළුතැන්ගෙයින් පිටත තබා එහි සිට ගෑස් උඳුනට ලබා ගැනීමට බිත්තිය හරහා නලයක් යොදා ගැනිම ආරක්ෂාකාරී ක්‍රමයකි. එවැනි අවස්ථාවක ගෑස් කාන්දු වූව ද ඒ අවට පරිසරය විශාල නිසා අනතුරු සිදු නොවේ.

ඉහත සඳහන් කළ සංරකෂණ ක්‍රම මෙන්ම ආරක්ෂාකාරී ක්‍රම පිළිබඳ අවධානය යොමූ කරමින් ගෑස් පරිභෝජනය කිරීමට උනන්දු වන්න. එවිට ඔබේ නිවසේ දෛනික ආහාර පිසීමේ කාර්යය සඳහා යොදා ගන්නා ගෑස් සඳහා වන වියදම අඩූ කරගත හැකි වේ. එසේ ඔබ භාවිත කරනූ ලබන ගෑස් සිලින්ඩරය එක් දිනක හෝ දෙකක් වැඩි පූර භාවිත කළහොත් එය ඔබේ ආර්ථිකයට මෙන්ම රටෙි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ද යහපත් බලපෑමක් සිදු කරනු ඇත.

Leave a comment

Comments